IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රජයේ සුපිරි වාහන වෙන්දේසිය ඉබි ගමනේ

(සුජිත් හේවාජුලිගේ)

බොහෝ රාජ්‍ය ආයතනවල සුඛෝපභෝගී වාහන  විකිණීම හෝ වෙන්දේසි කිරීම  නිසියාකාරව සිදුව නැතැයි වාර්තාවේ.

සමහර ආයතනවල වෙන්දේසි කිරීම කර  ඇත්තේ වාහන එකක් දෙකක් පමණක් බව  ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇතැම්  ප්‍රධානීන් රජයේ වගකිවයුතු තැන්වලට කතාකර සුඛෝපභෝගි වාහන වෙන්දේසි කිරීම නවත්වා තවදුරටත් රඳවා ගැනීමට අවස්ථාව සලසාගෙන  ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මේ අනුව සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමෙන්   වියදම් අඩුකර ගැනීමේ  රජයේ අරමුණ මේ වනවිට  සම්පූර්ණයෙන්ම ඉටුව නැතැයි දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ සුපිරි වාහන තුනක් වෙන්දේසි කිරීමද බලාපොරොත්තු වූ මිල ගණන් ඉදිරිපත් නොවීම හේතුවෙන් දෙවෙනි වතාවටත් ටෙන්ඩර් කැඳවීමට තීරණය කර ඇත



අදහස් (3)

රජයේ සුපිරි වාහන වෙන්දේසිය ඉබි ගමනේ

ගුණරත්න Sunday, 29 June 2025 11:40 AM

ඔතන තියෙන ප්‍රශ්නය තේරෙන්නේ නැතිකම. ප්‍රධානම අරමුණ ඉටුවෙනවාද බලන්න ඕනෑ. ඔය විකුණන එක වාහනයක්වත් අබිලි වාහන නොවේ. දැනටත් පාවිච්චි කරන හොඳ තත්වයේ වාහන, විකුණන හේතුව වියදම අධිකය කියන එක. දැන් බලමු ඔය වාහන විකුණන්නෙත් රජයේ තක්සේරුව මත. ඒක කොහොමත් වෙළෙඳපොල වටිනාකමට වඩා අඩුයි. එහෙම විකුණලා දැම්මත් අලුතෙන් වාහන ගන්න වෙනවා. මොකද රාජකාරි වැඩ සඳහා යොදාගන්න අවශ්‍ය නිසා. එතකොට විකුණලා දැම්ම වාහන වෙනුවට අලුතින් ගන්න වාහන ගන්නේ මාකට් එකේ වටිනාකමට. ඒ කියන්නේ විශාල මුදලක් ඒ වෙනුවෙන් වැය කරන්න වෙනවා, මොකද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිසා මාකට් එකේ වාහන මිල විශාල වශයෙන් ඉහල ගිහින් තියෙන නිසා. ඉතින් මේක තියෙන වාහනේ තෙල් ගහගෙන දුවනවාට වඩා විශාල වියදමක්. ඕක තේරෙන්නේ ටිකක් පහුවෙලා!

:       6       8

fairoos Sunday, 29 June 2025 11:50 AM

ඔයා ඉන්නේ මේ වගේ නිලධාරීන් ඉන්නකන් මොන ආණ්ඩුව ආවත් රට හදන්න බෑ.

:       7       7

pj Monday, 30 June 2025 08:23 AM

ඉබි ගමනේ යන මෙම මිණීමරැ අතිතයක් අැති මෙි නඩයෙන් වැසිකිළි වලක්වත් හරියට හැදිමක් බලාපොරොත්තු නොවන්න...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 107 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site