IMG-LOGO

රජයේ සේවයත් ස්ථිර නැහැ - වජිර අබේවර්ධන

(සිරංගිකා ලොකුකරවිට)

කිසිම දෙයක් ස්ථිර නැති ලෝකයක රජයේ සේවය ස්ථිර කියල හිතාගෙන අපේ තරුණ තරුණියන් ඉල්ලනවා කාර්යාල කාර්ය සහායක තනතුරක් හරි දෙන්න කියලා. මේ තමයි අපේ සමාජය අද හැඩ ගැහිලා තියෙන හැටි. නමුත් හොඳ ව්‍යපාරයක් කරගෙන, හොඳ ව්‍යවසායකයෙක් වෙලා ඊට වඩා යමක් උපයන්න පුළුවන් බවත් රටට සේවයක් කරන්න පුළුවන් බවත් අපේ අය තේරුම් නොගැනීම කණගාටුවක්.’’ යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අඟහරුවාදා (11)  ගාල්ලේ දී කීවේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කුඩා ව්‍යාපාර සංවර්ධන අධිකාරිය මගින් ගාල්ල නගර ශාලා භූමියේ දී ආරම්භ කෙරුණු ගාලූ ව්‍යවසාය-2017 ප‍්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහි දී අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

‘‘අපේ අය හිතනවා රාජ්‍ය සේවය ස්ථිරයි කියා. රාජ්‍ය සේවයත් ස්ථිර නැහැ. විශ‍්‍රාම වැටුපක් ලැබෙන නිසා තමයි රාජ්‍ය සේවයට මේ තරම් පොරකෑමක් ඉල්ලූමක් තියෙන්නේ. නමුත් අපි දකිනවා රටේ මේ වගේ කර්මාන්ත කරන නිෂ්පාදන කරලා අළෙවි කරමින් ව්‍යාපාරයක් කරන අය කොතරම් සේවයක් මේ රටට රටේ ආර්ථිකයට කරනවා ද කියා. ඒ නිසා කුඩා ව්‍යාපාර ක්ෂේත‍්‍රය වැඩිදියුණු කරන්න අපි රජයක් ලෙස විශාල අවධානයක් යොමු කරලා තියෙනවා. ව්‍යාපාර කරන අයට ස්වශක්ති ණය ව්‍යාපාරය හඳුන්වා දුන්නා රුපියල් 250,000ක ණයක් ලබාදෙන විට රුපියල් 50,000ක් දෙන්නේ නැවත අය කරගන්න නොවෙයි.

මේ සඳහා කර්මාන්ත ක්ෂේත‍්‍රයේ විශාල පිරිසක් සම්බන්ධ වුණා.  සුළු ව්‍යාපාරිකයන් තමන්ගේ කර්මාන්තය දියුණු කරගෙන ගුණාත්මක බවින් වැඩි නිෂ්පාදන අළෙවි කරනවානම් මේවා තවතවත් දියුණු කරන්න පුළුවන්. අපි දන්නවා මීට දශක කිහිපයකට පෙර මාගාල්ල ඉතා ප‍්‍රසිද්ධව තිබුණේ රේන්ද කර්මාන්තය සම්බන්ධයෙන්. නමුත් අද මාගාල්ලේ රේන්ද කර්මාන්තය කරපු අය දැන් කරන්නේ නිමි ඇඳුම් කර්මාන්තය. ඔවුන් කාලානුරූපව වෙනස් වෙලා තියෙනවා. අම්බලන්ගොඩ වෙස්මුහුණු කර්මාන්තය කරපු අයත් අද නව වෙළෙඳ පොළට ගැලපෙන ආකාරයට තමන්ගේ නව නිර්මාණ බිහිකරන්න පටන් අරගෙන. මේ ආකාරයට අපේ කුඩා කර්මාන්ත දියුණු කළ යුතුයි. අපි රජයක් ලෙස මේ වගේ කර්මාන්ත දියුණු කරන්න අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.’’ ඇමැති වරයා පැවසීය.

 



අදහස් (2)

රජයේ සේවයත් ස්ථිර නැහැ - වජිර අබේවර්ධන

chandima Tuesday, 11 April 2017 06:18 AM

ඕක තමයි රජයේ සේවය නෙමෙයි ආණ්ඩුවත් ස්ථිර නැහැ.

:       1       9

wasantha Tuesday, 11 April 2017 11:49 AM

ආණ්ඩුව රක්ෂා නොදුන්නොත් ඊළඟ ඡන්දෙදි කපෝති.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 30 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 605 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site