IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රජරට ගැටුම බේරෙන ලකුණු

රජරට සරසවි ගැටුම බේරුම් කැරෙන ලකුණු මින් මද වේලාවකට පෙර පහළ විය. ආචාර්ය පිරිසක් සිසුන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේ ප්‍රගතියක් ඇති බවත්, පන්ති තහනමට ලක්වූ සිසුනට ළිහිල් දඬුවමක් දිය යුතු බවට සරසවි පාලක මණ්ඩලයට දැන්වීමටත් එකඟත්වයක් ඇති විය.

ලබන 10 වැනි දා පාලක මණ්ඩලය රැස්වීමට ද නියමිතය.

සිසුන්ගේ ද එකඟත්වයෙන් මේ යෝජනාවට පාලක මණ්ඩලයේ අනුමැතිය ලද හොත් හිරකරගෙන සිටින උපකුලපති ඇතුළු පිරිසට එතැනින් ඉවත්ව යෑමට ඉඩ ලැබෙන ලකුණු ද දක්නට ඇත.

(අතුල බණ්ඩාර



අදහස් (0)

රජරට ගැටුම බේරෙන ලකුණු

ශාන්ත Friday, 27 June 2014 11:04 AM

අනේ අධ්‍යාපනේ (දී)

:       0       0

සෑම් Friday, 27 June 2014 11:23 AM

ඕනෑම කෙනෙක් වරදක් කලානම් දඬුවම් දිය යුතුයි. නමුත් සරසවියක් කියන්නේ ලංකාවේම සිටින උගතුන් එකට එක්රැස් වී අධ්‍යාපනය ලබන තැනක්. මේක පාලනය කරන අය බෝගම්බර ,වැලිකඩ, පාලනය කරන ආකාරයට බුද්ධිමතුන් පාලනය කරන්න යාම මේ ප්‍රශ්න වලට එක හේතුවක්. දඬුවම් ලිහිල් කරන්න යනවා කියන්නේ දඬුවම් දීපු අය දීලා තියන දඬුවම් සැර වැඩියි කියන එක ඒ අයටම තේරුම් යාමක්. (නදී)

:       0       0

තිලක් නන්දන Friday, 27 June 2014 11:54 AM

දැන් මේකද එතකොට මෙයාලගේ ක්‍රමය දඩුවම් වලින් බේරෙන්න තියෙන? මෙයාල කල වරදවල් මොනවද දන්නේ නේ නේද? ඒවා පිළිබඳවත් අපිව දැනුවත් කලොත් තමයි වඩා හොඳ. (ස)

:       0       0

භානු Friday, 27 June 2014 12:03 PM

මේ ගොල්ල උපාධිය ලබල ගෙදර ගිහිල්ල ඊළඟට ඉඩ කඩම් ලියලා දුන්නේ නැහැ කියලා තමන්ගේ මව් දෙමව්පියන්වත් කාමරේට දාල නිවාස අඩස්සිගත කරවී. ඇයි ඉතින් අයිතිවාසිකම් විතරනේ . මේගොල්ලන්ට යුතුකම් අදාළ නැහැ. (ස)

:       0       0

කනිෂ්ක Friday, 27 June 2014 12:05 PM

ඇයි ලිහිල් කලේ ? දැන් මෙයාලට ඕන විදියටද පරිපාලනය කෙරෙන්න ඕන ? (ස)

:       0       0

බන්දුල පෙරේරා Friday, 27 June 2014 12:08 PM

නියම ආදර්ශයක්නේ දෙන්න හදන්නේ..ඉදිරියේදී හැම කෙනාම මේ වැඩේ පටන් ගනීවි. ඔතනදි බුරුලක් දුන්නොත්. මේක ත්‍රස්තවාදී ක්‍රියාවක්. ත්‍රස්තවාදයට ඒ අයුරින් පිළිතුරු දෙන්න. නලවල වැඩ දික්ගස්ස ගන්නේ නැතුව. (නදී)

:       0       0

ගිහාන් Friday, 27 June 2014 12:10 PM

පුදුම තත්වයක්නේ ! මේ උපකුලපති සිර කල අයගේ ගෙවල් දන්නා කෙනෙක් නැද්ද ? මේ අයට නාස්ති කරන බදු මුදල් හම්බ කරන අපි ගිහින් මේ අයගේ ගෙවල් වල උදවිය අඩස්සිගත කරන්න ඕන. මේ අයගේ අම්මලා ට තේරෙන්නේ නැද්ද තමන්ගේ චන්ඩි ළමයා රටට බරක් කියලා, (දී)

:       0       0

කමනි Friday, 27 June 2014 12:27 PM

මේ ගොල්ල උපාධිය අරන් ගෙදර ආපු දවසට අහල පහල උදවියවත් නිවාස අඩස්සි ගත කරාවිද දන්නේ නැහැ . (දී)

:       0       0

ලලනි Friday, 27 June 2014 12:37 PM

උසස් අධ්‍යාපන බලවතුන්ගේ කට හොඳ නැහැ තමා. ඒ වුනාට මේ චන්ඩි රැලට මීට වඩා ඇමතීමට සුදුසු මොන නමින් ද කියලා මම කල්පනා කරන්නේ. මේ අයගේ දෙමවිපියොත් ළමයින් ට කැමති විදියට හැසිරෙන්න ජීවත් වෙන්න ඉඩ දීල පැත්තකට වෙලා ඉන්නවා. ඔවුන්ටත් වගකීමක් තියනවා තමන්ගේ ළමයා ඉගෙන ගන්නවද රට හදන්න යනවද කියලා හොයලා බලන්න. (නදී)

:       0       0

අසේල​ Saturday, 28 June 2014 10:56 PM

අපි නම් කවදාවත් අපේ ලමයින්ව ලංකාවේ විශ්ව විද්‍යාල වලට යවලා ඔවුන් ගේ ජීවිත අනාරක්ශිත කරන්නේ නැහැ. ඉඩමක් හරි විකුනලා යව්වේ කැනඩා හෝ එංගලන්තේ. ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගියොත් අනාතයි. උපාධි සහතිකයට පිලිගැනීමක්වත් නැහැ රැකියාවලුත් නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site