(නිමන්ති රණසිංහ)
ආන්දෝලනාත්මක “සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව”ට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ එම ගුවන් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුන්දර මහත්මිය අද (01) නියෝග කළාය.
සිද්ධියට අදාළව කොළඹ මහාධිකරණය මගින් ද විදෙස් ගමන් තහනමක් පනවා තිබීම හේතුවෙන් මෙම අධිකරණයේ පවතින එම තහනම ඉවත් කරන ලෙසට රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ ගුණරත්න වන්නිනායක මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝග නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් සැකකාර රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙනු ලැබුවේ ඉකුත් 2019 දෙසැම්බර් මස 30 වැනිදාය. පසුව එම ඇප නියෝගය බලරහිත කරමින් කොළඹ මහාධිකරණය ඉකුත් 13 වැනිදා සැකකරු එසේ රක්ෂිත භාරයට පත් කර පසුව නැවතත් ඇප මත මුදා හැර ඇත.
මෙම සිද්ධියට අදාළව නිතිපතිවරයා විසින් රාජිත සේනාරත්න මහතා ඇතු`ථ සිව් දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබ ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
රාජිතගේ සුදුවෑන් නඩුවේ කොන්දේසියක් ඉවතට
chandima Monday, 01 August 2022 11:04 PM
සංශෝධනයට ඡන්දෙ ගන්නවට ගාණක් දෙනවට වඩා ඒක ලාබයි. ඔක්කොම කොන්දේසි ඉවත් කරන්න එපා. ඉස්සරහට තවත් ඡන්ද එනවනේ.
sharm warn Tuesday, 02 August 2022 10:06 AM
හා... හා.. මෙන්න ඊළඟ පිනුම් අප්පු. පොඩ්ඩක් ඇහැ ගහගෙන හිටිය නම් සර්කස් එකේ අලුත්ම තත්ත්වය බලා ගන්න පුළුවන්.