IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ වැය වැඩි ඡන්ද 81 කින් දිනයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රාජ්‍ය  ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්ද අසූ එකකින් පාර්ලිමේන්තුවේ දී ඊයේ(24) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය.

වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද  91 ක් ලකුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද දහයක් පමණි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු වැය ශීර්ෂයට විරුද්ධ විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

ඡන්දය විමසන අවස්ථාවේදී සමගි ජන බලවේගය,  ජාතික ජන බලවේගය සහ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ වල මන්ත්‍රීවරු කිසිවෙක් සභාවේ නොසිටියහ.

වැය ශීර්ෂයට ඡන්ද විමසීමක් ලබාදෙන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාය.

මෙයට අමතරව අද විවාදයට ගැනුණු මහජන ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශවල  වැය ශීර්ෂද ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

ආරක්ෂක මහජන ආරක්ෂක සහ තාක්ෂණ යන අමාත්‍යාංශවල නෑ ශීර්ෂ පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ දී අද දවස පුරා පැවැත්විණ.



අදහස් (2)

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ වැය වැඩි ඡන්ද 81 කින් දිනයි

දේශපාලනය කියන්නේ රස්සාවක්...! Thursday, 24 November 2022 09:45 PM

ලංකාවේ දේශපාලනය කියන්නේ රස්සාවක්...! අවංකවම සේවය කරන අය බොහොම අඩුයි..! ඉතින් රට හැදෙයිද? හැබැයි කාගේ හරි වැරදි හොයන්නනම් ඒ තරම් මොලකාරයෝ ලෝකෙ කොහෙවත් නැහැ..! බලන්න හිටපු අපේ මැති ඇමතිලගෙ චන්ඳ ලැබුනු ගම්... අදටත් තාමත් සුද්දා රට බාර දෙනකොට දුන්නා හා සමානයි ? තාම ඒපැතිවල පාසල් යන ලමයිට යන්න හරි පාරක් නැහැ. වතුර නැහැ. මැටි ගෙවල්වල ඉටිරෙදි වටේට දාගෙන ඉන්නේ. ඒත් ඒ මැති ඇමතියගෙ ඩ්‍රයිවරයගෙ ඉඳලා මැති ඇමතිය බලාගන්න එවුන් විඳින සැප..! හොරකම ලේ නහරවල උඩු දුවලා තියෙන්නේ...! උන්ගෙ වයස 21 කොල්ල කෙල්ල පදින වාහන දැක්කම හිතාගන්න පුලුවනි ගමට දුන්නු සල්ලි වලින් ගමට වුනු සෙත! හැබැයි ඇමතිකමේ වැඩ පටන් ගන්නේ හාමුදුරුවරු ගෙනල්ලා නැකතකට අත්සන ගහලා. කිසිම රටක නොකරන දෙයක් ඒක...! ඒ වුනාට අපේ අය සමාජයෙන් ලකුණු දාගන්න පේන්න ඒ දේ කරනවා.! ඔය කිසි කෙනෙක් රටට කල දෙය ගැන මාසිකව වාර්‍ෂිකව දැනුවත් කරනවාද.? හැබැයි බින්දු පහේ මාසික පඩිය නොකඩවා අරගෙන බැට් පිත්ත වගේ තිබුණ ඇඟපසඟ රා මදින කිතුල් ගසක් බඩ දරුවුනා වගේ බඩගෙඩියක් දාල හදා රටටම පෙන්වනවා ...!හැබැයි පුද්ගලික ආයතනයක දුන්නු වැඩය කලේ නැත්නම් දොට්ට...!

:       22       0

sharm warn Friday, 25 November 2022 09:17 AM

විපක්ෂය මොකද ඒ වෙලාවේ හිටියේ නැත්තේ.?

:       9       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site