
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අරමුදල මඟින් විශ්වවිද්යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර රජරට විශ්වවිද්යාලයේදී පැවැත්විණි.
ඒ අනුව අක්ෂි පරීක්ෂණ වලදී ඇස් කණ්ණාඩි අවශ්ය බව හඳුනාගත් සිසු සිසුවියන් 316 දෙනෙකුට මෙහිදී නොමිලේ ඇස් කණ්ණාඩි ප්රදානය කෙරිණි.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඉදිරියේදී දිවයිනේ සියලු විශ්වවිද්යාල ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල කටයුතු සූදානම් කර තිබේ. බ්රිතාන්යයේ Stroud Rotary Club සහ Wish පදනම මෙම වැඩසටහන සඳහා දායකත්වය සපයයි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩල සාමාජික, සම්මානිත මහාචාර්ය ජේ.ආර්.පී. ජයකොඩි මහතා සඳහන් කළේ, පසුගිය කාලයේදී අවභාවිතයට ලක් වූ ජනාධිපති අරමුදල වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් අනතුරුව පත් කරන ලද නව පාලක මණ්ඩලය විසින් විධිමත් වැඩපිළිවෙළකට යොමු කරනු ලැබ ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd