
(නිමන්ති රණසිංහ)
අරගලය පැවති අවස්ථාවේදී අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි දේපල විනාශ කිරීමේ සිද්ධියට අදාළව මන්දිරයේ තිබූ ලේ සාම්පල් පහක් සම්බන්ධයෙන් වන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (22) රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ සිදුකරන අවස්ථාවේදී අරලියගහ මන්දිරයේ තිබූ මෙම ලේ සාම්පල් පහ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තා කැඳවිය යුතු බැවින් ඒ සඳහා නියෝග නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරවලට ඉකුත් 2022 වසරේ මැයි මස 09 වැනිදා පහර දීමේ සිද්ධියට අදාළ පරික්ෂනය අධිකරණය හමුවේ අද (22) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජමැදුරේ ලේ පැල්ලම් ගැන වාර්තාවක් ඉල්ලයි