බන්ධනාගාරයේ සිටින කොටි සාමාජිකයකුගෙන් ලැබුණු තොරතුරක් අනුව සොරකම් කරන වාහනහනවල ඇන්ජින් හා චැසි අංක මකා උතුරට වාහන විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රජරට දේශපාලනඥයකුගේ මස්සිනා කෙනෙක් හා රජරට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ලිපිකරුවෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජයගුණවර්ධන මහතා යටතේ ක්‍රියාත්මක විශේෂ පළාත් වැටලීම් ඒකකය මේ දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මුල් විය.
කොළඹින් සොරකම් කළ කැබ් රියක කොටස් මාරු කර එන්ජින් හා චැසි අංක වෙනස් කර අනුරාධපුරයේ අලෙවි නියෝජිතයකුට විකුණා තිබිය දී සොයා ගැනීමෙන් පසුව මේ සිද්ධියේ තවත් තොරතුරු රැසක් හෙළි වූ බව පොලිසිය පවසයි.
රජයේ මන්ත්‍රීගේ මස්සිනා මෝටර් රිය කොටස් ආනයනය කර විකුණන බවත්, වාහනවල ව්‍යාජ ලියැවිලි සැකසීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ලිපිකරු හවුල් වී ඇති බවත් සොයා ගෙන ඇත.
බන්ධනාගාරයේ සිටින සිරකරු පවසා ඇත්තේ මෙවැනි වාහන රැසක් විකුණා ඇති බවයි.
විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හර්ෂ ද සිල්වා පරීක්ෂණ මෙහෙයවයි.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජරට මන්ත්‍රී මස්සිනා වාහන ජාවාරමක
විරාජ් Friday, 28 March 2014 05:35 PM
මේ මන්ත්‍රී මස්සිනා කවුද හැබෑටම? (නි)
කුලති Saturday, 29 March 2014 12:02 PM
බේරෙන්න ලේසියෙන්ම පුළුවන් නිසා වෙන්නැති නේද? (දී)
කුමාරි Friday, 28 March 2014 07:22 PM
කම්බ හොරු කියන්නේ මොවුන්ට තමා. මේ වගේ අය ඉන්නාතුරු හැමදේම වෙන්නේ අවරට. (නි)
සුජානි Friday, 28 March 2014 03:11 PM
ගොඩක් ආඩම්බර දෙයක් මස්සිනා කරලා තියෙන්නේ. (ස)
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Friday, 28 March 2014 03:45 PM
මේක සුළු දෙයක්. වැඩිය ගණන් ගන්න ඕන නැහැ. (ස)
හේවාවිතාරණ Friday, 28 March 2014 03:50 PM
මෙවැන්නන් අද ලංකාවේ අරුමයක් නොවේ. (ස)
රෙක්ස් Saturday, 29 March 2014 08:46 AM
කොහොම කිවුවත් අපේ රටට අද අවශ්‍ය කරන්නේ මේ වගේ කට්ටිය තමයි ඉතින්. (නි)
රොකී Saturday, 29 March 2014 08:46 AM
මස්සිනා ඊළඟ සැරේ ඡන්ද අපේක්ෂකයෙක් වෙයි. අපේ මිනිස්සු මේ වගේ මිනිස්සුන්ට ඡන්දෙත් දෙයි. රට සංවර්ධනය කරන්න වුවමනා කරන්නේ මේ වගේ අයනේ. (නි)