
(රංජිත් රාජපක්ෂ)
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි එම වත්තට අද(26) මෙම බෙහෙත් තොගය වාහනයකින් රැගෙන විත් බැහැර කර ඇති බව වතු පාලන අධිකාරිය කියා සිටියි.
එම බෙහෙත් තොගය කල් ඉකුත් වු බෙහෙත් බවත් ඒම බෙහෙත් තොගයේ කවරයක නුවරඑළිය නියෝජ්‍ය සෞඛ්‍යය අධිකාරි කාර්යාලයේ ලිපිනය සදහන් කර ඇත.
බෙහෙත් තොගය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd