IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රජීවගෙන් ජනපතිට ඉල්ලීමක්

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නැවතත් දෙන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් තමා පෞද්ගලිකව ඉල්ලීමක් කළ බව හිටපු ඇමැති හා සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව් විජේසිංහ මහතා අද (9) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඡන්දෙට එන එක හොඳ බවත් ඔහුට සන්ධානයෙන් නාම යෝජනා ලබාදීම ගැන තමාගේ විරුද්ධත්වයක් නැති බවත් මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරියට ගෙන යාමට සන්ධාන රජයක් බිහිවීම වැදගත් බවත් විජේසිංහ මහතා එහිදී කීවේය.

 



අදහස් (0)

රජීවගෙන් ජනපතිට ඉල්ලීමක්

සමී Friday, 10 July 2015 03:06 AM

එපා ප්‍රතිපත්තියක් නැති මිනිස්සුන්ට නිකන් පාර්ලිමේන්තු එන්න දෙන්න එපා දන්නා ඡන්දෙට . දිනලා එන්න කියන්න. පිංගුත්තර දේශපාලනය නවත්වන්න. (ස)

:       0       0

සමී Friday, 10 July 2015 03:10 AM

ලංකාවේ හිටිය වැඩිම කුඩුකාරයෝ, මිනීමරුවෝ, ස්ත්‍රී දූෂකයෝ පාර්ලිමේන්තු ගියේ එජාපයෙන් . එනිසා රට කන ජරාව රටට ගෙනාවේ එජාපය මුන්ව පන්නන්න මිනිස්සු ලෑස්ති වෙන්න .(ස)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්. Thursday, 09 July 2015 02:19 PM

පෙරලුනපිට හොඳයි කියනවාආ.....ඔහොම...... යාන්.....(බ)

:       0       0

සිල්වා Thursday, 09 July 2015 02:40 PM

මෙයාට තියෙන්නේ රනිල් එක්ක පෞද්ගලික තරහක්.. කැබිනට් ඇමතිධූරයක් නොදුන් නිසා... 2010 මෙයාට මේ මන්ත්‍රීකම හරි ජාතික ලැයිස්තුවෙන් දුන්නේ මෙයාගේ තාත්ත සෑම් විජේසිංහ මහත්මයට කරන ගෞරවයක් විදියටයි.. මෙයාගෙන් රටට වැඩක් නෑ. මීට හොඳයි සර්වෝදය නිර්මතෘ ආරියරත්න වගේ කෙනෙකුට ඒ ජාතික ලයිස්තු අවස්තාව දෙනවනම්..(බ)

:       0       0

සෙනෙවිරත්න Friday, 10 July 2015 03:52 AM

මාවත් පත් කරන්න කරුණාකරලා (ම)

:       0       0

විමල් Thursday, 09 July 2015 03:03 PM

මොහු හොඳ උගතෙකි (නි)

:       0       0

විජේසුරිය Thursday, 09 July 2015 03:10 PM

අපිට තියෙන්නේ බලාගෙන ඉන්න තමයි ඉතින් (නි)

:       0       0

විභූති Thursday, 09 July 2015 03:23 PM

මොකක්ද දන්නෙ නැහැ ප්‍රශ්නය? (නි)

:       0       0

චින්තක Friday, 10 July 2015 04:35 AM

දෙන්න එපා වහාම මිනිස්සු අතරට ග්‍රහලෝකාගාරයෙන් ගැහුවා මිලියන 200 (බ)

:       0       0

රොෂාන් ද සිල්වා Thursday, 09 July 2015 03:43 PM

එපා දෙන්න මන්ත්‍රීකමක්. අපේ සල්ලි වලින් මෙයාලා සුවපහසු දිවියක් ගතකරනවා. අහිංසක අපි වෙනුවෙන් මොනවද කළේ? (නි)

:       0       0

ජයන්ත Thursday, 09 July 2015 04:00 PM

ඒ වගේ උගතෙකුගෙන් වැඩගන්න රට වාසනාවන්ත නැහැ (නි)

:       0       0

ජානක Friday, 10 July 2015 05:26 AM

ජාතික ලැයිස්තුවෙන් ඉල්ලලා හිඟාකන්න ඕන නෑනේ, මිනිස්සු ඉස්සරහට ඇවිත් චන්දෙ ඉල්ලලා දිනලා පෙන්නන්නකො. (ස)

:       0       0

අමාර Friday, 10 July 2015 05:27 AM

උගත් මෝඩයෝ ඉන්න බැරිද ? (ස)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 10 July 2015 05:28 AM

මේ මහත්තයත් ප්‍රතිපත්තියක් නැති තනතුරුලෝභී පුද්ගලයෙක්. (ස)

:       0       0

කෝලිත Thursday, 09 July 2015 05:17 PM

ඡන්දෙට ජනතාව ඉස්සරහට යන්නකෝ (නි)

