IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


රටින් ගේන සැප භාණ්ඩ 600 ක බදු වැඩිවෙයි?

(සුජිත් හේවාජුලිගේ )

මෙරටට ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය  ඇතුළු  අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ තවත් හයසීයක (600) බදු වැඩි කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා  රජයෙන් ඉල්ලීමක් කර ඇත.

ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ එම සුඛෝපභෝගී භාණ්ඩ  පිළිබඳ සම්පූර්ණ ලේඛනයක්ඉදිරිපත් කරමිනි.

රටේ මූල්‍යමය ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇති බව එහි ආරංචිමාර්ගවලින් පැවසේ.

මේ අනුව  එම භාණ්ඩ ආනයනය අධෛර්යමත් කිරීම සඳහා ඒවා මත පනවනු ලැබ ඇති  බදු යම් පමණකින් හෝ  වැඩිකිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි දැනගන්නට ඇත.

අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ  තවත් තිබේදැයි ශ්‍රී ලංකා මහ බැංකුව මේ දිනවල  කරුණු අධ්‍යයනය කර ගෙන   යන බව වාර්තා වේ.

මේ අතර තෝරාගත් අත්‍යාවශ්‍ය නොවන හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීමට ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  පසුගිය කාලයේදී ප්‍රකාශයට පත් කරනු ලැබීය.

 

 

 

               

 

 

 

 



අදහස් (19)

රටින් ගේන සැප භාණ්ඩ 600 ක බදු වැඩිවෙයි?

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 26 February 2022 10:27 AM

වර්තමාන මහබැංකුවේ අධිපති බදු වැඩිකොට ආදායම් ලබාදෙන්න දක්වන්නේ පුදුම දක්ෂතාවක්. ඒත්, රටකට මෙවැනි තනතුරක් දරන්නෙකුගෙන් සිදුවිය යුත්තේ, රටේ ජනතාව බදුබරින් හා පීඩනයෙන් මිරිකා මුදල් ඉපැයීම නොවේ. සුදුසු ආදායම් මාර්ග උත්පාදනය කොට රටට ජනතාවට සේවයක් කොට රජයට සාධාරණ මුදලක් ඒ තුළින් උපයා ගැනීමයි. ඒත්, වර්තමාන සභාපති උන්නාන්සේට හැකි වන්නේ බදුබර වැඩිකිරීම පමණයි. නිල්, කොළ, රතු ආදී සියලු දේශපාලන අංශ බලයට ඒමට කටයුතු කරනවා විනා රටේ ජනතාවගේ ප්‍රශ්න හා දුක සැබෑ වුවමනාවකින් රජය හා සාකච්ඡා කරනා බවක් නොපෙනේ. රජයේ කුමන වරදක් හෝ අඩුපාඩුවක් අල්ලාගෙන තම අරමුණු ඉටුකර ගැනීමට වෙර වැඩීම ඔවුන්ගේ සිරිතයි. එහෙත්, සිදුවිය යුත්තේ අවංකවම රටේ ජනතාවගේ ගැටළුවලට විසඳුම් සෙවීමට කටයුතු කිරීමයි. එවන් දේශපාලනඥයින් අන් රටවල සිටියද මේ රටේ එවැන්නන් විරලයි...

:       3       46

කිරි පුතා Saturday, 26 February 2022 10:30 AM

රටට අවශ්‍ය දේවල් හැකිතරම් රටේම නිෂ්පාදනය කරගන්න උත්සාහ කිරීම තමයි බොහෝ වැදගත්...!

:       15       17

Asanga Saturday, 26 February 2022 11:43 AM

සුඛෝපභෝගී භාණ්ඩ අපි නෙවෙයි පාවිච්චි කළේ.. ඔබතුමන්ලාගේ පැලැන්තියේ අයයි.

:       0       96

ගොවිරාළ Saturday, 26 February 2022 12:15 PM

පොහොර නැතුව වී අස්වැන්න අඩුවුණොත් හාල් කියන්නේ සැප භාණ්ඩයක් වේවි... ඒකට මොකද කරන්නේ? බදුගහලා මිනිස්සු කුසගින්නේ තියනවාද? (එහෙම නැතත් කිලෝවක් රුපියල් දහසක් ඉක්මවා යන හාල් වර්ගත් රටට ගේනවා නේද? ඒවා සැප භාණ්ඩවලට අ‍යත් නැද්ද?

:       2       46

kamal Saturday, 26 February 2022 02:01 PM

69 ලක්ෂය ඉල්ලලා අතීසාරෙ හදා ගත්තනේ... දැන් ඉතින් අතීසාරෙට අමුඩෙ ගැසීම තමයි ජාතික ක්‍රීඩාව...

