(අජන්ත කුමාර අගලකඩ)
ඇමැතිවරුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරෙන මූලික අයිතිවාසිකම් නඩුවලදී ඇමැතිවරුන්ට රජයේ වියදමින් පෞද්ගලික නීතිඥවරුන්ගේ සහය ලබා ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (7) ප්‍රතික්ෂේප කරන ලැබූ බව වාර්තාවේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැති මලික් සමරවික්‍රම මහතා විසින් අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලදැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇමැතිවරුන්ට එරෙහි නඩුවලිදී රජයේ නීතිඥයින් පෙනී සිටින බැවින් රජයේ වියදමින් පෞද්ගලික නිතීඥයින් යොදවා ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි ජනාධිපතිවරයා යෝජනාව ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර ඇතැයිද එම ආරංචි මාර්ග වලින් පැවැසේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.