IMG-LOGO

‘රාජ්‍ය පාලනයෙන් ඉවත් වෙනවා’

(යොහාන් භාසුර)

රාජ්‍ය පාලනයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වීමට මන්ත්‍රී ධූරයෙන් ද ඉවත් වූ බවත් අද සිට රාජ්‍ය පාලනයේ කිසිඳු කටයුත්තකට සම්බන්ධ නොවූව ද අඛණ්ඩව දේශපාලනයේ නිරත වන බවත් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අද (9) පෙරවරුවේ පැවසීය.

රාජ්‍ය පාලනයත් දේශපාලනයත් යන්න දෙකක් යැයි මුල සිටම විශ්වාස කළ බව කී බැසිල් රාජපක්‍ෂ මහතා සෙසු රාජපක්‍ෂලා මහජන ඡන්දයෙන් පත්නොවීම නිසා පක්‍ෂයෙන් විමසා ඉවත්වීමේ හැකියාව ඇති බව ද සඳහන් කළේය.

සෙසු රාජපක්‍ෂවරු ජනතාව ඡන්දයෙන් පත්කළ අය වීම නිසා එසේ ඉවත්විය නොහැකි බවත් ජනාධිපතිවරයා ඡන්ද 69  ක් සහ සෙසු මන්ත්‍රීවරු ඡන්ද ලක්‍ෂ 68 ක් ලබාගත් බවත් බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

මන්ත්‍රීවරු 145 ක් සිටියදී පක්‍ෂයක් හැටියට ඡන්ද 253,000 ක් ගත්තු කෙනෙකුට අගමැති ධූරය පරිත්‍යාග කර ඇති බව කී බැසිල් රාජපක්‍ෂ මහතා පැවසුවේ පරම දේශපාලන හතුරා වන එක්සත් ජාතික පක්‍ෂයෙන් ජාතික ලැයිස්තුවෙන් ආපු මන්ත්‍රිවරයාට අගමැති ධූරය දුන්බවත්ය.

මෙම සමුගැනීම ජනතාව සදාකාලික කළොත් ඒක එහෙම වන බව කී රාජපක්‍ෂ මහතා සඳහන් කළේ ජනතාව නැවත කැදෙවුවොත් ඒකටත් සූදානම් බවත්ය.

බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්ඩායමට බලය දුන් අය වගකිවයුතු බවත් බෝලය පාස් කළේ නම් බොලේ දුන්නු කට්ටිය වගකිව යුතු බවත් ඒ මහතා කීය. රටින් දැන්ම යෑමට සූදානමක් නොමැති මෙන්ම රටින් පිට වුණ ද  ඇමරිකාවේ දිගටම රැදීසිටීමේ බලාපොරොත්තුවක් නොමැති බවත් සඳහන් කළේය.

බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (9) පැවැති මාධ්‍ය හමුවේදී හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා එසේ පැවසීය. 

 

 



අදහස් (3)

‘රාජ්‍ය පාලනයෙන් ඉවත් වෙනවා’

Ranjit Thursday, 09 June 2022 06:40 PM

"මැයි 9 මයිනා ඉගිලුනා. ජුනි 9 කපුටා ඉගිලුනා" කියලයි දැන් මිනිස්සු කියන්නේ. ඊළඟට ඉගිලෙන්නේ කවුද එතකොට ? මේ ඉල්ලා අස්වීම් එකක්වත් එම පුද්ගලයින් කල වරදක් නිසා සිදුවූ ඒවා නෙවේ. අරගලයේ ප්‍රතිඵල තමයි ඉතින්.

:       0       0

gamini ranawaka Friday, 10 June 2022 05:01 AM

මෝඩ චූන්. මෙයා හොරාකාල රටටත් කෙලවලා ඇමෙරිකාවට යාවි. ළංකාවෙ මෝ මිනිස්සු විදව විදව හූල්ල හූල්ල ඔහෙ නිකන් බලන් ඉන්නව.

:       0       0

kumara hemantha Friday, 10 June 2022 05:47 AM

අනේ ආයේ නම් ඔබ තුමා එන්න එපා.වෙන වැඩක් බලා ගෙන ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 353 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 263 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site