IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රජය කෝටි 58,000ක් විදේශ ණය - පොලිය ගෙවයි

(අංජුල මහික වීරරත්න)

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වූ දිනයේ සිට 2024 පෙබරවාරි මාසය දක්වා කාලයේ  ශ්‍රී ලංකා රජය ඇමෙරිකා ඩොලර් මිලියන 1909.7 ක් විදේශ ණය හා පොලිය වශයෙන් ගෙවා ඇති බව ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය. 

ශ්‍රී ලංකා රජය 2022 ජූලි 21 දින සිට 2024 පෙබරවාරි දක්වා බහු පාර්ශවීය ණය  සහ පොලිය වශයෙන් ඩොලර් මිලියන 1338.8 ක් ගෙවා ඇති අතර 2024 පෙබරවාරි දක්වා ගෙවීමට නියමිත ණය වාරික සහ පොලියේ කිසිදු හිඟ මුදලක් නැති බව ද තෙන්නකෝන්  මහතා සඳහන් කළේය. 

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට අනුව ආසියානු සංවර්ධන බැංකුවට ඇ.ඩො.මිලියන 760.1ක් සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවට ඇ.ඩො.මිලියන 7.0 ක්ද ගෙවා තිබෙන බවද තෙන්නකෝන් මහතා කීය. 

යුරෝපීයානු ආයෝජන බැංකුවට ඇ.ඩො.මිලියන 22.3ක් සහ  කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදලට ඇ.ඩො.මිලියන  17.9ක්ද, අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ EFF 23-26 වැඩසටහනට ඇ.ඩො.මිලියන 9.8ක් ද වශයෙන් ගෙවා තිබෙන බවද ඔහු සඳහන් කළේය.

නෝර්ඩියානු සංවර්ධන අරමුදලට ඇ.ඩො.මිලියන 1.7ක් ගෙවා ඇති අතර අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදලට ඇ.ඩො.මිලියන 29.9ක් සහ ලෝක බැංකුවට ඇ.ඩො.මිලියන 489.9ක් ගෙවීමට කටයුතු කර තිබෙන බව කී තෙන්නකෝන් මහතා  ඒ අනුව ඇ.ඩො.මිලියන 1,338.8ක් ණය සහ පොලිය වශයෙන්  රජය විසින් ගෙවා අවසන් කර ඇති බව ද සඳහන් කළේය.



අදහස් (5)

රජය කෝටි 58,000ක් විදේශ ණය - පොලිය ගෙවයි

Perera Saturday, 06 April 2024 01:41 AM

පොළිය ගෙවලා ණය ගෙවපු ගාණට ආණ්ඩුවේ කයිවාරු කාරයින් පම්පෝරි ගහයි දැන්..

:       2       4

අපකීර්ති Saturday, 06 April 2024 05:53 AM

මේ ගැන රූපවාහිනී පුවත් මගින් ඇහුවා. ඒක කියපු පුද්ගලයා ජනාධිපති කාර්‍යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක් වුණත් ඔහුගේ කතාව ඔහු ජනාධිපතිතුමාට ඉහළින් සිටින කෙනෙකුගේ ආකාරයක් පෙන්නුවා සාමාන්‍යයෙන් අපි අපිට වඩා ඉහළින් සිටින කෙනෙකුට සුළුවෙන් හෝ ගරුත්වයක් තියෙනවා... ඒත් මේ තැනැත්තා කිව්වේ ජනාධිපතිතුමා කියලා නොවෙයි... ජනාධිපතිවරයා කියලා තමයි..

:       2       3

Bimantha Saturday, 06 April 2024 08:12 AM

මේ ඔක්කෝම බදු ගෙවන රටේ ජනතාව ගෙවන ඒවා...

:       1       4

අමල් Saturday, 06 April 2024 08:55 AM

රුපියල ශක්තිමත් වී ගෙන යන්නේ ණය වාරික නොගෙවීම නිසා බවට විපක්ෂය කියන අතර ආණ්ඩුව මෙම ප්‍රවෘත්තිය සත්‍ය නම් ඒවාට පිළිතුරු නොදෙන්නේ ඇයි?

:       2       2

කලුමැණිකා වීරසිංහ Saturday, 06 April 2024 03:23 PM

තෙන්නකෝන් උන්නැහේ අපිට තව කොපමණ මුදලක් ගෙවන්න තියෙනවාද කියන්නකෝ... මොකද මැරෙනකොට කෝටි ගණනේ ණය බරකුත් අරගෙන යන්න බැහැ. එහෙම වුණොත් මළාට පස්සේ නිවන්සැප ලැබේවා කියන අයට වුණත් සැනසීමක් නැහැනේ...!

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site