IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රජය ප්‍රමුඛතාව රටේ ආර්ථිකය ගොඩගැනීමටයි

(අංජුල මහික වීරරත්න)

රජය ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත් වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවති  රොටරි සමාජයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළත්වන දිස්ත්‍රික් අංක 3220 විසින් සංවිධානය කරන ලද 32 වන රොටරි දිස්ත්‍රික් සමුළුව අමතමිනි. 

රටේ ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත්වනු ඇති බවට මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා මේ වසර අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රීයව ක්‍රියාත්මක වන සමාජයක් ගොඩනඟන බවට ද සහතික විය.

එමෙන්ම රටේ ආර්ථික ගැටලු විසඳා ගැනීමත් සමග තවදුරටත් ජනතාවට පීඩාවට පත්වීමට ඉඩ නොතබන බව අවධාරණය කළ ජනාධිපතිවරයා රජය සියලු තීන්දු තීරණ ගන්නේ ඒ වෙනුවෙන් බව ද කියා සිටියේය. 

තමන් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයකු බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නමුත් රටකට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පළමුව මහජන සාමය අවශ්‍ය බවත්, ඒ සඳහා නීතිය හා සාමය පවත්වා ගැනීම අවශ්‍ය බවත් සඳහන් කළේය.



අදහස් (7)

රජය ප්‍රමුඛතාව රටේ ආර්ථිකය ගොඩගැනීමටයි

i-watch Saturday, 18 February 2023 11:55 PM

අමු කැවිලද කොහේද?. කතා කරන්නේ එයාට තියෙන ප්‍රශ්න ගැන මිසක් රට තුළ ඇත්තටම තියෙන ප්‍රශ්න ගැනනම් නෙවෙයි...

:       1       1

Ruwan R Saturday, 18 February 2023 11:58 PM

කරන දෙයෙහි හාත්පසින් විරුද්ධ පැත්ත කතා කරන තුප්පහි දේශපාලන කලාව...

:       1       1

swene Sunday, 19 February 2023 06:56 AM

නිකන් වටේ යන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදය කල් දැමීම තුළින් මහජන උද්ඝෝෂණ ඇතිවෙනවා.. නීති කැඩෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම තුළින් මහජන කැමැත්ත ප්‍රකාශ වීම මත, එම රජයට වැඩ කිරීමට යම් කාලයක් දී ජනතාව සන්සුන් වෙනවා. ඒ තුළින්, ආර්ථික දියුණුව ළඟාකිරීම පහසු වෙනවා. ඡන්දයෙන් ඔයාගේ පැත්ත පරාදවෙන බව දන්නා නිසා ආර්ථික දියුණුවක් ගැන කතාකරනවා. ඔයා අගමැති වෙලා, දැන් ජනාධිපති වෙලා රට තවතවත් ණයකිරිම හා විකිණීම හැරෙන්නට මොනවද ලබාගත් දියුණුව?

:       1       1

Sunil Sunday, 19 February 2023 12:06 PM

සියල්ලටම කළින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කර සිටින්න.

:       1       1

fairoos Sunday, 19 February 2023 12:19 PM

බම්බුව තමයි... අවුරුදු 50ක් ඕකම තමයි කියන්නේ... කරපු වැඩක් නැහැ... තොලොංචි වෙලාම යන්න ඕනෑ. රටට යහපතක් වෙනවා නම්...

:       1       1

PODDA Sunday, 19 February 2023 12:28 PM

පේන විදිහට නම් ප්‍රමුථකාව... ඡන්දය කල්දැමීම... මර්ධනය සහ බදු වැඩිකිරීම...

:       1       1

Rata Perata Sunday, 19 February 2023 02:14 PM

අවුරුදු හතළිස් ගාණක් බලයේ ඉඳගෙන තාම ඕකම කියවනවා. ඔයවගේ දුර්වල කෙනෙක්ට ඕක කරන්න බෑ. කරන්න පුළුවන් කෙනෙක්ට ඕක දෙන්න... ඊට පස්සේ ගිහින් මැදමුලනේ ගිහින් පදිංචි වෙන්න...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site