(සුජිත් හේවාජුලිගේ)
ජිනීවාහි පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි මහ සමුළුවට සෞඛ්‍ය ප්‍රධානීන් 20 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් යැවීමට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කළ නිර්දේශය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
ඇමැතිවරයා යවා තිබූ විසිදෙනාගේ ලැයිස්තුව ජනාධිපතිවරයා විසින් 14 කට අඩුකර යවා තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ.
ජනාධිපතිවරයා මේ ලැයිස්තුවෙන් නම් හයක්ම ඉවත් කර ඇත්තේ තමා සෞඛ්‍ය ඇමැති ධුරය දැරූ කාලයේදීවත් මෙතරම් විශාල පිරිසක් ජිනීවා සමුළුවට එකවර ගෙන ගොස් නැතැයි පවසමින් යැයිද දැනගන්නට තිබේ.
ජිනීවා යෑම සඳහා ඇමැතිවරයා නම් කළ විසි දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වී සිටියේ සෞඛ්‍ය පරිපාලනයට සම්බන්ධ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් පිරිසකි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා පැවැසුවේ මේ සිද්ධිය සත්‍යයක් බවය.
විස්සේ ලැයිස්තුව ජනාධිපතිවරයා විසින් දාහතරට අඩු කර එවා ඇතැයි ද ඔහු කීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජිනීවා සමුළුව අදින් (21) ඇරැඹෙන අතර එය ලබන 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මේ සමුළුවට සහභාගිවීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ද පෙරේදා (19) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගියේය.
දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරය
මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රාජිතගේ විස්සේ ලැයිස්තුව ජනපති 14 ට කපයි
Rohan Monday, 21 May 2018 04:51 AM
ඉඳල හිටලා හරි මේවගේ වැඩත් කරනවා මෙයා
prakaash Monday, 21 May 2018 05:02 AM
රාජිත රට යන්න ඇත්තේ කොටින්ගෙන් සන්තෝසම් ගන්න බව පැහැදිලියි. ආයෙමත් මේ රට එන්න එපා. මුළු රටම ශාප කරනවා.
RaveendraMonday, 21 May 2018 09:40 AM
ඡායාරූපයේ හැටියට අම්බරුවගේ නාසයත් බුරුල් වෙලා... "ජලදෝෂ" වැළඳිලා වගේ.. අනේ පව්.. එනගමන් සිංගප්පූර් වලින් අපේ බදුමුදල් වලින් කෂාය පැකට් එකක් අරගෙන තම්බලා බීලම අාවොත් හොඳද? මොකද ලක්පුරවැසියන් "හතර වරිගෙම" මතක්කරනවා.
asanga Monday, 21 May 2018 05:08 AM
රටේ සල්ලි නාස්ති කරන අමනයින් තමයි.
එර්දි Monday, 21 May 2018 05:14 AM
ජනපති ගැන කව්ද නොදන්නේ? ආවේ හිටං ගුවන් තොටුපළ වහලා හොරු, මිනීමරුවෝ හිරේ දාන්න අල්ලපු අය වැඩිකමටයි පහළ ගියේ එජාපයේ. රාජිතගේ විස්ස දාහතරට අඩු කලේ මේ වෙලාවේ රටේ රාජිතට තියන අප්‍රසාදය ජනපතිටත් දැනිලද..? එහෙමත් නැතිනම් කලක සිට පවතින කන්න දීපු අත හපා කන පුරුද්දක්ද?
Sunil Monday, 21 May 2018 05:18 AM
100ක් වත් නොවුණු නිසා අපිට හිතට මදි. කිසි ගැම්මක් නැහැ !!!
vernon Monday, 21 May 2018 05:22 AM
ජිනීවා නෙවෙයි ලන්ඩන් යන්න ඉල්ලන්න.
සතයපාල Monday, 21 May 2018 05:25 AM
ඊළඟ මාධ්‍ය සාකච්ඡාවේදී මෙහෙම කියයි. රාජිත ඔයා කැමති විස්සක් නම් කරලා එවන්න. මම දාහතරක් තෝරන්නම් කියලා ජනාධිපතිතුමා මට කිව්වා. එහෙම නැතිව විස්සක් අරන් ජිනිවා යන්න මට පිස්සු නැහැ.
Nnk Monday, 21 May 2018 05:27 AM
රාජිත ඇමැති ආපසු පැමිණි පසු ජනපතිට ධුරය අහිමි වනු ඇත..
රවින් Monday, 21 May 2018 05:28 AM
හා !! හා !! ජිනීවා ගියාම පාටි දාන්න එහේ ඉන්න විශේෂිත කට්ටියගෙන් ආරාධනා ලැබිලා වගේ. පහුගිය ටිකේ එක තමා මෙයා ඒගොල්ලන්ගේ සපෝර්ට් එකට කථා කලේ. කුට්ටිය හොඳට ලැබෙයි වගේ. බළලා මල්ලෙන් එළියට පැන්නා වගේ...
