IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රාජ්‍ය ඇමතිනියට රූපවාහිනියෙන් නඩු දාන්නයයි

(සුජිත් හේවාජුලිගේ )

නවගමුව පෙරහර  සජීවී ලෙස විකාශනය කිරීම  වෙනුවෙන් රුපියල් ලක්ෂ නවයක මුදලක් ගෙවීම පැහැර හැරි රාජ්‍ය අමාත්‍යවරියට  එම  හිග  මුදල ගෙවන ලෙසට සිහිකැඳවීම් ගණනාවක් කර ඇතත්  තවමත් එම මුදල ගෙවා නැතැයි ජාතික රූපවාහිනි සංස්ථාව පවසයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති ප්‍රසාද් සමරසිංහ මහතා පැවසූවේ  රාජ්‍ය අමාත්‍යවරිය එම මුදල නොගෙවීමෙන් සංස්ථාවට ලොකු ගැටලුවක් මතු වී ඇති බවයි.

ඇය මෙම රූපවාහිනී සජීවී විකාශනය   ලබාගෙන තිබුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මස පැවැති නවගමුව පෙරහර සඳහා යැයි  කියති.

එම සජීවී විකාශනය ලබාදී තිබුණේ විකාශනය සඳහා වැයවන මුදල තමාගේ අතින් ගෙවන බවට ඇය රූපවාහිනි සංස්ථාවට ලිඛිතව දැන්වීමෙන් පසුව  බව  පැවසේ.

මේ සම්බන්ධයෙන් සංස්ථාවේ ගිණුම් අංශයේ උසස් නිලධාරියකු පැවසුවේ  එම හිඟ මුදල නොපමාව ගෙවීම් නොකළහොත් ඇයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.

මේ අතර මෙම හිඟ මුදල වහාම අයකර ගැනීමට කටයුතු කරන ලෙසට රූපවාහිනි සංස්ථාවේ සේවකයෝ  පාලනාධිකාරියෙන් ඉල්ලා සිටිති.



අදහස් (6)

රාජ්‍ය ඇමතිනියට රූපවාහිනියෙන් නඩු දාන්නයයි

Chandana Wednesday, 27 March 2024 04:33 PM

කවුද බොලේ මේ ඇලිස්?

:       0       27

ගමේ එකාලා Wednesday, 27 March 2024 06:47 PM

කවුද ඔය කියන රාජ්‍ය ඇමැතිනි?

:       0       17

රාලහාමි Wednesday, 27 March 2024 06:49 PM

රූපවාහිනියේ මහත්වරුනේ, ටිකක් ඉවසන්න. එයාගේ කාලය තව මාස කීයද? ඊට පස්සේ එයාව උසාවියට අරගෙන ඇවිල්ලා, නඩු අහලා, සාරියෙන්ම අමුඩයක් ගස්සලා, බලු කුඩුවේ දමනවා.

:       2       20

ගයනා ඩමගේ Wednesday, 27 March 2024 07:06 PM

ඇයි මේ රාජ්‍ය ඇමැතිනිට නමක් නැත්ද?

:       0       22

Perera Thursday, 28 March 2024 10:00 AM

රුපවාහිනී සංස්ථාව කියන්න රාජ්‍ය ඇමැතීන්ගේ අප්පුච්චා ගෙන් ආපු භූදලයක් ,එයාලා කොහොමද ඔය උත්ත්මාවියට විරුද්ධව නඩු දාන්නේ

:       0       1

Kazi Shajahan Thursday, 28 March 2024 04:22 PM

තවත් නඩු දාන්න එපා... රනිල්ට තමයි කරදර... එයාගේ අන්තිම?නඩුවත් රනිල් නිසා ගොඩ ගියා.. නැතිනම් එයා ආයෙ මේ වෙලාවට රටෙනුත් පැනලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site