(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදේශයන්හි රැකියාවල යෙදී සිටින ශ්‍රී ලාංකිකයන්ට (රට විරුවන්ට) තමන්ට අවශ්‍ය වාහනයක් ඒ අය උපයන ඩොලර්වලින් බදු මුදල් ගෙවා මෙරටට එවීම සඳහා වසරක සහන කාලයක් දීමට සලකා බලන බව මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් තිබේදැයි විමසූ අවස්ථාවේදීය.
කොවිඩ් සමග රට මුහුණදී සිටින්නේ අස්වාභාවික තත්වයකට බවත් මේ සියලුම අභියෝග මැඩගෙන සෑම පාර්ශ්වයකටම ලබාදීම උපරිම සහන ලබාදීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.
පවතින තත්වය හමුවේ මෝටරථ ක්ෂේත්‍රයේ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දී සිටින බව පිළිගන්නා බවද කබ්රාල් මහතා පැවසුවේය.
මෙහිදී අදහස් දැක්වූ දැක් වූ ප්‍රේමනාත් දොලවත්ත මහතා පැවසුවේ රටවිරුවන් එරට හම්බකරන ඩොලර්වලින් වාහන මිලදීගෙන බදු ගෙවා මෙරටට එවුවහොත් ශ්‍රී ලංකාවේ මුදල් පිටට යෑමක් සිදු නොවනු ඇති බවයි.
එමගින් මෙරට විදේශ මුදල් සංචිතය තවත් ශක්තිමත් වනු ඇතැයිද ඔහු පැවසුවේය.
රටේ වාහනවල මිල අස්වාභාවික ලෙස වැඩි වී ඇතැයිද ප්‍රේමනාත් දොලවත්ත මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

COMMENTS
මෙහිදී අදහස් දැක් වූ ප්‍රේමනාත් දොලවත්ත මහතා පැවසුවේ ,රටවිරුවන් එරට හම්බකරන ඩොලර්වලින් වාහන මිලදීගෙන බදු ගෙවා මෙරටට එවුවහොත් ශ්‍රී ලංකාවේ මුදල් පිටට යෑමක් සිදු නොවනු ඇති බවයි. එමගින් මෙරට විදේශ මුදල් සංචිතය තවත් ශක්තිමත් වනු ඇතැයි ද ඔහු පැවසුවේය. මේ දේවල් සිදුවූ සහ සිදුවෙන ක්‍රියාවලිය අපි දැනුවත්, 69 ලක්ශයක් බත් කන හරක් උනාට තවම බත් කන මිනිසුන් කොටසක් මෙහි සිටින බවත් සිතන්න. සල්ලි යන්නෙත් ,මෙහෙන් බදු ගෙවන්නෙත් මෙහෙන්. නියම කාසි සේදීම නේද මහත්තයො.--!!
එතකොට අපි සල්ලි ගෙවල වාහනේ අරන් ඩොලර් වලින්ම බදුත් ගෙවලා වාහන ලංකාවට එවන්න ඕනේ .පාර්ලිමේන්තුවේ ඉන්න හරක් රැල වාහන බද්දෙන් නිදහස්.මේවානම් මොළ නෙවේ .
ඒක මාර කතාවක්නේ... මේ අය හිතන් ඉන්නේ රට විරුවෝ කියන්නේ අමු හරක් කියලද?
මේ කාරණාව ටිකක් පැහැදිලි මදි... අපි පිටරටක ඉඳන් වාහනයක් ගන්නවා නම් ගෙවන්නේ ඩොලර්වලින් හෝ යූරෝවලින් අපි උපයන මුදලින්. අපි වාහනයක් මෙහෙන් අරගෙන ලංකාවට එව්වාම ලංකාවට ඩොලර් ලැබෙන්නේ කොහොමද? ඩොලර් ලංකාවෙන් පිට නොයාමක් නම් වෙනවා. එහෙම නැත්නම් කරන්න ඕනෑ පිටරටක සිට ලංකාවේ බැංකුවක් වෙත එවන ලද ඩොලර් ප්‍රමාණයට සමාන වටිනාකමකින් යුත් වාහනයක් එම බැංකු ගිණුම් හිමියාගේ නමට පමණක් වන පරිදි ආනයනයට ඉඩදීම සහ එම වාහනය අවු.5 කට විකිනීම තහනම් කිරීම. වැට් බදු පමණක් අයකළ යුතුයි. ලංකාවට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය ගණන් බැලීමේදී අවම වශයෙන් අවුරුදු 10ක කාල සීමාවක බැංකු ගනුදෙනු සලකා බලන්නේ නම් හොඳයි. එහෙම වුණොත් අපි ලංකාවේ බැංකු වලට සල්ලි එවනවා. මම අවුරුදු 7ක් තිස්සේ සල්ලි එව්වා.. දැන් අවු.4ක් වෙනවා මම සල්ලි අතේ අරන් ඇවිත් කලුකඩෙන් මාරු කරනවා. මොකද රු.4ක් හෝ 5ක් වැඩිවුණාම යූරෝ 10000ට රු.50000ක්. පිටරට වලින් යූරෝ ඩොලර් එවන මිනිසුන්ට මේ ආණ්ඩු මොනවද කරලා තියෙන්නේ?
