IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රටේ ආර්ථිකය කඩා වැටුණේ රජයන් තුනක වරදින්

(ඩයනා උදයංගනී)

රටේ ආර්ථිකය කඩා වැටුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ නොවන බවත්, යුද්ධයෙන් පසු බලයට ආ රජයන් තුනම ඊට වග කිව යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

2009 -2015 කාලය තුල රටේ ණය බර රුපියල් බිලියන 2200 සිට බිලියන 7400 දක්වා වැඩි වූ බව කී මන්ත්‍රීවරයා ඉහල පොලී වලට කෙටි කාලීන වානිජ ණය ගැනීම ආරම්භ කළේ රාජපක්ෂ ආණ්ඩුව බව ද සඳහන් කළේය. 

 මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව දිගින් දිගටම ණය ගනිමින් ආදායම් නොලැබෙන සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළ බවත් එම යටිතල පහසුකම් සංවර්ධනය පිටුපස විශාල නාස්තියක් හා දූෂණයක් තිබූ බවත් ගොඩහේවා මහතා සඳහන් කළේය. 

ඉන්පසු බලයට ආ මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවද පෙර පැවති රජයටත් වඩා නාස්තිය දූෂණය සිදු කළ බවත්, එම කාලයේදී ණය බර රුපියල් බිලියන 7400 සිට රුපියල් බිලියන 13,000 ට වැඩි වූ බවත් හෙතෙම පැවසීය. 

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට මහන්සි වූ කණ්ඩායම් ආර්ථික කළමණාකරන සැලැස්මක් සකසා තිබුණත් ඔහු බලයට ආ පසු සැලැස්ම සකස් කල පිරිස අමතක කර 2015 ට පෙර රටේ ආර්ථිකය කළමනාකරණය කල පිරිසටම ආර්ථිකය බාරදීම නිසා අපේක්ෂිත අරමුණු ඉටු නොවූ බව මන්ත්‍රීවරයා කීවේය. 



අදහස් (8)

රටේ ආර්ථිකය කඩා වැටුණේ රජයන් තුනක වරදින්

Sl Monday, 22 August 2022 11:05 AM

ඔයා කොච්චර 10% පගා අරගෙන තියෙනවාද?

:       4       20

සඳුන් Monday, 22 August 2022 11:25 AM

පාවෙන ඡන්ද ගොඩ වැඩිකරගන්න වැඩ බැරි ටාසන් කෙනෙකුට මේකප් දාපු වියත් මගත් රට ආර්ථිකව බංකොළොත් කිරීමට ඉහලම දායකත්වයක් දුන්නා. ඇමති තනතුරු බදාගෙන එක රැයෙන් පොහොර ගැසට් එක ගසා රට ගිණි අවුලුවද්දී සීනි වංචාව සිදු කරද්දී නිහඬව සිටියා. නැවක් ගිණි ගෙන විශාල සාගර දූෂණයකින් මසුන් මැරෙද්දී මසුන් මැරෙන්නේ වාරකන් නිසා බව කීවෙත් මේ වියතාමයි.

:       1       16

Rohan Perera Monday, 22 August 2022 11:27 AM

ගොඩහේවා හිතන්නේ රටේ මිනිස්සු ගොන්නු කියලා. අපිට දෙන්න අපි කරලා පෙන්නන්නම් කියපු මූලිකයෙක් මෙයා යහාපාලන කාලෙදී.

:       2       18

ravin Monday, 22 August 2022 11:44 AM

තමන්ගේ දායකත්වයත් ඔය ගමන්ම හෙළිකළොත් හොඳයි නේද? අනුන්ට එක ඇඟිල්ලක් දික්කරන විට තමන්ට ඇඟිලි 4ක් දික්වන විත්තිය අමතක වුණාද?

:       0       9

sharm warn Monday, 22 August 2022 11:48 AM

ආ.. ඇත්තද? දැන් කැස්බෑවෝ මැරිලා ගොඩගහන්නේ නැද්ද? ඔයාගෙ කියත් මගෙන් වැරැදි වුණේ නැතුව ඇති නේද?

:       2       15

fairoos Monday, 22 August 2022 12:31 PM

පව් අනේ ගොඨාභය තොත්ත බබා එයා මොකුත් දන්නේ නෑ.

:       1       12

Peduru Monday, 22 August 2022 01:30 PM

යහපාලන රජය ණය වී ඇත්තේ රුපියල් වලින්. එම රජය ජනතාවට දැනෙන වැඩ කොටසක් කළා. නමුත් පැරදුණේ ජාතිය හා ආගම මාකට් කරපු නිසයි. ඊට කළින් රජය ණය වුනේ ඩොලර්වලින්... ඉන් කොටසකින් සුදු අලි බිහිකර වැඩි කොටසක් සාක්කුවට ගියා. මේ පසුගිය රජය ගජ මිතුරන්ට බදු සහන දීම නිසා රජයට ආදායම නැතිවුණා. මේ කියන්නේ රජයේ විගණකාධිපති. මේක නොතේරෙන ආචාර්යකම් මොකටද?

:       7       10

විපරමා Monday, 22 August 2022 04:39 PM

රටේ ආර්තිකය මුලුමනින්ම කඩා වැටිලා ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ කෙරුවේ දූෂිත රාජපක්ෂ පවුල් පාලනේ අයගේ සහ වටේ හිටපු දූෂිත දේසපාලුවන්ගේ කෙරුවාවල් නිසා.මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කෙරුවේ කවුද කියලා රටම දන්නවා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site