(අංජුල මහික වීරරත්න)
ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් හෙට (01) සියලුම ළමයින්ට හා අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට සත්වෝද්‍යාන වලට නොමිලේ ඇතුළු වීමට හැකි බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ලෝක ළමා දිනය මෙන්ම ලෝක වැඩිහිටි දිනය ද ඔක්තෝබර් 01දිනට යෙදී තිබේ.
මෙම දිනය සමරමින් පාසල් දරුවන්ට හා අවුරුදු 60 ඉක්ම වු වැඩිහිටියන්ට සියලුම සත්වෝද්‍යානවලට නොමිලයේ ඇතුලු වී විනෝද වීමට අවස්ථාව සළසන්නැයි කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
ඒ අනුව සියලුම සත්වෝද්‍යානවලට දරුවන්ට හා වැඩිහිටියන්ට නොමිලයේ ඇතුල් වීමට අවස්ථාව ලබා දීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබේ.
එමෙන්ම මෙම සත්වෝද්‍යානවල දී දරුවන්ට සතුන් පිළිබඳ අධ්‍යාපනික දැනුම ලබා දීමට අධ්‍යාපනික වැඩ සටහන් රැසක් සංවිධානය කර ඇති අතර දරුවන්ට හා වැඩිහිටියන්ට විනෝද වීමට අවස්ථාව ලබා දෙමින් සතුන්ට ආහාර දීමට හා සතුන් සමග ඡායාරූප ගැනීමට ද අවස්ථාව සලසා දී ඇත.
සත්වෝද්‍යාන වෙත පැමිණෙන දරුවන්ට විස්කෝතු වර්ග හා අයිස්ක්‍රීම් නොමිලයේ ලබා දීමට ද අනුග්‍රාහක ආයතන රැසක් මෙවර ඉදිරිපත්ව සිටින බව ද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
2025 දෙසැම්බර් මස 18
319
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටපුරා සත්වෝද්‍යානවලට හෙට ඇතුළුවීම නොමිලේ
සඳුන් Friday, 30 September 2022 10:30 AM
හෙට දියවන්නාවත් ඇරලද?
ලක්සිරි පැරිස් Friday, 30 September 2022 02:27 PM
රට කාපු සත්තු බලන්නද ?
Pradeep Kumara Friday, 30 September 2022 11:50 AM
ඔය නොමිලේ ලබාදෙන විස්කෝතු සහ අයිස්ක්‍රීම්වල කල් ඉකුත්වීමේ දිනය ගැන සැලකිලිමත් වෙන්න. ගොඩක් නිෂ්පාදන ආයතනවල කල් ඉකුත් වූ සහ කල් ඉකුත්වීමට ඉතා ආසන්න මෙවැනි ආහාරද්‍රව්‍ය ගොඩගැහිලා කියලා දැන ගැනීමට ලැබුණා.
ChinthakaFriday, 30 September 2022 02:18 PM
ඒක ඇත්ත, පහුගිය දවස්වල, විශේෂයෙන් බිස්කට් මිල සීඝ්‍ර ලෙස ඉහළ දමනු ලැබුවා... එමගින් ඔවුන්ගේ වෙළඳාම සැලකිය යුතු මට්ටමින් පහළ වැටුණා.