IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රාජ්‍ය ආයතනවල භාවිතයෙන් ඉවත් කළ වාහන අලුත්වැඩියා කර යළි භාවිතයට පියවර

(ඩයනා උදයංගනී)


රාජ්‍ය ආයතනවලට අයත් දැනට භාවිතයට නොගන්නා වාහන 5,588 ක් අතරින් 4,116ක් අලුත්වැඩියා කර යළි භාවිතයට ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

අලුත්වැඩියා කළ නොහැකි සෙසු වාහන විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් භාවිතයෙන් ඉවත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් දැනට භාවිතයට ගැනීමට නොහැකි මෙම වාහන අලුත්වැඩියා කිරීම සඳහා අදාළ ආයතනයන් සතුව ප්‍රතිපාදන නොමැති නම් ජාතික අයවැය දෙපාර්තමේන්තුව මගින් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(3) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

එලෙස අලුත්වැඩියා කරන වාහන මුදල් අමාත්‍යාංශයේ කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලය හරහා ප්‍රමාණවත් තරම් වාහන නොමැති රාජ්‍ය ආයතන වෙත විධිමත් පරිදි ලබාදෙන බව ද සම කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.



අදහස් (4)

රාජ්‍ය ආයතනවල භාවිතයෙන් ඉවත් කළ වාහන අලුත්වැඩියා කර යළි භාවිතයට පියවර

නිමල් Thursday, 03 September 2020 11:43 AM

මධ්‍යම රජයේ මෙන්ම පළාත් රජයවල්වල භාවිතයෙන් ඉවත්කළ වාහන වලින් ඒ ඒ ආයතනවලට වංචාකර පොහොසත් වූ පිරිසක් සිටිනවා. ඔවුන් ගැනත් සලකා බලනවා නම් අගෙයි..

:       0       7

Prabha Thursday, 03 September 2020 01:15 PM

මැති, ඇමැතිලා සහ දූලා පුතාලා හප්පන, පෙරළන වාහනවල අලාභය ඒ අයගෙන් අයකර ගන්නත් බලමු..

:       0       6

Raveendra Thursday, 03 September 2020 02:01 PM

කුඩා කාලේ "රථ කල්කෙ" හරි හැටි නොලැබුණු නිසා රථගාය උපරිමෙන්ම තියෙන "සමහරක් " ලොක්කන්ට නම් මළපැනලා ඇති තීරණයට...

:       0       32

sampath Thursday, 03 September 2020 05:46 PM

පොලිසියටම තියෙන්නේ ජීප් 1ක් නැත්නම් 2යි ආයතනවල වාහන නිකරුනේ දිරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 487 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2229 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site