IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රොටරි සභාපතිනිය දිවයිනට

(ටී.කේ.ජී.කපිල)

ජාත්‍යන්තර රොටරි සංවිධානයේ සභාපතිනී ජෙනිෆ ජෝන්ස් (Jennifer Jones) මහත්මිය සිව් දින නිල සංචාරයක් සදහා අද සවස දිවයිනට  පැමිණියාය.

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා රොටරි සංවිධානයේ නිලධාරීහු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

ලෝකයේ රටවල් 210 ක සාමාජිකත්වය හිමි මෙම ජාත්‍යන්තර රොටරි සංවිධානයට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ආසනයක් ද හිමි වී තිබේ.

ඇයගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන්  සමරු මුද්දරයක් නිකුත් කිරීමට නියමිතය.

මෙම සංචාරය තුළ ඇමෙරිකානු ඩොලර් දශ ලක්ෂයක් වටිනා ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පිරිනැමීම, ශ්‍රී ලාංකික සිසුන් 500 ක් සදහා පිලිපීනයේ විශ්ව විද්‍යාලයක තොරතුරු තාක්ෂණවේදය හැදෑරීම සදහා ශිෂ්‍යත්ව යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී පිරිනැමීම , රොටරි සමාජය  ඉදි කර පරිත්‍යාග කළ පිළිකා හදුනා ගැනීමේ මධ්‍යස්ථානය නිරීක්ෂණ චාරිකාවක නිරත වීම සහ එම රෝහලට අවශ්‍ය නවීනතම උපකරණ සහ එන්නත් පරිත්‍යාග කිරීම සහ කොළඹ කොටස් වෙළෙඳ පළ තුළ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට ද නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අනෙකුත් ඉහළ රාජතාන්ත්‍රිකයන් සහ ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

ජෙනිෆ ජෝන්ස් මහත්මිය වසර 25 ක් ඉපැරැණි සුප්‍රකට කැනඩාවේ ඔනටාරියෝ හි මීඩියා ස්ට්‍රීට් ප්‍රොඩක්ෂන් ( Media Street Production ) මාධ්‍ය ආයතනයේ සභාපතිනිය ද වේ

මෙම සංචාරය සාර්ථක කර ගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ද සහාය දක්වා තිබේ .

ජෙනිෆ ජෝන්ස් මහත්මිය සමග ඔහුගේ සැමියා  ඇතුළු පිරිස පැමිණ ඇති අතර ඔවුන් ලබන 15 වැනි දා තෙක් රැඳී සිටිනු ඇත. ජොනිෆ ජෝන්ස් ඇතුළු පිරිස ඉන්දුනීසියාවේ ජාකර්තා බලා පිටත්ව යාමට නියමිතය .



අදහස් (0)

රොටරි සභාපතිනිය දිවයිනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site