අයි. පී. එල්. තරගාවලියේදී තමන්ගේම කණ්ඩායම සඳහා ඔට්ටු ඇල්ලූ බව රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරු වන රාජ් කුන්ද්‍රා මහතා පිළිගත් බව දිල්ලි පොලිසිය අද (6 වැනිදා) ප‍්‍රකාශ කළේය. මේ හේතුවෙන් රාජ් කුන්ද්‍රාගේ විදේශ ගමන් බලපත‍්‍රය දිල්ලි පොලිස් භාරයට ගනු ලැබ ඇති අතර පරීක්‍ෂණ අවසන් වන තුරු ඔහුට ඉන්දියාවෙන් පිට වීම තහනම් කර තිබේ.
රාජ් කුන්ද්‍රා යනු සුප‍්‍රකට බොලිවුඞ් නිළියක වන ෂිල්පා ෂෙට්ටිගේ සැමියාය.
බි‍්‍රතාන්‍ය ජාතිකයකු වන රාජ් කුන්ද්‍රා දිල්ලි පොලිසිය විසින් ඊයේ (බදාදා) පැය 11 කට වැඩි කාලයක් පුරා ප‍්‍රශ්න කිරීමට ලක්කරන ලදි. ඊට හේතු වූයේ කුන්ද්‍රා මහතාගේ ව්‍යාපාරික සගයා වන උමේෂ් ගෝනෙකා විසින් වරින් වර දුරකතන ඇමතුම් දෙමින් කණ්ඩායමේ සහ පිටියේ තොරතුරු විමසා සිටි බව කී‍්‍රඩක සිද්ධාර්ත් ති‍්‍රවේදි කළ ප‍්‍රකාශයකි.
”ඔට්ටු දැමූ බව ඔහු පිළිගත්තා. ඔහු ඔට්ටු දැම්මේ ඔහුගේම කණ්ඩායම වෙනුවෙන්. ඔහු ඒ නිසා විශාල මුදල් සම්භාරයක් පරාජය වී තිබෙන බවත් අප සොයාගත්තා” යයි දිල්ලි පොලිස් කොමසාරිස් නීරාජ් කුමාර් ප‍්‍රකාශ කළේය.
”ඔහු ඔට්ටු දැම්මේ ගෝනෙකා හරහායි. ඔහුත් බුකිකරුවෙක්” යයිද පොලිස් කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.
අයි. පී. එල්. තරගාවලියේ මුදලට තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට ලක්වූ කණ්ඩායම් හිමිකරුවන් අතුරින් දෙවැන්නා රාජ් කුන්ද්‍රාය.
පළමු වැන්නා වන්නේ චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ප‍්‍රධාන විධායක ගුරුනාත් මෙයියප්න්ය.
මෙම පුද්ගලයන්ට විරුද්ධව ඇති චෝදනා ඔප්පු වුවහොත් මීල`ග අයි. පී. එල්. තරගාවලියේදී අදාළ කණ්ඩායම් තහනම් කිරීමට ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයට බලය තිබේ.
කෙසේ වෙතත් පොලිස් වාර්තා වලින් කියැවෙන්නේ කුන්ද්‍රා ඔට්ටු දැමූ බව මිස ඔහු තරග අවස්ථා පාවාදීමට සම්බන්ධ වූ බවක් නොවේ. පොලිසිය ඔහුගෙන් ප‍්‍රශ්න කර ඇත්තේ ඔට්ටු දැමීම සම්බන්ධයෙනි.
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
177
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
984
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජස්තාන් පිල වෙනුවෙන් ඔට්ටු ඇල්ලූ බව හිමිකරු කුන්ද්‍රා පිළිගනී
සමන්ත Thursday, 06 June 2013 11:34 PM
අයියෝ සල්ලි