IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


රාජ්‍ය ආයතන වලට එන ජනතාව සීමා කෙරේ

( දිල්රුක්ෂි ග්‍රේරු )

කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා  විවිධ කටයුතු සඳහා  රාජ්‍ය ආයතනවලට පැමිණෙන මහජනතාව හැකි තාක් අඩු කිරීමට අවශ්‍ය  පියවර ගත යුතුයයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්  එස් හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතාගේ උපදෙස් මත   මෙම  චක්‍රලේකය නිකුත් කර තිබේ.

මහජන දිනයේදී කාර්යාලට වලට පැමිණෙන ජනතාවගේ ගැටලු දුරකතන හා විද්‍යුත් තැපෑල මගින් ලබාගෙන විසඳුම් දීමටද රාජ්‍ය ආයතන වලට උපදෙස් ලැබී තිබේ. රාජ්‍ය නිලධාරීන් සහ මහජනතාව රැස් කර  විශාල වශයෙන් පැවැත්වෙන  පුහුණු වැඩසටහන් රැස්වීම් තාවකාලිකව අත්හිටුවිය යුතු  බවද එහි සඳහන් වේ.

මෙම  අවදානම් තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත වන්නේ නම් රජයේ  කාර්යාලවල කටයුතු සීමා කිරීමට සිදු විය හැකි බවද මාණ්ඩලික නිලධාරීන් හා අතවශ්‍ය සහය නිලධාරීන් පමණක්  කාර්යාල වලට වාර්තා කළ යුතු බවත් එහි තීරණය අදාල ආයතන ප්‍රධානීන් විසින් කළ යුතු බවත් එහි දක්වා ඇත.

සියලුම රාජ්‍ය සේවකයින්ට, මහජනතාවට  විෂ බීජ වලින් ආරක්ෂා වීමට කාර්යාලයට පැමිණමෙන් පසු විෂබිජානුහරණය සඳහා අත්සේදීම් දියර ලබා දීම ආයතනය විසින් කළ යුතුය.

කොරෝනා වයිරසය පිළිබඳව  කාලීන තොරතුරු අවශ්‍යනම්  සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවියෙන් (http://WWW.epid.gov.lk)  ලබා ගත හැකි බවත් , වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා වසංගත රෝග විද්‍යා අංශයෙන් ලබා දී ඇති උපදෙස් මාලාව  ඇතුළත් වසංගත රෝග විද්‍යා අංශ වෙබ් අඩවියේ සම්බන්ධිතයක් ( link) අදාල ආයතනයනිහි වෙබ් අඩවියේ ඇතුළත් කිරීමට  කටයුතු කරන ලෙසද  අදාළ සියලු ආයතනවලට  මෙම චක්‍රලේකය මගින් දැනුම් දී තිබේ.

එමෙන්ම රජය විශේෂිත නිවාඩු දිනයන් ප්‍රකාශ කළද  අතවශ්‍ය මහජනසේවා පවත්වාගෙන යා යුතු බැවින් ආහාර, ඖෂධ, ජලය, විදුලිය,  සෞඛ්‍ය සේවා සහ ජාත්‍යන්තර බැංකු සේවා ඇතුළු අතවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යා යුතුය.

මේ පිළිබඳව අසත්‍ය ප්‍රචාර සිදු කරන්නන්  පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්  පිළිගත් මුලාශ මත පදනම්ව තොරතුරු ලබාගන්නා ලෙසත් චක්‍රලේඛය මගින්  වැඩිදුරත් උපදෙස් දී තිබේ. 



අදහස් (0)

රාජ්‍ය ආයතන වලට එන ජනතාව සීමා කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 19 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 864 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site