IMG-LOGO

රාජ්‍ය ආයතන රැසකින් තෙල් සංස්ථාවට කෝටි 14040ක පොල්ලක්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික පියරත්න )

රාජ්‍ය ආයතන රැසක්  ඉන්ධන වෙනුවෙන්  ඛනිජ තෙල් සංස්ථාවට රුපියල්  කෝටි දාහතර දහස් හතළිහක  මුදලක්  ගෙවීම පැහැර හැර  ඇතැයි  විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදි අද (09) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මයන්ත දිසානායක  මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙය මෙම වසරේ අප්‍රේල් 30 වනදා වනවිට  අයවීමට තිබූ මුදල බවද හෙතෙම සඳහන් කළේය

ඒ අනුව ශ්‍රී  ලංකන් ගුවන් සමාගම රුපියල් මිලියන අනූපන්දහස් අටසිය හැත්තෑ හතරක්ද, ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් මිලියන හතලිස්දහස් තුන්සිය නවයක්ද, ශ්‍රී ලංකා යුද හමුදාව මිලියන එක්දහස් තුන්සිය දහයක්ද, දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් මිලියන එක්දහස් එකසිය අනූපහක්ද   ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතුව ඇත බව අමාත්‍යවරයා කීවේය.

එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා ගමණා ගමන මණ්ඩලය  පොලිස් දෙපාර්තමේන්තුව, විශේෂ කාර්ය බලකාය රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නිතිගත සංස්ථාව, කොළඹ නගර සභාවේ මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන ගණනාවක්ද   ඛනිජ තෙල් සංස්ථාවට මුදල් ගෙවිය යුතු බව පැවසූ කංචන විජේසේකර මහතා ලංකා ඛනිජ තෙල්  නිතිගත සංස්ථාව ලංකා බැංකුව, මහජන බැංකුව සහ මහා භාණ්ඩාගාරයේ  විශේෂයෙන්ම ඉන්දියා‍නු  ආනයන හා අපනයන බැංකුව ආදියෙන් ණය ලබාගෙන ඇතැයිද සඳහන් කළේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2012 වසරේදී මහජන බැංකුවෙන් රුපියල් මිලියන එක්ලක්ෂ පනස් හත්දහස් නවසිය හතරක්ද ලංකා බැංකුවෙන් රුපියල් මිලියන දෙලක්ෂ විසිතුන්දහස්  හත්සිය විසිනවයක්ද ලබාගෙන ඇති බවත් එහි  එකතුව මිලියන තුන්ලක්ෂ අසූඑක්දහස් හයසිය තිස් හතරක් බවත් ඔහු කීවේය.

අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසීය.

ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලය ශක්තිමක් කිරිම වෙනුවෙන් යාන්ත්‍රණයක් ක්‍රියාත්මකයි. පිරිවැයට වඩා විකුණුම් මිල වැඩිකිරීම එක් පියවරක්.පසුගිය කාලයේදී පිරිපහදුවේ කටයුතු නතර කිරීමට‍ සිදුව තිබුණා. නමුත් මේ වනවිට එය නැවත සක්‍රීය කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. පිරිපහදුවේ ධාරිතාව වැඩිකිරිම. පිරිවැය අඩුකිරිම. කාර්යක්ෂම භාවය ඇතිකිරිම, සංස්ථාවට අයවිය යුතු හිඟ මුදල් අයකර ගැනීමට අවශ්‍ය සැළසුම් සකස් කිරීම. ඉන්ධන හා විදුලි බලය භාර ඇමතිවරයා ලෙස  ජනතාව පත්ව ඇති අසිරුතාව සම්බන්ධයෙන් මම කණගාටු වෙනවා. විශේෂයෙන්ම ‍මීට පාදක වන කරුණු වන්නේ ගෝලිය වශයෙන් ‍බොරතෙල් වල අධික මිල හා අපගේ ආර්ථික අර්බුදයයි.



අදහස් (2)

රාජ්‍ය ආයතන රැසකින් තෙල් සංස්ථාවට කෝටි 14040ක පොල්ලක්

ජයලත් Friday, 10 June 2022 05:54 AM

අපි නම් කිසිම දෙයක් නයට අරන් නැහැ

:       0       0

Bamunuarachchi Friday, 10 June 2022 12:52 PM

ඕවා අපිට කියලා වැඩක් නැහැ. කියා කියා ඉන්නේ නැතුව අයකර ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 352 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 263 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site