IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘රාජ්‍ය මාධ්‍ය මඩ වගුරෙන් ගොඩගන්න‘

රාජ්‍ය මාධ්‍ය පසුගිය දිනවල පෞද්ගලික චරිතවලට මඩ ගැසීමටත් අවලාද නැගීමටත් යොදා ගත් බව පැහැදිලිව පෙනෙන බවත් එම මඩ වගුරෙන් රාජ්‍ය මාධ්‍ය ගොඩගැනීමේ හැකියාව මාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාට ඇති බව පෙනේ යැයි අමරපුර නිකායේ උත්තරීතර සංඝ සභාවේ මහා නායක දවුල්දෙන ඥානිස්සර නා හිමියෝ අද (26) පැවසූහ.

ඇමැතිවරයා මහා නායක හිමියන් බැහැ දැකීමට පැමිණ සිටියේය. ඔහු අමරපුර සංඝ සභාවේ මහා ලේකම් බ්‍රාහ්මණවත්තේ සීවලී හිමියන්ද, අමරපුර සංඝ සභාවේ සභාපති හා අනු නායක කොටුගොඩ ධම්මාවාස හිමියන්ද බැහැ දුටුවේය.

 

 



අදහස් (0)

‘රාජ්‍ය මාධ්‍ය මඩ වගුරෙන් ගොඩගන්න‘

සමරසේකර Monday, 26 January 2015 03:41 PM

මම ඊයේ පෙරේදා දවස් දෙක තුනේ ස්වාධින රුපවාහිනී ප්‍රවෘත්ති බැලුවා. ඒක නම් ඇත්තටම ඉතාම සමබරයි. පුද්ගලික නාලිකා වලට වඩා හොදයි. මම හිතන්නේ ස්වාධින එකේ සභාපති ලෙස වැඩ භාරගත්තු මහාචාර්ය ගංගනාත් දිසානායක මහත්තයා ඇත්තටම වෙනසක් කරලා. (අ)

:       0       0

විජයබාහු Monday, 26 January 2015 03:50 PM

තවමත් එ්කමනෙ කරන්නෙ (අ)

:       0       0

සරත් පියසේන පොතුපිටිය Tuesday, 27 January 2015 08:44 AM

නව ජනාධිපතිතුමා සියළු අංශ ගැන කල්පනාකාරී වියයුතුය (නි)

:       0       0

මිතුන Monday, 26 January 2015 11:28 PM

සමරසේකර, සමබර කියන්නේ මඩ ගහන එකද? (නදී)

:       0       0

ජයතිස්ස Tuesday, 27 January 2015 09:18 AM

දහම්, රාජ්‍ය මාධ්‍ය කියන්නේ පවතින රජයේ දේපළක් නෙමෙයි. රාජ්‍ය මාධ්‍ය කියන්නේ පොදු මහජනතාවගේ කියන එකයි. කිසියම් ජනාධිපති කෙනක් පත්වුණාට පස්සේ එයා එතුමාගේ පක්ෂයේ අයගෙ ජනාධිපත් පමණක් නෙමෙයි. මුළු රටේම ජනාධිපති. මේක තාම අපේ රටේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. පිටරට වල තත්වය සොයා බලන්න. (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Tuesday, 27 January 2015 12:58 AM

ඔය ආයතනවල පුරවාගෙන හිටපු මඩ කන්ද අයින් කරන්නම ඕන. ඔය කට්ටිය පුරුදුවෙලා හිටියේ ඔය ජොබ් එකටනේ. හොඳ පැත්තට හරවන්න ටිකක් අමාරු ඇති. නමුත් ඇමති තුමා කොහොම හරි මඩ කාරයෝ අයින්කරලා දාල වැඩේ හරියට කරන්න. (ස)

:       0       0

ජයතිස්ස පෙරේරා Tuesday, 27 January 2015 01:23 AM

පසුලිය රජයේ මොකක් හරි වැරැද්දක් තියනවා කියන්නේ මඩ ගහනවා නෙමෙයි. කරපු වැරැද්ද කවුරු කළත් කියන්න ඕනේ. මඩ ගහනවා කියන්නේ රූපවාහිනී චැනල් වල කිසිම පදනමක් නැතුව එක් එක් නෙකාගෙ කතා ශෛලියට, ඇවිදින කන බොන දේවලට අපහාස උපහාස කරපුවා, අවුරුදු ගානක් පරණ කතා අද ඊයේ කළා වගේ දාපුවා වගේ දේවල් වලටයි "විජයබබාහු" මහත්තයෝ (නදී)

:       0       0

සමන්ත Tuesday, 27 January 2015 01:28 AM

රංදීම ඔබ තාම මැදමුලෙනද ඉන්නේ. කවුද මෙච්චරකල් මඩ ගැහුවේ. එතකොට එ් කාලේ ප්‍රවෘත්ති වල මඩ නැද්ද? (නදී)

