IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රජය රට SMART කරන්න දන්නේ නැහැ

(නිමල කොඩිතුවක්කු)

වත්මන් රජය රට ‘සුහුරු රටක්’ බවට පත් කරන්නේ ‘සුහුරු පක්ෂයක්’ ගොඩනැගීම තුළින් යැයි පවසන නමුත් සමගි ජන බලවේගය සුහුරු රටක් ගොඩ නගන්නේ ‘සුහුරු අධ්‍යාපනයක්  ගොඩනැගීමෙන් බිහිවන සුහුරු ගෝලීය පුරවැසියා’ තුළින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගය අපේක්ෂා කරන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශීඝ්‍ර දියුණුවක් ක්‍රියාත්මක කර නිවැරදි දැක්මක් ඇති ගමනක්  බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මැතිවරණ සමයේ පමණක් වයි-ෆයි, පරිගණක දෙන බවට සිහින ලෝක මවන දේශපාලන නායකයන් බලයට ලැබුණු පසු මහදවාලේ රාජ්‍ය දේපල සොරා කෑම පමණක් සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 90 වැනි අදියර යටතේ මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.



අදහස් (5)

රජය රට SMART කරන්න දන්නේ නැහැ

මහසෙන් Friday, 09 February 2024 12:49 PM

හරිම ස්මාර්ට් වෙන්න ජනපති..හරිම ස්මාට් පක්ෂය සහ ගෝලයෝ..හී හී

:       4       6

SurainFriday, 09 February 2024 01:03 PM

මාලිමාව නමැති අතුල හිස් පිට පිම්බුණු තවත් මනසක්

:       3       3

සාලිය​ Friday, 09 February 2024 01:15 PM

අනුර දිනුම්.. එයා තමයි ස්මාර්ට්... හොඳම කිට් එක..බලන්න ඔය අඳින රෙද්ද​.. සෙරෙප්පු..?

:       0       8

සෙනෙවිරත්න Saturday, 10 February 2024 06:31 AM

සාලිය, රෙදි, බැනියම්, සෙරෙප්පු දාලා මල්වට්ටි උස්සාගෙන ගිය මෙයාගේ පියා මතකද? තවත් අය රෙදි, බැනියම්, සෙරෙප්පු දාලා තමුන්නැහැලා අන්දලා තියෙන බව තේරුම් ගන්න. අනුරගේ ඇඳුම් බලන මානසිකත්වයෙන් බැහැර වෙන්න.

:       0       0

සෙනෙවිරත්න Saturday, 10 February 2024 06:29 AM

මහත්තයෝ හිඟන්නන්ට පව්ඩර් දාන්න එපා... ඔය කවුරු හරි සල්ලිකාරයෙක් අල්ලාගෙන ඕවා දීලා ඔවුන්ට සලකනකොට ආයේමත් ඔය පන්තියටම තමයි වරදින්නේ... තමුන් යන්නෙත් පරණ පාරේම කියලා අවබෝධ කරගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site