අයි. පී. එල්. තරගාවලියේ හතරවැනි තරගයේදී මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල පරදවා ලකුණු 5 ක තියුණු ජයක් ලබාගැනීමට රාහුල් ද්‍රාවිඞ්ගේ නායකත්වයෙන් යුත් රාජස්තාන් රොයල්ස් පිල සමත්විය.
තමන්ගේ පළමු අයි. පී. එල්. තරගයට කී‍්‍රඩා කළ කුසල් ජනිත් පෙරේරාට පන්දු 12 කට මුහුන දෙමින් ලබාගත හැකිවූයේ ලකුණු 14 ක් පමණි. ඊට හතරේ පහර 3 ක් ඇතුළත් විය.
වසරකට පමණ පසුව කි‍්‍රකට් තරගයකට සහභාගීවූ රාජස්තාන් රොයල්ස් පිලේ නායක රාහුල් ද්‍රාවිඞ් පන්දු 51 කින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 65 ක් රැස්කිරීමට සමත්විය.
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල වෙනුවෙන් ඬේවිඞ් වෝනර් පන්දු 55 කදී 77 ක් ලබාගෙන තරගය ජයග‍්‍රහණය කිරීම සඳහා යම් උත්සහයක් දැරුවද, බ‍්‍රැඞ් හොග් විසින් ඔහුව දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමත් සමග තරගයේ ජයග‍්‍රහණය ඔවුන්ගෙන් ගිලිහී ගියේය.
රාජස්තාන් රොයල්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 165
(කුසල් ජනිත් 14, අජින්ක්යා රහනේ 28, රාහුල් ඩ‍්‍රාවිඞ් 65, ස්ටුවර්ට් බිනී 40, උමේශ් යාදව් 24/4, අශීෂ් නෙහෙරා 35/2)
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 160
(ඬේවිඞ් වෝනර් 77, අන්මුක්ත් චන්ද් 23, මහේල ජයවර්ධන 19, මන්පී‍්‍රත් ජුනේජා 20, කෙවොන් කූපර් 30/3)
(**)
2025 දෙසැම්බර් මස 18
21
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජස්තාන් පිල අවසන් මොහොතේ ජය උදුරාගනී
සනත් Sunday, 07 April 2013 09:15 AM
ඔහොම තමයි මහේල කලබල නොවී ඉන්න.(නදී)
වෙනුර Sunday, 07 April 2013 02:17 PM
අයියෝ ඒකත් පැරදුනා.(නදී)