IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රජයේ පඩි වාර දෙකකට

(සුජිත් හේවාජුලිගේ)

රජයේ ආයතනවල මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් වෙන වෙනම (අවස්ථා දෙකකදී) ගෙවීමට  මහ භාණ්ඩාගාරය තීරණය කර ඇත.

මහ භාණ්ඩාගාරය මේ තීරණය ගෙන ඇත්තේ රටේ මූල්‍ය අර්බුදය  සැලකිල්ලට ගෙන බව වාර්තා වේ.

මේ අනුව මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් ප්‍රේෂණ පත් වෙන වෙනම ගෙවීමට හැකිවන පරිදි භාණ්ඩාගාරයෙන් අක් මුදල් නිකුත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරන ලෙස  භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනයන්හි ප්‍රධාන මූල්‍ය නිලධාරී, ගණකාධිකාරි, අධ්‍යක්ෂ (මූල්‍ය) නිලධාරීන්ට ලිපියකින් දැනුම්දී ඇත.

මාණ්ඩලික හා මාණ්ඩලික නොවන නිලධාරීන්ට වෙන වෙනම වැටුප් ගෙවීමට කටයුතු කරන ලෙස එම ලිපියෙන්  වැඩිදුරටත් දන්වා ඇත.

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් එච්.සී.ඩී.එල් සිල්වා සහ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ  සෙනෙවිරත්න යන මහත්වරුන් ගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කරනු ලැබ  ඇත්තේ පසුගිය 13 වැනිදා දාතමින් යුතුවය.



අදහස් (1)

රජයේ පඩි වාර දෙකකට

Sunil Monday, 16 January 2023 12:08 PM

රජය සේවක වැටුපත් කොටස් වශයෙන් ගෙවන්නයි යන්නේ. මෙයයි සෞභග්‍ය.

:       3       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site