:       3       33

sugath Saturday, 26 February 2022 02:53 PM

රට කර මුලට ණය වෙලා තිබුණත් V8 වාහන පදින්නේ මෙතුමාගේ පැලැන්තියේ උදවියනේ... ඔය කියන සැප භාණ්ඩ සාමාන්‍ය මිනිස්සු කොහොමත් පාව්ච්චි කරන්නේ නැහැ...!

:       1       46

Don perea Saturday, 26 February 2022 03:12 PM

ටයි එකයි, කෝට් එකයි දෙකම එංගලන්තයේ... රටේ මීහරක් ඉන්නකන් හොඳයි...

:       0       46

සංහිද Saturday, 26 February 2022 03:39 PM

දුප්පතාගේ පරිප්පු ඇටේ ඉඳලා බදු ගහලා කරන්න තියෙන හොරකම් ඔක්කොම කරලා මේ රට විනාශ කරන එවුන් කුණු වෙලා තමයි මැරෙන්නේ... කවදා හරි මේ රටේ දුප්පතුන්ගේ සාපය නුඹලාට වදිනවාම තමයි..?

:       1       38

BamunuarachchiSaturday, 26 February 2022 07:26 PM

ගොන් පාට් එපා සහෝදරයා...

:       27       2

සංහිද Saturday, 26 February 2022 08:00 PM

නාකි බයියන්ට කඩේ යන එවුන්ට දුප්පත් මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නෑ..

:       1       23

Lalith M Saturday, 26 February 2022 08:36 PM

බමුණු මත කල් ඉකුත්ව ගිය පාරිභෝගික භාණ්ඩ වගේ. අවලංගුයි. තේරුම් ගන්නවත් ඛැරි තරම් අවුට් වගේ...!

:       1       21

BamunuarachchiSunday, 27 February 2022 07:00 AM

සංහිද තව ගොන් පාට එකක් දැම්මා වගෙයි. මේ නාකි නැතිනම් රට කරන්න ඉන්නේ කව්ද කියන්න පුළුවන් නම්...? ඔට්ටුයි බැහැ. සජිත්ට පුළුවන්ද රනිල්ට පුළුවන්ද? ඉතින් රටක් හදන්නේ කොහොමද? ජෙප්පෝ පළාතකට එන්නේ නැහැ.

:       5       0

BamunuarachchiSunday, 27 February 2022 07:04 AM

ලලිත් අපි මේවා තේරුම් අරගෙන බොහොම කල්. ඔයගොල්ලෝ මෙතන ගොබ්බ කතා කිව්වාට මම අහන එක ප්‍රශ්නයකට උත්තර දීලා තිබෙන්වාද? විරුද්ධව කරුණු දක්වලා තිබෙනවද?

:       5       0

Bamunuarachchi Saturday, 26 February 2022 07:25 PM

මොනවද මේ අත්‍යාවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ තවත් හයසීය (600)?

:       3       8

jagathSunday, 27 February 2022 05:24 AM

කොණ්ඩෙට දාන ඩයිනම් ඔය ලිස්ට් එකේ නැහැ. ඒක ෂුවර්...

:       0       4

ලංකෝනිස්Sunday, 27 February 2022 06:13 AM

බෙහෙත්, ඉන්ධන, සහල්, රෙදි, කුඩා ප්‍රමාණයේ වාහන, ඔන්ලයින් ගතහැකි දුරකථන, ගොවි උපකරණ, අධ්‍යාපනයට අවශ්‍ය දේවල්, කීපයක් පමණයි..

:       0       3

Perera Saturday, 26 February 2022 11:47 PM

ආර්ථික විද්‍යාව ගැන මෙලෝ හසරක් දන්නේ නැති කෙනෙක් මෙයා.

:       0       2

sampath Sunday, 27 February 2022 12:43 AM

අත්‍යාවශ්‍ය නොවන කියලා දෙයක් නැහැ.. අත්‍යාවශ්‍ය නිසයි මිනිස්සු සල්ලි දීලා ගන්නේ.. නමුත් විදේශ පලතුරු, සතුන්ගේ කෑම, විසිතුරු භාණ්ඩ වගේ දේවල් පාලනයක් කෙටිකලකට කිරීම සුදුසුයි.

:       1       2

fairoos Sunday, 27 February 2022 04:41 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව ලංකාව බංකොළොත් කරලා ඉවරයි. දැන් රට කන විරුවා ළඟදීම යයි..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 296 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 646 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site