
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජයේ සියලුම සුඛෝපභෝගී වාහන මාර්තු මාසයේදී වෙන්දේසි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද පැවසීය
ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෙසු අයවැය යෝජනා මෙසේය.
1 ජාතික තීරු බදු ප්‍රතිපත්තියක්.
2 රටට නව රේගු පනතක්
3 ආර්ථික පරිවර්තන පනත සංශෝධනය කිරීමට පියවර
4 රජයේ ඉඩම් ඵලදායි කටයුතු සඳහා බදු දෙනු ලැබේ.
5 එක් ස්ථානයකින් සියලු සේවා ලබා ගැනීමට යාන්ත්‍රණයක්
6 ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතියක්
7 වරාය බටහිර දෙක සහ උතුරු ව්‍යාපෘතිය සඳහා මාසයක් ඇතුළත අභිලාෂ කැඳවෙයි.
8 වේයන්ගොඩට අභ්‍යන්තර බහාලුම් අංගනයක්.
9 වරාය බහාලුම් කළමනාකරණයට රුපියල් කෝටි පනහක්
10 ජනතාවට කඩිනමින් ඩිජිටල් හැඳුනුම්පතක්
11 ඩිජිටල් ආර්ථික අධිකාරියක්
12 මුදල් නෝට්ටු පරිහරණය අවම කිරීමට පියවර
13 ඩිජිටල් ආර්ථිකය ප්‍රවර්ධනයට රුපියල් කෝටි 300ක් වෙන් කෙරේ.
14 තොරතුරු තාක්ෂණ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන පහක් දක්වා ඉහළ නැංවීම
15 සංචාරක ක්ෂේත්‍රයේ නව ගමනාන්ත හඳුන්වාදීමට පියවර
16 සංචාරකයන්ට සංචාරක ස්ථාන වලට ඇතුළු වීමට ඩිජිටල් ටිකට් පතක්.
17 කටුනායක ගුවන්තොටුපොළේ දෙවැනි පර්යන්තය ළඟදීම ආරම්භ කිරීමට පියවර.
18 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවර්ධන බැංකුවක්
19 නවෝත්පාදන පර්යේෂණ කටයුතු දිරිගැන්වීම සඳහා රුපියල් කෝටි 100ක්
20 ඇමැති නිවසක් දූෂණ විරෝධී කාර්යාලයකට
21 රජයේ සියලුම සුඛෝපභෝගී වාහන මාර්තු මාසයේදී වෙන්දේසි කෙරේ.
22 ජනාධිපති මන්දිර හා නිල නිවාස ආර්ථික සහ මහජන සේවා සඳහා යොදවා ගැනීමට පියවර.
23 මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය මේ වසරේ ලබා නොදේ. ඒවගේම වාහනද ලබා නොදීමට තීරණය කෙරේ.
24 රාජ්‍ය ආයතන වල අවශ්‍යතාව සමාලෝචනයට අගමැති ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්
25 ත්‍රිපෝෂ වැඩසටහන සඳහා රුපියල් කෝටි පන්සියයක්
26 ගැබිණි මාතාවන් සඳහා ආධාර ලබාදීමට රුපියල් කෝටි 750ක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චින්තන රටාව පරීක්ෂා කර බලන්න. වහලුන් සතුටින් තබා ගැනීමට උපක්‍රමයක් පමණයි. රජයේ සේවකයින්ගේ රජයේ වියදම් අඩු කිරීමට හෝ නිෂ්ඵල රජයේ සේවාව කප්පාදු කිරීමට කිසිදු දිගුකාලීන සැලැස්මක් නොමැත. වරාය නගරය සඳහාවත් ආයෝජන සැලැස්මක් තිබේද?
ඔය කිසි දෙයකින් රටට වැඩක් නැහැ. වෙනස කියන්නේ වැඩිහිටි දීමනා වැඩි කරන එක අනාත නිවාස සඳහා දීමනා දෙන එක නෙවෙයි, සල්ලි ප්‍රින්ට් කරලා හෝ පුළුවන් උන්ගෙන් පුළුවන් තරම් බදු ගහලා බෙදා හරින එකත් නෙවෙයි. මේකත් කලින් ආණ්ඩුවල අයවැය අතරත් කිසිම වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ ඉදිරිපත් කරන පක්ෂයේ විතරයි. ආර්තික ප්‍රතිසංස්කරණ අමාරුයි, නමුත් ඒවා තමයි අවශ්‍ය. ඔය තරම් බලයක් තිබියදීත් ඒවා නොකරනවා නම් මේ රටට දෙවියන්ගේම පිහිටයි
තවත් ජෙප්පෝ චූන් කරන එක නම් නවත්තලා නෑ
ඒක තමා වොක්ස්වැගන් කර්මාන්තශාලා නැහැ, මත්තල වගේ ගුවන්තොටුපළවල් යෝජනා කරලා නෑ, විදේශ ආයෝජකයෝ ආකර්ෂණය කරගන්ඩ කිසිම දෙයක් විකුණන්නෙත් නෑ. මහමෙලෝ රහක් නැති අය වැයක් නේහ්...
සියල්ල නොමිලේ දීම තමයි මේ රටේ අර්බුදය...
කටින් පච කෝටියයි