:       0       0

ජයතිස්ස පෙරේරා Tuesday, 27 January 2015 01:29 AM

සමබර නැහැයි කියන්නේ පසුගිය ඡන්ද කාලේ රාජ්‍ය මාධ්‍ය 98% ක්ම රාජපක්ෂ මහත්තයට පක්ෂ දේවල් විතරක් පෙන්නපු එකටයි "විජයබාහු" මහත්තයෝ. අපේ රට හැදිලා තියෙන විධියට මිනිස්සු හිතන්නේ අනේ ඒකට කමක් නැහැ ඒක පවතින රජයේ අයිතියක් විදියට. ඒක එහෙම නැහැ ඕනම පක්ෂයකින් කෙනෙක් ජනාධිපති උනහම එයා රටේම අයගේ ජනාධිපති මිස එය‍ා නියෝජනය කරන පක්ෂයේ ජනාධිපති නෙමෙයි. දියුණු රටක් ගත්තෝත් ඒ රටවල පක්ෂ 2 ට ම වෙන් කරන්නේ එකම ගුවන් කාලයක්. පවතින රජයයි, පවතින රජයේ ජනාධිපති නියෝජනය කරන පක්ෂයයි කියන දෙක පටලවා ගන්න හොඳ නැහැ. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 27 January 2015 01:36 AM

ඡන්දෙන් පස්සේ සන්ධානේ කට්ටියට බලන්න ටීවී චැනල් එකක් නැහැ කියල නාහෙන් අඬනවා.ඇමතිතුමනි, ඔන්න ඔය හොරකම්, දුෂණ පෙන්වන ප්‍රවෘත්ති අතරට , යුද්ධෙත් ටික ටික වෙළඳ දැන්වීම් වගේ පෙන්වන්න කියන්න. පවුනේ. රජාගේ රූපේ දකින්නේ නැතුව සමහරුනට කන කෑමවත් අල්ලන්නේ නැතිලු. (ස)

:       0       0

රුවන් Tuesday, 27 January 2015 02:32 AM

තාමනම් ඒ වෙනස අපි දැක්කේ නැහැ...(බ)

:       0       0

ගිහාන් Tuesday, 27 January 2015 03:07 AM

ඉතින් එහෙමනම් ඒක ගැන ඇයි පුජ්‍ය පක්ෂය නිහඬව සිටියේ? උන්වහන්සේලා පෙරට ආවා නම් පසුගිය කාලයේ රටට මේ වුණ විනාශයෙන් භාගයක් වළක්වාගන්න තිබුනා. (නි)

:       0       0

දුමින්ද Tuesday, 27 January 2015 04:14 AM

මාධ්‍ය නිදහස වගේම සත්‍යවාදීවීමත් වැදගත්. (නි)

:       0       0

විජේබාහු Tuesday, 27 January 2015 04:17 AM

දැන් ඉස්සර කාලයට වඩා ගොඩක් සමබරයි. මේ විදියටම තිබුණොත් හොඳයි. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 27 January 2015 04:19 AM

වැරදි පෙන්නලා දෙන එක මඩ ගැසීමක් නෙමෙයි. එය කරන්නම ඕනෑ. ඡන්දකාලේ ජාතික නාලිකා කළ දේවල් වලට තමයි මඩ ගහනවා කියන්නේ. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 27 January 2015 04:22 AM

දෙදෙනෙක් තරඟ කරනවා නම් දෙදෙනාටම එක හා සමාන ගුවන් කාල වෙන්කළ යුතුයි. සමබර වෙන්නේ එලෙසයි. රටේ මිනිසුන්ට පසුගිය රජය මෙච්චර ඉක්මනට එපා වෙන්නත් ලොකු හේතුවක් වුණේ ඔය කියන මාධ්‍ය හැසිරීමයි. (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Tuesday, 27 January 2015 04:47 AM

සදාචාරාත්මක සහ සමබරව පුවත් පළකරන්න (නි)

:       0       0

ධනංජය Tuesday, 27 January 2015 05:01 AM

ඉතින් දැනුත් යන්නේ එකම වගේ දේවල් තමයිනේ අනේ! සිද්ධවුණේ පාලකයෝ මාරුවුණ එක විතරයි අන්තිමට. ඔලුවේ කැක්කුමට කොට්ටය මාරුකළා වගේ තමයි (නි)

:       0       0

ලෙස්ලි ලෝව් Tuesday, 27 January 2015 06:23 AM

ඡන්දයට කලින් කොහොම වුණත් දැන්නම් දෙවියන්ගේ පිහිටයි, එහෙම නැහැ. තව තවත් වංචා දුෂණ රටට හෙළිකරන්න. බැටළු හම් පොරවාගෙන රට කෑ වෘකයින් ගැන ජනතාවට දැනගැනීමේ අයිතියක් තිබෙනවා (නි)

:       0       0

රදිමා Monday, 26 January 2015 12:48 PM

කරුණාකර මේ බොරු මඩ ගැසීම් නවත්වන්න. (අ)

:       0       0

දහම් Tuesday, 27 January 2015 07:47 AM

රාජ්‍ය මාධ්‍ය කියන්නේ රාජ්‍ය මාධ්‍ය. ඒවාට පත්කරන්නේ ආණ්ඩුවට සම්බන්ධ අය නේද? ඉතින් සමබර වෙන්නේ කෙසේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site