:       0       0

සිරි Thursday, 09 July 2015 06:27 PM

පසුගිය පාර්ලිමේන්තුවේ සුළුතරයක් වූ උගතුන් අත‍ර බැබලුණ මෙතුමාගේ ඉංග්‍රීසි වාග් චාතුර්යය තුළින් අපට උකහා ගත හැකි දේ බොහෝය.ඔබතුමාට මෙවරත් පාර්ලිමේන්තු ආසනයක් ලැබීමට හේතු වාසනා වේවා! (නි)

:       0       0

සිතුම් Friday, 10 July 2015 06:53 AM

ඒ ඉල්ලීම සලකා බලන්න.(හේ)

:       0       0

දේශප්‍රිය Friday, 10 July 2015 06:58 AM

පිනට පසුගිය පාර්ලිමේන්තුවේ හිටියට මොනවද රටට කළේ. (හේ)

:       0       0

සිතුම් Friday, 10 July 2015 06:58 AM

ඒ ඉල්ලීම හරි නෑ නේද?(හේ)

:       0       0

අතුල Thursday, 09 July 2015 07:51 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

කරුණාරත්න Thursday, 09 July 2015 11:43 PM

ඔබේ ඉදිරි ගමනට සුබ පැතුම්! (නි)

:       0       0

කොළඹගේ Friday, 10 July 2015 12:10 AM

රජීව කියන්නේ හොඳ කෙනෙක් බව අපි දන්නවා (නි)

:       0       0

සමන්ති Friday, 10 July 2015 12:30 AM

සමහර කට්ටිය මොන පක්ෂයෙන් හරි ජාතික ලැයිස්තුවෙන් හරි පාර්ලිමේන්තුවට එන්න බලනවා.මහජන විශ්වාසයක් නැහැ.ගමේ බසින් කියනවා නම් පොළොවේ පයගහලා නැති කට්ටිය. (නි)

:       0       0

කැනඩා දිසා Friday, 10 July 2015 01:31 AM

මහින්ද මෙදා සැරේවත් පාඩමක් ඉගෙනගෙන ඉදිරියට ගියොත් හොඳයි (නි)

:       0       0

දනුක Friday, 10 July 2015 01:33 AM

මේ රට ගොඩගත හැක්කේ එජාපයට පමණයි. අපේ රට දියුණු කරන්න නම් ඡන්ද අයිතිය අපොස උසස් පෙළවත් සමත් අයට පමණක් දියයුතුයි. අද හොරු ඡන්දේ ගන්නේ ගමේ අහිංසක නුගත් මිනිස්සු රවට්ටලා. අද මේ රටේ ඡන්ද දෙකට බෙදිලා තියෙන්නේ. (නි)

:       0       0

වින්සන්ට් Thursday, 09 July 2015 01:46 PM

මෙලෙස එක්වෙන තවත් නාමයක් සාදරයෙන් පිළිගනිමු. (නි)

:       0       0

විල්සන් Friday, 10 July 2015 02:41 AM

ඉතාම හොඳ, නිහතමානි මහත්මයෙක්. අපි ජයෙන් ජය පතනවා (ස)

:       0       0

නිමල් Friday, 10 July 2015 02:51 AM

රට බේරගන්න පක්ෂෙ පැත්තකට දාලා සංධානගතවෙලා ඡන්දේ ගන්නවා. ඊට පස්සේ පක්ෂෙ බේරගන්න කියලා අමාරුවෙන් පරාජය කල අයව නැවත ගෙන්න ගන්නවා. රටද? පක්ෂයද? රැකිය යුත්තේ? (ස)

:       0       0

සහන් Thursday, 09 July 2015 01:55 PM

එයාව ඡන්දෙ ඉල්ලන්න දාන්න.ජනතාව තීරණය ගනීවි (නි)

:       0       0

සියාතු සීයා Friday, 10 July 2015 02:56 AM

අනේ අපොයි බැහැ අබලං ලැයිස්තුවෙන් දාන්න කටිටියක්ම ඉන්නවා මර්වින් සිල්වා මැතිතුමා දුමින්ද සිල්වා මැතිතුමා සරන ගුණවර්ධන සචින් වාස් එහෙම දාන්න ඉන්නේ අබලං ලැයිස්තුවෙන්. එතකොට ජීඑල් වාසු සීයලා ටික මාලනි පබා වගේ අයත් අපි අබලං ලැයිස්තුවට දාන්න ඉන්නේ (ස)

:       0       0

විරාජ් Friday, 10 July 2015 02:59 AM

දනුක ඔයා හරියටම හරි මුන් රොත්තම ගෙදර යවන්න නම් එජාපය ඉහළින්ම ජන්දය දිනවන්න ඕනේ. නැත්නම් සාමාන්‍ය පෙළවත් පාස් නැති කුඩු කාරයෝ හොරු ටික ආයිත් පාර්ලිමේන්තුවට යවන්න වෙනවා. ගම්මල මිනිස්සු‍න්ගේ නුගත් කමින් අහිංසක කමින් තමයි මේ රොත්තම පාර්ලිමේන්තුවට ගියේ. (ස)

:       0       0

ජනක ලන්ඩන් Thursday, 09 July 2015 01:57 PM

අනේ! දැන් ජාතික ලැයිස්තුව මොකටද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site