IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රජයේ ණය පොලී ගෙවන්න සෑම පවුලකින්ම 38,000ක්

(සුජිත් හේවාජුලිගේ )

රජය ලබාගෙන ඇති ණයවල පොලී ගෙවීම සඳහා මේ රටේ සිවු දෙනකුගෙන් යුත් පවුලකට ලබන වසරේදී රුපියල් තිස් අටදහස් හත්සිය පනස් හතක මුදලක්(38757) මාසිකව වැය කිරීමට සිදුවන බව පෙනී යන්නේ යැයි  පේරාදෙණිය  විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

ලබාගත් ණයවල පොලිය ගෙවීම සඳහා රජයට  ලබන වසරේදී රුපියල් කෝටි දෙලක්ෂ හැටපන්දහස් එක  සීයක්  වැය කිරීමට සිදුවනු ඇතැයිද ඔහු කීවේය.

පොලී ගෙවීමට රජයට 2022 වසරේදී වැය කිරීමට සිදුවූයේ  රුපියල් කෝටි එක් ලක්ෂ පනස් හයදහස් පන්සීයක මුදලක් පමණක් බව පැවසූ අතුකෝරළ මහතා මේ වර්ෂයේදී ණය පොලිය   ගෙවීමට රුපියල් කෝටි දෙලක්ෂ දහනව දහස් තුන්සීයක් වැය කිරීමට සිදුවූ බවද  ප්‍රකාශ කළේය.

එය පෙර වසරට සාපේක්ෂව සියයට හතළිහක වර්ධනයක් බවත්  රජයේ ණය පොලිය ගෙවීම සඳහා මේ රටේ සිවු දෙනකුගෙන් යුත් පවුලකට මේ වර්ෂයේදී වැයවූයේ තිස් දෙදහස් හැට එකක් බවත්  මහාචාර්යවරයා කීවේය.

ලබන වර්ෂයේදී රජයේ මුළු අපේක්ෂිත ආදායමෙන් සියයට 65ක් ණය පොලී ගෙවීම සදහා වැය කිරීමට සිදුවන අතර එය  රජයේ මුළු අපේක්ෂිත බදු ආදායමෙන් සියයට 70 කට ආසන්න ප්‍රමාණයක් බව පැවසු අතුකෝරල මහතා  රජයේ වැරදි මූල්‍ය ප්‍රතිපත්තිය මත අධික ණය ගැනීම හේතුවෙන් විශාල පොලී  පිරිවැයක් මෙලෙස දැරීමට සිදුව ඇති බවද  පෙන්වා දුන්නේය.



අදහස් (9)

රජයේ ණය පොලී ගෙවන්න සෑම පවුලකින්ම 38,000ක්

පිනාකෝ Saturday, 30 December 2023 03:21 PM

බහුතරයක් පවුල්වල ආදායමවත් ඔච්චර නැහැ. පිනාට මතක නැතිව ෆිහින් ලංකාව කියන්නේ අඩු ආදායම්ලාභී අන්ත දුප්පත් රටක් කියලා...

:       3       27

RavanaSaturday, 30 December 2023 04:10 PM

කොහේද ලංකාව අන්ත දුප්පත් රටක් කියලා තිබ්බේ, ලංකාව කියන්නේ පහළ මැදි ආදායම් ලබන රටක්...!

:       17       6

ගමගේ Saturday, 30 December 2023 05:44 PM

මේ පේන කියන පොතේ ගුරාලා දන්නේ නෑ වැල්පාලමේ යන්න වින්ද දුක...!

:       0       0

Gunasena E Saturday, 30 December 2023 06:05 PM

ඩී.ඇස් මැතිතුමාට රටේ ආදායම් යොදාගෙන ගල් ඔය ව්‍යාපාරය කරන්න පුළුවන් වුණා නම් අනෙක් අයට බැරිවුනේ සහනාධාරය දීමට ප්‍රමුඛතාව දීම නිසා තමයි අපි නිදහස ගත්තේ දෙවැනි ලෝක යුද්ධය අවසන්වූ කාලයට ටික කලකට පස්සේ නිසා සමාජ වදකාරයෝ හිතුවේ හැමදාම කන්න බොන්න දීලා ඉන්න පමණයි. ඒ අතරේ විරුද්ධව සිටි අයගේ දේවල් පවරාගැනීම් කිරීමත් ඔවුන්ගේ අභිලාෂය වුණා.. ඇත්තටම 1956-59 අතර හා 1970-77 අතර කාලයේ ධනවතුන් මර්දනය කිරීමත් රට අගාධයකට වැටෙන්න හේතුවක් වුණා.

:       0       0

ගමේ එකාලා Saturday, 30 December 2023 06:24 PM

ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා රවට්ටලා බලයට ආපු කාලකන්නි බලලෝභී, දූෂිත දේශපාලුවෝ කරපු මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තියට දැන් වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ ජනතාවට...!!! 

:       0       0

මහිලාල් Saturday, 30 December 2023 07:18 PM

ණය ගත්තු කෙනාව මතකත් නෑ... ගත්තු ණයවලින් කරපු දේකුත් නෑ. ලොකු කතා නම් එමටයි.

:       0       0

dhamneth Saturday, 30 December 2023 08:32 PM

බොහෝදෙනා කියන්නේ ලංකාවේ සිටින ආර්ථික මහාචාර්යවරුන්ගේ දේශනායි, කයියයි, මාධ්‍ය ප්‍රකාශනයි හැරුණු විට රටේ ආර්ථික දියුණුවට නම් මේ ලෝකෙ වැඩක් කරන්නේ නැහැ කියා...!

:       0       0

Lalla Saturday, 30 December 2023 10:49 PM

ගන්න ණය නිකමුන්ට කන්න දෙන්න දීලා ඒ පවුල් හිඟාකන මානසිකත්වයට ඇදදමා දේශපාලන බලය රැකගැනීමට භාවිතය නවත්තන්න ඕනෑ... අවුරුදු තිහක් සමෘද්ධි ප්‍රතිලාභ ගන්න පවුල් විසි දහසකට වඩා ඉන්නවාලු... මොන කරුමක්කාරයෝද?

:       0       0

Kassapa Sunday, 31 December 2023 03:40 AM

ඔයා දන්නවද මෙහි බොරු 03ක් තියෙනවා... ඒවා බොරු, ගර්හාවට කරන බොරු සහ සංඛ්‍යාත්මක බොරු... මේවා හොඳ උදාහරණ ... ඒවා ඔප්පු කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site