IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රාජ්‍ය ආයතන වල මුල් පුටු හිතුමතේ වෙනස් කිරීම නවත්වයි

 

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදු කිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අග්‍රමාත්‍ය ලේකම් අනුර දිසානායක,  අමාත්‍ය මණ්ඩල ලේකම්  ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු යන මහත්වරු කටයුතු කරති.

කමිටුවේ ලේකම්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතා පත් කර ඇත.

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීමට අවශ්‍ය නම් සාධාරණීකරණය කළ හැකි හේතු සහිතව නාම යෝජනා ඉහත කමිටුවට ඉදිරිපත් කර පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය කර තිබේ. 

පූර්ව එකඟතාවකින් තොරව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීමට විටින් විට  ජනාධිපති වෙත කෙරෙන ලිඛිත ඉල්ලීම් සහ ඇතැම් අවිධිමත් පත්කිරීම් පිළිබඳ අවධානය යොමු කරමින් මෙම කමිටුව පත් කර තිබේ.

මේ පිළිබඳව ජනාධිපති ලේකම්ගේ අත්සනින් යුතුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට සෘජුව ලිපියක් යොමු කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් හා මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට පිටපත් යොමු කර තිබේ. 



අදහස් (8)

රාජ්‍ය ආයතන වල මුල් පුටු හිතුමතේ වෙනස් කිරීම නවත්වයි

fairoos Tuesday, 16 August 2022 12:49 PM

අපෙ රටේ මෙහෙම වෙන්නෙ අලුත් ආණ්ඩුවක් ආවොත්, නැත්නම් නන්දසේන වගේ කෙනෙක් හිටියොත් පමනයි.

:       1       5

Thilak Tuesday, 16 August 2022 01:22 PM

Very good decision..

:       2       2

返事Tuesday, 16 August 2022 03:03 PM

මට බැරිද ජපන් බාෂවෙනුත් පිළිතුරු එවන්න

:       2       0

nimal perera Tuesday, 16 August 2022 02:02 PM

ඔව් දැන් එතකොට එක එක ඇමතිට ඕන විදිහට හෙන්චයියන් දාගන්න බැහැ. දැන් පුළුවන් රනිල් කැමති හෙන්චයියන් දාගන්න විතරයි. මේ මොන විහිළුද? කාවද රවට්ටන්නේ? හරි නම් ඔය සියලුම තනතුරු වලට අවශ්‍ය සුදුසුකම් නීතිගත කරලා නිර්දේශපාලනික මණ්ඩලයක් මගින් අනුමත වෙන්නයි ඕනේ. නැතුව රනිල්ට කැමති මිනිස්සු දාගත්ත මණ්ඩලයකින් නොවේ.

:       4       7

සුරංග Tuesday, 16 August 2022 03:25 PM

රනිල්ට කැමති මිනිස්සු කියන්නෙ හැමදාම ජනාධිපති රනිල් කියලා හිතලා වෙන්න ඇති .එහෙම නොවෙයි ජනාධිපති කියලා යෙදුවොත් අනාගතයේ පත්වෙන රජයන් සදහා ඒක අදාල වෙනවා.

:       3       4

sharm warn Tuesday, 16 August 2022 02:11 PM

රාජ්‍ය ආයතනවල මුල්පුටු වල ඔඋගෙඩි තෝර තෝර හිටපන්.. අන්න රට බංකලොත් කියල වර්ගීකරණය කරලා( සමනළයන් තව ඉන්නවාද පුටුවල ඉන්දවන්න)

:       5       4

Deepal Nirosh Tuesday, 16 August 2022 03:02 PM

මෙතන කෙරෙන්නේ ආයතන ප්‍රධානීන් පත් කිරීමේ බලය ඇමතිවරුන්ගෙන් ඉවත් කර ඒ බලතල ජනාධිපති යටතේ පවත්වා ගැනීම. ඇමතිවරුන්ගේ හෙංචයියන් වෙනුවට ජනාධිපතිට කැමති විදියට තම හෙංචයියන් පත් කර ගැනීමේ උපක්‍රමයක්

:       3       3

swene Tuesday, 16 August 2022 04:18 PM

පොහොට්ටුව වලියක් ඇදලාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1037 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site