IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රජීව් ගාන්ධි ඝාතනයේ සැකකරුවෙක් ගාන්ධි රෝහලේදීම මියයයි

( රොමේෂ් මධුෂංඛ)

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතන සිද්ධියට වරදකරුවකු වී පසුව නිදහස ලැබු යාපනයේ ශාන්තන් නැමැත්තා ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඒරට මාධ්‍ය වාර්තා කර සිටියි.

ශාන්තන් ඊයේ (27) දින ඉන්දියාවේ රජිව් ගාන්ධි රෝහලේදී දැඩිසත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

රජීව් ගාන්ධි ඝාතන නඩුව සම්බන්ධයෙන් වසර ගණනාවක් සිරගතව සිටි ශාන්තන් වසර 32කට පසු සිය මව බැලීමට යාපනය පැමිණීමට නියමිතව තිබුණා.

ඒ් අතරතුර ශාන්තන්ට හදිසියේ වැළදුණු අක්මා රෝගයක් හේතුවෙන් ඔහුව රෝහල් ගතකර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඉන්දියාවේ රජිව් ගාන්ධි රෝහලට මාරු කොට එහි දැඩිසත්කාර ඒකකයේදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ශාන්තන්ගේ මව ඔහුව බැලීමට අවශ්‍ය බව සඳහන් කරමින් ඉන්දීය රජයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණු අතර එම අභියාචනය සැලකිල්ලට ගැනීමෙන් පසු ඉන්දීය රජය විසින් ශාන්තන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා අවසර ලබාදුන් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබිණි.

ඒ අනුව ඉන්දීය රජයේ අනුමැතිය මත චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශාන්තන්ට විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබු අතර ඒ අතර කාලවකවානුව තුළදීයි ශාන්තන් මෙලෙස ජීවිතක්ෂයට ඇත.

 

 



අදහස් (0)

රජීව් ගාන්ධි ඝාතනයේ සැකකරුවෙක් ගාන්ධි රෝහලේදීම මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site