IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රාජ්‍ය ආයතන රැසක දූෂණ සොයා පරීක්ෂණ

ජාත්‍යන්තර බේරුම්කරණ ආයතනය ආරම්භ කිරීමේදී අධිකරණ අමාත්‍යංශයේ මහාපරිමාණයෙන් වංචා සහ දුෂණ සිදු වී ඇති බව බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණිලි ලැබී ඇතැයි වාර්තා වේ.

එම ආයතනය ආරම්භ කිරීමේදී එම ආයතනයට අවශ්‍ය භාණ්ඩ හා කාර්යාලීය උපකරණ මිලදී ගැනීමේදී මෙලෙස වංචා සහ දුෂණ සිදු කොට ඇති බව හෙළි වී ඇතැයි වාර්තා වේ.

ශ‍්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරීනී එල්. එම්. එෆ්. පෙරේරා මහත්මිය කොමිසම හමුවට ගෙන්වා කළ ප‍්‍රශ්න කිරීම් වලදී  අධිකරණ අමාත්‍යංශයේ සිදු වී ඇති මහාපරිමාණ වංචා සහ දුෂණ පිළිබඳව තොරතුරුද හෙළි වු බව බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අමතරවශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ සිදු වී ඇති මහාපරිමාණ වංචා සහ දුෂණ පිළිබඳවද ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරීනී එල්. එම්. එෆ්. පෙරේරා මහත්මිය හෙළි කර ඇතැයිද එම තොරතුරුවල සත්‍යාසත්‍ය භාවය හෙළි කර ගැනීම සඳහාද වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද කොමිසමේ ආරංචි කියයි.

මේ සම්බන්ධයෙන් පැමිණිලි ඇතොත් ලේකම්,  බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම, බ්ලොග් අංක 05, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත කොළඹ 07. ලිපිනයෙන්ද, දුරකථන අංක 0112669135, ෆැක්ස් 0112697420 හෝ ඊමේල් [email protected] මඟින් දැනුම් දෙන ලෙස ලැසිල් ද සිල්වා මහතා වැඩිදුරටත් ඉල්ලා සිටී.

 



අදහස් (0)

රාජ්‍ය ආයතන රැසක දූෂණ සොයා පරීක්ෂණ

පිටබැද්දර ජයා Sunday, 11 October 2015 10:16 AM

යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් හාල් මල්ල නොබලාම විසි කරපියෝ කියල කියමනක් තියෙනවා , කුසගින්න නිවා ගන්න කොස් ගෙඩියක් කැඩුවට පාසල් දරුවෙක් අධිකරනෙට ගෙනිච්ච රටේ , මේ අවනඩු ගලේ බණ්ඩාර දෙවියන්ටවත් කියල බලමු ඉතින් (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 12 October 2015 04:07 AM

අනේ! දෙවියනේ මට වුන වියෝයා , පැලේ පැදුර හොරු අරගෙන ගියෝයා. (ස)

:       0       0

දිලිප් Monday, 12 October 2015 04:32 AM

රජයේ ආයතන , මණ්ඩල, සංස්ථා ඇතුළු බොහෝ ආයතන වල දුෂණ ලබාගැනීම සදහා ක්‍රමවත් හා විශ්වාසදායි රහස්‍ය වැඩපිළිවෙලක් කඩිනමින් කළ යුතුව ඇත. (බ)

:       0       0

ජයනාත් Thursday, 15 October 2015 05:01 PM

මට හිතෙන්නේ ඉස්තාලේ වැහුවට වැඩක් නැතිවෙයි . අස්සයා පැනලා ගොහින්..! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 392 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site