Raveendra Monday, 21 May 2018 05:32 AM
අරාජිතය වුනත් මගේ නම රාජිතයා.. කෙබර කට නිසා අරාජිත වුනේයා.. දැන් මක්කරන්නද මම වෙමි වසලයා.. උත්සහ ගන්නවා වහගන්නට කට නැතේයා..
Prasanna Monday, 21 May 2018 05:35 AM
මේවා බයිලා. රාජිත කියනවා මම 20ක් එවන්නම් ඔයා 14ට කපන්න කියලා. ජනාධිපතිට නැතිවෙලා තියෙන ගරුත්වය ගන්න හදන හැටියි මේ...
Tikiri moleMonday, 21 May 2018 08:42 AM
මෙන්න නියමයි.......රාජිතත් ගොඩ
RaveendraMonday, 21 May 2018 09:54 AM
ප්‍රසන්න මයා වෙත, අප විශ්වාස කරනවා. ඔබ ඉතාමත්ම නිවැරදියි කියා... මක් නිසාදයත්, මේ පුද්ගලයා 97 ඔක්ටේන් 97 පැට්‍රල් යටිනුත් ගින්දර ගෙනියන්න අති දක්ෂයෙක්...
ජගත් ලියනගේ Monday, 21 May 2018 01:22 PM
ඔයදේම මටත් හිතුණා. ප්‍රසන්න මහත්තයෝ...
ලුම්බිණි Monday, 21 May 2018 06:17 AM
ඇයි අපට බැරි මේකට කිසියම් ප්‍රතිපත්තියක් හදන්න. මොකක් හරි ක්‍රමවේදයක් හැදුවම එතකොට කවුරුත් එය අනුගමය කරාවි.
HasithaMonday, 21 May 2018 08:07 AM
අනුගමනය කරන්න වෙන හින්දාම තමයි හදන්නේ නැත්තේ...
maal Monday, 21 May 2018 06:33 AM
අන්න හොඳ වැඩක්.
Bamunuarachchi Monday, 21 May 2018 07:23 AM
තව දෙකකුත් කැපුවා නම් තමයි හොඳ... හැබැයි ප්‍රභාකරන් දිනුවා නම් මෙයා එතැන කැබිනට් එකටත් රිංගනවා අපිව පාවා දීලා. එතැනදී මැතිතුමා කියලා නවතින්න් නැත. හලෝ මේ අයව ගොනාට අැන්දුවාට දෙමළුන්ව ගොනාට අන්දන්න බැරිවේවි !!!
DAYANILIYANAGE Monday, 21 May 2018 09:39 AM
රට විනාශ වෙලා තියෙන්නේ මේ වගේ අය නිසා තමයි.
පිටිගල මිලානෝ Monday, 21 May 2018 09:57 AM
කරන්න තිබුණේ විස්ස නෙවෙයි වෙන එකක්... මොකද මෙයා සිංහලයෙක් නෙවෙයිනේ...
කමනි Friday, 25 May 2018 08:02 PM
ආ..ඔවුනේ මෙයා ...කොටි පැටියෙක්.
sigithi Monday, 21 May 2018 10:26 AM
මෙය ලංකාවට එන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි. අපිට බොරු බේගල් අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කට ඇරියොත් බොරු වරුසාවයි. දෙවිවරු ඉන්නවා නම් මෙයාට නැවත ලංකාවට යහතින් එන්න සලස්වන්න නරකයි. රට විනාශය ඇදගෙන යන්නේ මේ අය තමයි.
nuwan Monday, 21 May 2018 11:38 AM
14 නෙමේ ඕකට එක්කෙනෙක් ගියා නම් ඇති. රට ආර්ථික ආගාධයක ඉන්න වෙලාවේ තව සල්ලි කාබාසිනියා කරන වැඩ මේවා....
nuwan Monday, 21 May 2018 12:30 PM
අපේ කරුමෙට තමයි මේ වගේ දේශපාලකයෝ ඡන්දෙන් පරාද වෙලත් කොහොම හරි රිංගාගෙන රටේ සල්ලි කාබාසිනියා කරන්නේ...
Saththaya Monday, 21 May 2018 02:10 PM
ඉස්සර ෆ්ලිට් එකක් පුරවලා.... ටෙලි නාට්‍ය නිළියොත් එක්ක සවාරි ගහද්දි මේ වගේ කැපිලි කතා කියන්න කව්රුත් හිටියේ නැහැනේ.. එහෙම වුණා නම් අර එයාර් ලංකා එක, කෝටි ගණනින් බංකොලොත් වුණු එක නතර වෙන්න තිබුණා. දැන් 14දෙනෙකුත් වැඩිය කියන එක අගය කරන්න ඕනෑ. රට ගැන හිතන අයට මාගේ ප්‍රණාමය!!!.
BamunuarachchiTuesday, 22 May 2018 01:09 PM
ඉතින් හලෝ ඒවා නවත්තන්න තමයි යහපාලකයන් ගෙනාවේ බලනකොට ඒ අයත් එහෙමනේ. ඒ නිසා දැන් ඒ අයට බැනලා වැඩක් නැත.