( තිලකරත්න දිසානායක)
මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ගනිමින් ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට මිනුවන්ගොඩ, රෙජී රණතුංග ප්‍රාථමික විදුහලේ තරුෂ නෙත්සර ඩයස් සිසුවා සමන්ව ඇත.
මෙම දරුවාගේ වැඩිමහල් සහෝදරිය තනීෂා තරින්දි ඩයස් දැරිවියද මෙම විදුහලේම අධ්‍යාපනය ලබා 2020 වසරේදී 5 වසර ශිෂ්‍යත්වයෙන් ලකුණු 199 ක් ලබා දැනට කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබන බවත් ඇයගේ සොයුරු මෙම තරුෂ දරුවාද ඉතා දක්ෂ සිසුවෙකු වන බවත් රෙජී රණතුංග විදුහලේ විදුහල්පතිනී තුෂාරි ප්‍රියන්ති මහත්මිය සදහන් කළාය.
තරුෂ ඩයස් සිසුවාගේ අනාගත අපේක්ෂාව ගුවන් නියමුවෙකු වීම බව අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
විදුහල්පතිනිය කියා සිටියේ මෙම විදුහලේ සිසු දරුවන් 98 දෙනෙකු මෙවර ශිෂ්‍යත්වයෙන් සමත්ව ඇති බවත්ය.
තරුෂ ඩයස් සිසුවාගේ මව වන නිලංකා මධුරංගනී මහත්මිය මිනුවන්ගොඩ, බුරුලපිටිය ජාතික පාසලේ තොරතුරු තාක්ෂණ අධ්‍යන ආචාර්යවරිය වශයෙන් කටයුතු කරන අතර පියා තාරක ඩයස් මහතා නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ වරයෙකු ලෙස කටයුතු කරයි.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෙජි රණතුංග ප්‍රාථමිකයේ තරුෂ 195යි
Dula Friday, 27 January 2023 04:34 PM
සුබ පැතුම්...!