IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


රටපුරා හදිසි නීතිය පනවයි

 

(යොහාන් භාසුර,මනෝප්‍රිය ගුණසේකර සහ ළහිරු හර්ෂණ )

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

රටේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහාත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහාත් හදිසි නීතිය පැනවූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.

 



අදහස් (16)

රටපුරා හදිසි නීතිය පනවයි

කිරි පුතා Friday, 06 May 2022 10:48 PM

රටතුළ පාලනයක් තිබිය යුතුයි. වැරැදි දේශපාලකයින් පාඩමක් ඉගෙනගත යුතුයි තමයි. පාලනය නිවැරදි මාවතකට යොමු විය යුතුයි. ඒ අතරම රට අරාජික වුවහොත් අතන මෙතන ඉන්න හැම කෙනාම රජ වෙන්න හදනවා. රට තවතවත් වට්ටලා වල දාන්නම හදනවා කට්ටියම එකතුවෙලා..

:       3       2

MO77 Friday, 06 May 2022 10:57 PM

දැන් මෙයා යන්නේ යුද්ධ හමුදාව දාලා මර්ධනය ක්‍රියාත්මක කිරීමටයි. දැන් සැපයි.

:       0       3

Rata Perata Friday, 06 May 2022 11:04 PM

රටේ යහපැවැත්ම තියාගන්න ඕවා කරන්න ඕනෑ නෑ... ඉල්ලා අස්වෙන්න.

:       0       3

siri Friday, 06 May 2022 11:11 PM

හමුදාව යොදවා පහර දෙන්න ගියොත් වැඩේ තවත් දුරදිග යන්න පුළුවන් මහත්තයෝ. මේ හැප්පෙන්නේ වැරදි පරම්පරාවක් එක්කයි.

:       0       5

සමිත සේනක අලුත්ගමගේ. Friday, 06 May 2022 11:21 PM

හදිසි නීතිය දැම්මාට එය පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම තමයි ඉතා වැදගත් වන්නේ. රටේ ජනතාවට තියෙන අනේකවිධ ප්‍රශ්න සහ දුක්පීඩා ඉවසාගත නොහැකි තැන පාරට බැස්සාම හදිසි නීතිය දමා හරියන්නේ නැහැ. මේ පාරට බැස තියෙන්නේ, බඩගින්න හා ආර්ථික ප්‍රශ්නවලට නිසි විසඳුම් දීමට රජය අපොහොසත් වීම නිසා බව රහසක් නොවෙයි. පසුගියදා දැමූ හදිසි නීතියත් අකුලා ගන්නට සිදුවුණා මතකයි. රට වැටී ඇති මේ බිහිසුණු බංකොළොත් අවස්ථාවේ ඉතිරිව තියෙන සොච්චම් මුදල් ටික, නිකරුනේ පාර්ලිමේන්තුව රැස්කොට නැතිකර දැම්මා. ඉතිරි කොටස සන්නද්ධ හමුදා සඳහා වියදම් කොට දමනවා. විකාර වැඩ නවතා, බඩු මිල අඩු කරන්න. ගෑස් හා තෙල් පෝලිම් නවතා ජනතාවට සහන සැලසීමට පියවර ගන්න. එවිට මහජන උද්ඝෝෂණ බැලුම් බෝලයේ හුළං ගියා සේ නතරවේවි. කළයුත්ත පසෙක තබා වෙනත් අනවශ්‍ය දේ කිරීමෙන් ප්‍රශ්නවලට පිළිතුරු ලැබේ යැයි නොසිතන්න.

:       0       4

Kasun Friday, 06 May 2022 11:29 PM

අයියෝ ගෝඨාභය සර්..! මම ඔබට ආචාර කරනවා... මොකද මම දන්නවා ඔයා ඉක්මණටම ඕක රිවර්ස් කරනවා කියලා.

:       0       4

Ruwan R Friday, 06 May 2022 11:45 PM

මෙයා දන්නේ හමුදාව කැඳවන්නයි, හදිසි නීතිය දාන්නයි විතරයි.

:       2       2

K Perera Friday, 06 May 2022 11:55 PM

හදිසි නීතිය..! ජනතා බලය ඔය සේරටම යටයි. තවත් මේ රටට පව් නොදී තොළොංචි වෙන්න.

:       0       4

ජගත් ලියනගේ Saturday, 07 May 2022 12:14 AM

දැන් නම් මොලය හොඳටම කුරුවල් වෙලා...

:       0       2

Saman Saturday, 07 May 2022 12:49 AM

බොහොම හොඳ දෙයක් කළේ... මොකද ඔයාගේ 69 ලක්ෂයට පේන්න එපැයි, පුහුල් හොරා කරෙන් දැනේ කියන එක... දැන් ඉතින් රජයේ අවසන් ගමන නවත්වන්න බෑ.

:       1       6

Shan Saturday, 07 May 2022 05:41 AM

දෙන්නේ නැතිව ඉන්නවද?

:       1       3

Sarathkuru Saturday, 07 May 2022 06:29 AM

රටේ ආර්ථික ප්‍රශ්නය විසඳීමට පුළුවන් කියලා හිතනවාද?

:       1       6

චමින්ද Saturday, 07 May 2022 06:33 AM

දන්නෙම එච්චර තමයි. වෙලාවක හමුදාව කැඳවීම කරනවා. තවත් වෙලාවක හදිසි නීතිය දානවා. මෙහෙම කරන්න උපදෙස් දෙන අයට මොංගල්ද මන්දා..? ජනතාව කියන දෙයක් තේරුම් ගන්න බැහැමයි.

:       2       7

LGPJ Saturday, 07 May 2022 07:34 AM

ඊළඟ පියවර තමයි ඇඳිරි නීතිය. කෙසේවෙතත් මහජනතාව උග්‍ර ලෙස පීඩාවට පත්කරනවා.

:       1       7

Bamunuarachchi Saturday, 07 May 2022 10:25 AM

බොහොම හොඳ වැඩක්...

:       22       3

Sisil Saturday, 07 May 2022 02:48 PM

ජනාධිපති හිතාගෙන ඉන්නේ ලංකාව තියෙන්නේ වෙනම ග්‍රහලෝකයක කියලා වෙන්න ඇති. සිංහයින් කියලා හිතාගෙන මහජනතාව පත්කරගත්තේ නියම හරක් පට්ටියක්.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 496 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 305 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site