මේ ආණ්ඩු මොනම දෙයක්වත් පිටරටවලින් යූරෝ ඩොලර් එවන අපිට කරලා නැහැ. ඒ වුණාට තියෙනවා එක එක සමිති නම් අටවාගෙන. ඒවට එකඑක කාලෙට දේශපාලුවන් ඇවිත් ලෝකයේ නැති පොරොන්දුත් දීලා යනවා. ලංකාවේ ඉන්න කිසිම කෙනෙකුට වඩා ලංකාවට යූරෝ ඩොලර් එවන අපිට තියෙනවා අයිතියක්... අපි හම්බකරන සල්ලිවලින් ඩියුටි ෆ්‍රී වාහනයක් ගේන්න. අපි මෙහෙන් වාහනයක් ගන්න ලංකාවේ තියෙන යූරෝ ඩොලර් පිටරටට අදින්නේ වත්, යවන්නේ වත් නැහැ. අපි මෙහෙ හම්බ කරලා, මෙහෙ තියෙන සල්ලිවලින් ගන්න දෙයක් ගන්නේ. ඒ වුණාට බලන්න ඕන නිකන් හරි 52'' රූපවාහිනියක් ගෙනාවොත් රේගුවේ සත්ගුණවත් කට්ටිය දුවගෙන එන්නේ TV පෙට්ටිය දැක්කම බදු ගහන්න. ආයෙත් කියනවා ලංකාවේ ඉන්න සහ වැඩකරන සියලුම දෙනාට වඩා ශුද්ධ අයිතියක් පිටරටවල වැඩකරන අපිට තියෙනවා.. ඩියුටි ෆ්‍රී වාහනයක් ගේන්න. අපේ අයිතිය මේ කිසිම ආණ්ඩුවකින් දුන්නේ නැහැ...
රට විරුවන්ට ඩොලර්වලින් බදු ගෙවලා වාන ගෙන්වන්න දෙනකොට පාර්ලිමේන්තුවේ අපතයින් 225 දෙනාට බදු රහිත වාහන... අනේ නිකන් යන්න.
එවන මුදලට සාපේක්ෂව බදු සහන දුන්නා නම් ඩොලර් පිරෙයි. අඩුවෙන් එවන අයට අඩු තරමින් මෝටර් සයිකලයක් ගන්න. බලේ තියෙනකොට මොලේ යට..
නිරෝධායනය කරන්න කියලා රට විරුවගේ මුදල් ගසා කෑවා... දැන් තව බොරුවක් කියනවා. මම හිතන්නේ ඡන්දය ළඟ ඇති.. අපි මෙදාපාර ඔය බොරු වලට අහු වෙන්නේ නැහැ. කාර් නැති වුණත් කමක් නැහැ... ලබන ඡන්දෙදී ඔබලාට මතක හිටින්න හොඳ පාඩමක් උගන්නමු...
අදහස හොඳයි. පැහැදිලි මදි.. සම්පූර්ණ විස්තර දාන්න. වාහන වර්ගය, ටැක්ස් ගෙවන මුදල වගේ දේවල්... ස්තුතියි..
ඇත්තම කියනවා නම්, මේ වගේ ගොන් කතා කියන අයට පිස්සුද? එහෙම නැත්නම් මේ ගොන් කතා අහන අපිට පිස්සුද කියලයි මම මේ කල්පනා කලේ? හැබැයි ඉතින් පිටරට ඉඳගෙන රට තණකොළ කන අයට නම් මේ වගේ කතා ඇහෙද්දී කිරි එරෙනවා ඇති... මොන රටේ හිටියත් ඔර්ජිනල් ශ්‍රී ලන්කන් පාට්ස්නේ ඉතින් ඔලුවේ වැඩ කරන්නේ...
රට හිටපු අපිත් ඩොලර් ලක්ෂ ගණනින් මේ රටට එව්වා.. තවමත් ඒ සල්ලි වලින් වාහන ගෙන්න ගත්තේ ඔහෙලා...