(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
අයවැය ඉක්මවා ගිය රාජ්‍ය වියදම් නිසා රජයට මේ ආකාරයට බැඳුම්කර වෙන්දේසි මඟින් මුදල් සොයා ගැනීමට සිදුව ඇතැයිද රජයේ වියදම් අඩුකර ගත්තා නම් මේ තත්ත්වය උද්ගත වීමට ඉඩ නොතිබුණා යැයි රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද (13) බැඳුම්කර කොමිසම හමුවේ හෙළි කළේය.
වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා මේ බව හෙළි කළේය.
“ජනතාවට බදු ගහන එක සහ අළුතින් සල්ලි මුද්‍රණය කරන එක පැත්තකට දාලා නියමිත දිනවල කල්පිරෙන අන්දමට භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මඟින් අපේ රටේ ආර්ථිකය ගොඩ ගැනීමට හැකියාව තියෙනවා නේද“ යැයි කොමිසමේ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා ඇසු ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා මේ බව කීය.
කොමිසම හමුවේ සාක්කි දීමට පැමිණෙන ලෙස කොමිසමෙන් කළ දැනුම් දීමකට අනුව රජයේ විගණකාධිපති ගාමිණි විරේසිංහ මහතා කොමිසම හමුවේ පෙනී සිටියේය.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් මඟින්ම මුදල් සොයා ගැනීමට රජයට අවශ්‍යතාවයක් නැතැයි විජේසිංහ මහතා පැවසීය.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් හැර මුදල් සොයා ගැනීමට රජයට වෙනත් ක‍්‍රම රාශියක් ඇති බව කොමිසම හමුවේ හෙළි කළ විරේසිංහ මහතා රාජ්‍ය වියදම් අඩුකර ගැනීම මඟින් ඉල්ලන ණය මුදල් අඩුකර ගැනීමට රජයට හැකියාව ඇති බවද පෙන්වා දුන්නේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රජයේ වියදම් අඩු කරගත්තානම් මෙහෙම වෙන්නේ නෑ-විගණකාධිපති
kumar (galf) Tuesday, 13 June 2017 09:38 AM
මුළු රටම චීනේටයි ඉන්දියාවටයි විකිනුවත් කමක් නෑ, මෙයාලාගේ වියදම් කොහෙත්තම අඩුකරන්නේ නෑ.
Srimala Tuesday, 13 June 2017 09:59 AM
රජයේ වියදම් අඩු කරන හැටි කියා දෙන්න තිබුනේ පහුගිය කාලෙනේ
sachith Tuesday, 13 June 2017 10:13 AM
එහෙම කරලා කොහොමද අපේ අහිංසක දේශපාලකයෝ ජිවත් වෙන්නේ? මේ හම්බ වෙන කොමිස් කියකින් හරිනේ බොහොම අමාරුවෙන් ජිවත් වෙන්නේ. ජනතාවට සල්ලි තියන නිසා බදු ගහන්නේ,