ජනවාරි අටවෙනිදා මහින්ද රාජපක්ෂ පරාජය කරමින් සිදුකළ පෙරළියෙන් පසු රට අඳුරු යුගයකට ඇදගෙන යාමට සූදානම් වෙතැයි ද ඊට එරෙහි සියලු බලවේග ඒකරාශී වී දහසක් මල් පුබුදුවා රට නිදහස් කරගැනීමේ ජාතික මෙහෙවරට ඉදිරිත් වීම කාගේත් යුතුකමක් යැයි ද පාඨලී චම්පික අරලියගහ මන්දිරයේ දී කීවේය.
රාජිත සේනාරත්න කතා කරමින් රනිල් වික්‍රමසිංහ අගමැති සමග ලංකා ඉතිහාසය යළි ලියන යුගයක් උදාකිරීමට පෙරමුණ ගන්නැයි රටට හිතවත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව රාජිත කියයි. ඩී.එස්.සේනානායක මහතාගෙන් පටන්ගත් නිදහස් යුගයේ මල්ඵල පුබුදුවාලන්නට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ සහයෙන් හිටපු ජනාධිපති පරාජය කරන්නට හැකි වූයේ යැයි ද දින සියයේ දී ජීවිත පරිත්‍යාගයෙන් 19 වැනි සංශෝදනය ගෙන එන්නට ගත් උත්සාහය ගැන රනිල් වික්‍රමසිංහ මහතා පැසසිය යුතුයැයි ද ඒ මහතා කීවේය.
‘‘ අපිට මෙය පුද්ගලිකව අවාසියක්. නමුත් අපි මේ රටේ දේශපාලනයට ආවේ රටට වැඩක් කරන්න. මන්ත්‍රී ධුර අරගෙන නොවෙයි. මේ ලාංඡනය තාවකාලිකයි. අපිට මේ ලාංඡනය වෙනස් කරන්න පුලුවන් වුනේ නැහැ. මේ තීරණය අවසන් මොහොතේ ගත්තු නිසා. ඒ නිසා අපි යහපාලනය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකයත් එක්ක අනික් සියලු බලවේග එකතු කරගෙන එන්න අපි හිත හදාගත්තා. සියලු බලවේග මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආශිර්වාදය ඇතිව අපි මේ වැඩේ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා අපි අලුත් ආණ්ඩුවක් හදන්න සෑහෙන පිරිසක් කඳවුරු බැඳගෙන මෙතනට එනවා. උගත් බුද්ධිමත් වැදගත් දේශපාලකයන් එකට එකතු වෙනවා. අපි ඉදිරියට යන්නේ මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලන්නේ ජනතාව ජනවාරි 08 දා දුන් වරම ඉදිරියට ගෙන යන්න අපිට වරම දෙන්න කියලා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් එකතු කරගෙන අපිට කරගන්න බැරිවුණු 20 වැනි සංශෝදනයත් සම්මත කරගෙන ඉදිරියට යන්න අවස්ථා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපිට හොරු මැරයන් වංචාකාරයන් නැති පිරිසිදු මිනිසුන්ට එන්න පුළුවන් මැතිවරණ ක්‍රමයක් හදන්න අපි වැඩ කරනවා. දවස් 100 දී විශාල වැඩක් කළා. අපි විශාල ආර්ථික ප්‍රගතියක් ප්‍රතිසංස්කරණයක් ඇති කළා. අපි මාධ්‍ය නිදහස ස්ථාපිත කරා. බියක් සැකක් නැතිව නිදා ගන්න පුළුවන්. සුදු වෑන් ඇවිත් පැහැරගෙන යන්නේ නැහැ. මේ විදියට කන්න. මේ විදියට යාඥා කරන්න කියලා කවුරුවත් කිව්වේ නැහැ. පීඩාවට පත්ව සිටින හැම මිනිහෙක්ම අද ජීවත්ව සිටිනවා. පිවිතුරු දේශයක් හදන්න අපිට වරම් ලැබෙන බව අපි දන්නවා. ජය ඒකාන්තයි. ජනවාරි 8 වැනිදා ලබාගත් ජයග්‍රහණය ආපසු හරවන්න දෙන්නේ නෑ. අපට කරගන්න බැරිවුණ 20 වැනි සංශෝධනය අලුත් පාර්ලිමේන්තුවෙන් අපි කරන්න බලාපොරොත්තුවෙනවා. මේ තිරිසන් මැතිවරණ ක්‍රමය වෙනුවට නියම ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවට ගෙන එන මැතිවරණ ක්‍රමයක් අපි ඇතිකරනවා. ගමේ වෙද මහතා, ඉස්කෝලේ මහතා සරම බැනියම ඇඳපු නියම ජනතා මනස හඳුනන පිරිස යළි පාර්ලිමේන්තු ගෙනෙන යුගය අපි ඇතිකරනවා.“
රවුෆ් හකීම් මහතා
‘‘දින 105 ආණ්ඩුවේ අගමැතිවරයා හැටියට හිටපු රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැති කිරීමේ ව්‍යාපාරයක් ලෙසයි මම මෙය දකින්නේ. දූෂණය භීෂණය පරාජය කළ මේ බලවේගය යළිත් පරාජය කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරද්දී අපිත් එක්ක එකතු වී ජනවාරි 08 ජයග්‍රහණය රැකගනිමින් ඉදිරියට යන්න මේ ආකාරයෙන් එකතුවීම ගැන විශාල සතුටක් තිබෙනවා. නොයෙකුත් මත ගැටුම් තිබෙනවා. නමුත් යහපාලනය සඳහා වූ සංහිදියාවට කිසිදු බේදයක් නැහැ. “
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
“රට අඳුරු යුගයට යන්න දෙන්නේ නෑ“
ටෙරාන් Sunday, 12 July 2015 10:10 AM
අපි ඔබ සමඟයි (නි)
ඩුන්ගු Monday, 13 July 2015 06:42 AM
රටේ හා ජනතාවගේ වාසනාවට සිදුවූ දෙයක්, සියලු දෙනා බුද්ධිමත්ව කටයුතු කළ යුතු වෙලාවක්. රටේ ජනතාව හරි දේ සඳහා චන්දය පාවිච්චි කරනු ඇතැයි ප්‍රර්ථනා කරමි. (ම)
පිවිතුරු යහපාල Monday, 13 July 2015 12:25 AM
ඔහොම එන්නකෝ..නියම පිරිමි වගේ..මේ ප්‍රතිවාදියාට මාර්ග බාධක දාල තනියෙන් දුවල දිනන්න හදන වැඩ නොකර..දැන් අපි හැප්පිලා බලමු..62 ද 58 ද කියල..දැන් අපිට පෙන්නන්න ජනවාරි 8 ප්‍රතිපලය සැබෑ ප්‍රතිපලයක් මිස කුමන්ත්‍රණයක් නෙමෙයි කියල..(නදී)
ප්‍රසන්න Sunday, 12 July 2015 06:34 AM
මහා බැංකුව පරිස්සන් කරගන්න හොදේ (අ)
පිවිතුරු යහපාල Sunday, 12 July 2015 01:27 PM
ඔන්න ඔහොම එන්නකෝ (නි)
මර්වින් Sunday, 12 July 2015 07:06 AM
හොඳ අරමුණු. ක්‍රියාවට නංවන එක තමයි ඊළඟ කාරිය. (බ)
විජයබාහු Monday, 13 July 2015 09:13 AM
එක ජාතියේ කුරුල්ලෝ දැන් එක ගොඩේ. දැන් පුලුවන්නම් පෙන්නන්න ලක්ෂ 62 තම තියනවද කියලා (ම)