IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රූට්ගේ ශතකයෙන් එංගලන්තය ලකුණු 566 ක් ඉදිරියට

එංගලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයයේ තුන්වැනි දිනය වන අද (20 වැනිදා) සවස තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 333 ක් ලබා සිටියේය.

අළු බඳුන තරගාවලියේ සිය මංගල ශතකය ලබාගත් ජෝ රූට්, පන්දු 334 කට මුහුණ දෙමින් අද දිනයේ කී‍්‍රඩාව නතර කරන විට නොදැවී ලකුණු 178 ක් ලබා සිටියේය. ජෝ රූට්, තමාගේ ඉනිමට හතරේ පහර 18 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් කර තිබිණ.

දෙවැනි ඉනිමේදී ලකුණු 30 කට එංගලන්ත පිතිකරුවන් තිදෙනකු දැවී ගිය නමුත් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක අඛණ්ඩ සම්බන්ධතවක් ගොඩනැංවූ ජෝ රූට් සහ ටිම් බ්‍රෙස්නන් දෙදෙනා එංගලන්ත පිල වාසිදායක තත්ත්වයකට ගෙන ගියහ. අනතුරුව ඉයන් බෙල් (74) සමග එක්වූ රූට්, පස්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 153 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය.

මුල් ඉනිමේදී ලකුණු 361 ක් ලබාගත් එංගලන්ත පිල විසින්  ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 128 කට සීමා කරනු ලැබිණ. මුල් ඉනිමේදී අත්කරගත් ලකුණු 233 ක වාසියත් සමගින් එංගලන්ත පිල අද සවස තරගය නතර කරන විට කඩුලූ 5 ක් අතැතිව  ඕස්ටේ‍්‍රලියාවට වඩා ලකුණු 566 ක් ඉදිරියෙන් සිටියේය.  

එංගලන්තය - පළමු ඉනිම 361

ඕස්ටේ‍්‍රලියාව ‐ පළමු ඉනිම 128

එංගලන්තය ‐ දෙවැනි ඉනිම කඩුලූ 5 ක් දැවී 333
(ජෝ රූට් නොදැවී 178, ටිම් බ්‍රෙස්නන් 38, ඉයන් බෙල් 74, ජොනී බෙයාර්ස්ටෝ නොදැවී 11, පීටර් සිඞ්ල් 65/3)

 

 

 



අදහස් (0)

රූට්ගේ ශතකයෙන් එංගලන්තය ලකුණු 566 ක් ඉදිරියට

අමිල Sunday, 21 July 2013 01:10 PM

සියලු දේ වෙනස්වන සුළු බව දැන් හොඳට වැටහෙනවා.කවුරුද හිතුවේ ඕස්ට්‍රේලියාවට මෙහෙම වේවි කියලා.ඉන්දියාවටත් ඔය ටික ළඟදීම වෙනවා. (දී)

:       0       0

පත්මසිරි පෙරේරා Sunday, 21 July 2013 07:25 AM

ඕෂ්ට්‍රේලියාව ඉල්ලන් කනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site