පාකිස්තාන මහ මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව පැහැදිලි රජයක් පිහිටුවීමට කිසිදු පක්ෂයක හැකියාව ලැබී නැතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තුවේ බහුතරය වන ආසන 169 ලබා ගැනීමට කිසිඳු දේශපාලන පක්ෂයකට මේ වන විට අවස්ථාවක් ලැබී නැත.
ඒ හේතුවෙන් මේ වනවිට රජයක් පිහිටුවීම සඳහා සන්ධානගත වීමට සිදුව ඇතැයි ද එම වාර්තා සඳහන් කරයි.
දැනට පිටවී ඇති ඡන්ද ප්‍රතිපලවලට අනුව පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයට සම්බන්ධ ස්වාධීන අපේක්ෂකයන් ආසන 98 ක් ලබා ගෙන තිබේ.
නවාස් ෂරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගය (එන්) පක්ෂය ආසන 69 ක් මේ දක්වා දිනා ඇති අතර පාකිස්තාන ජනතා පක්ෂය ආසන 51 ක් දිනා ඇත.
තවත් ආසන 22 ක ඡන්ද ප්‍රථිපල ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර පාලන පක්ෂ සාකච්ඡා ආරම්භ කර ඇති අතර නවාස් ෂරීෆ් ප්‍රකාශ කර ඇත්තේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් ප්‍රධාන දේශපාලන පක්ෂය තම දේශපාලන පක්ෂය බැවින් පාකිස්තාන මුස්ලිම් ලීගය (එන්) පක්ෂය සමග අත්වැල් බැඳ ගන්නා ලෙසයි.
(අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජයක් පිහිටුවන්න කාටවත් බෑ
pakeer Saturday, 10 February 2024 11:37 AM
ලංකාවෙත් වෙන්නේ ඔහොම තමයි... ආසියාවේ ඔක්කොම ඉන්නේ කාලකණ්ණි මිනිස්සු. පවුකාරයෝ... සුද්දෝ නැතිනම් මේ ලෝකයේ අපි ඉන්නෙත් සත්තු වගේ තමයි.