(ඩයනා උදයංගනී)
තමන් ජනාධිපති මන්දිරයේ ඇති කබල් රූපවාහිනී සහ මාධ්‍ය ඒකකයේ තිබූ භාණ්ඩ රැගෙනයාමට තරම් පහත් තත්වයට වැටුණු අයකු නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ද කෝටි තුන හමාරක භාණ්ඩ නැති වී ඇති බවට විගණන වාර්තාවකින් හෙළි වී ඇති බවට පුවත් පළවී ඇති බව කී හිටපු ජනාධිපතිවරයා තමන් එම විගණන වාර්තාව නොදුටු බවත්, ජනාධිපති මාධ්‍ය අංශයේ මෙන්ම ලේකම් කාර්යාලයේ ඇති භාණ්ඩ කිසිවක් ජනාධිපතිවරයාට අයිති නොවන අතර, ඒවා භාරව නිලධාරීන් සිටින බව ද කීවේය.
තමන් දන්නා තරමින් තමන් ජනාධිපතිවරයාව සිටි සමයේ ජනාධිපති මාධ්‍ය ඒකකය සතුව තිබූ භාණ්ඩ සිටිල්ල, එවක සිටි මාධ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩලය වෙත ලිඛිතව භාරදුන් බව ද හෙතෙම සඳහන් කළේය.
මෙම ස්ථානයන්හි තිබූ භාණ්ඩ නොමැති නම් ඒ ගැන පරීක්‍ෂණයක් කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් එම පරීක්‍ෂණවලට පූර්ණ සහයෝගය ලබාදෙන බව ද පැවසීය.
ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුවේ දී අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රජ ගෙදර කැමරා හොරකම ගැන පරීක්ෂණයක් කරන්න
tikira Thursday, 27 October 2022 03:36 PM
දැන් එවා ඔක්කොම " මඩුවලිගෙ සිරිසේනගෙ " ගෙදර සවිකරල තියනවලු .. අර ජනාදිපති වෙලා හිටියකාලෙ නිරුවතින් කමෙරාව ඉස්සරහ නටපු හැටිත් එකෙ තියනවලු ..
Surathalaa Thursday, 27 October 2022 04:26 PM
ඔබතුමා සොරෙකු නොවෙ. හොරුන් අල්ලන්න්නට පැමිනි ඔබ වසර පහකට එක සොරෙක්වත් අල්ලුවෙනැති වරද අපේද?
ravin Thursday, 27 October 2022 04:39 PM
තමුන්ගෙ පවුලෙ උදවියටත් මාඩ්ය හා සම්බන්ඩ ආයාතන තියෙනවා නේද? නරකද එ අයගෙන් අහලා බැලුවානම්? ඉස්සර හිටපු කෙනෙක් ලොකුවංචාවකටත් සම්බන්වෙදලා නිලදාරින් පිට පටවලා යාන්තම් ශේ උනාලු නේද? ඔයදේවල් ගැන දන්නො දනිති.
Hafeel Thursday, 27 October 2022 05:23 PM
මෙම පරීක්ෂණයට සම්පූර්ණ සහාය දෙනවා කියල කියනව. හැබයි පාස්කු ප්‍රහාරය නඩුවෙන් ඔහුව නිදහස් කරන්නයි කියල අභියාචනාවක් ගොනු කරලා තියන්නේ. මේක සාධාරණද?
Bamunuarachchi Thursday, 27 October 2022 05:28 PM
එහෙම ගෙන ගිය ජනාධිපති වරු සිටියා. එහෙව් අයගේ අතීතය බැලුවාම ලැවරිය අයිස්ක්‍රීම් විකුනපු අය