IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රජකාලයේ සිට ප්‍රංශ දේ ලංකාවේ

පුද්ගල නිදහස, සහ සමානාත්මතාවය මත පදනම් වූ අර්ථාන්විත  දේශපාලනයක නිරත වන ප‍්‍රංශ ජාතිකයින් ගැන ලිවීම සොම්නස දනවන්නකි. ලොව පුරා මානව හිතවාදී සමාජයීය, ආර්ථික, සහ ප‍්‍රජාතන්ති‍්‍රක, දේශපාලනයක් ස්ථාපිත කරණු සඳහා ඔවුන් ගෙන යන කි‍්‍රයාදාමය ඉතා අගය කල යුතුය.

ප‍්‍රංශ ශී‍්‍ර ලංකා හිතවත්කම් 15 වෙනි සියවස දක්වා දිවයයි. සුප‍්‍රසිද්ධ, අන්ඩ්‍රේ මැල්රෝ ප‍්‍රැන්සිස් ද ක්‍රොයිසිටි වැනි ප‍්‍රංශ ලේඛකයන් ගේ පොත් වලින් ඔවුන් අප රටේ, ජන ජීවිතය, පරිසර සෞන්දර්ය්‍යය, සංස්කෘතිය, ගෞරව සම්ප‍්‍රයුක්ත බව,  ඈ නොයෙකු ත් කරුණු, අගයන අතරම හෙළ සමාජය  කෙරෙහි තිබූ ඇල්ම මොනවට පැහැදිළි වේ. ජෝන් ද ලැකෝම්, නැමැති ලේඛකයා සඳහන් කරන්නේ ශී‍්‍ර ලංකාව කොදෙව්වන්හි පිහිටි සියළු රාජධානි අතරින් රැජිණිය වශයෙනි.

         ප‍්‍රංශ බසින් ලංකාව හැඳින්වෙන්නේ සිලෑන් යන නමිනි.

 සිලෑන් පෙළපත් නාමය ඇති ප‍්‍රංශ ජාතිකයෝ රාශියක් මෙහි වෙසෙති.  එමෙන්ම ප‍්‍රංශ පෙළපත් නාමයන් ඇති ශී‍්‍ර ලාංකිකයෝ රැසක්ද ලංකාවේ වෙසෙති. බ්‍රෝහියර් , ටුසේන්, ලැනරෝල්, ගැස්කෝන් බර්තෙ, ඩුප්ලෙසි , ද බ්ලූම් ,ඇලෙක්සැන්ඩර් පෝලියර්, වැනි ප‍්‍රංශයේ වංශවත් පවුල් වල නම් මෙයට උදාහරණ වේ.

මෙම ප‍්‍රංශ ශී‍්‍ර ලාංකික ඥාතිත්වයට හේතු වූ කරුණු ඉතිහාස මූලාශ‍්‍ර වලින් මැනවින් හෙළිදරව් වේ. 16 වෙනි සියවසේදී පමණ, රාජ්‍ය තාන්ති‍්‍රක වශයෙන් හෝ නොයෙකුත් හේතූන් උඩ ප‍්‍රංශයෙන් අප රටට සංක‍්‍රමණය වූ ප‍්‍රංශ ජාතිකයෝ, සමහරෙක් ශී‍්‍ර ලාංකිකයින් සමග මිශ‍්‍රවී එහිම පැළපදියම් වූවෝය. අද ඔවුන් අපේ ප‍්‍රංශ ඥාතීහුය. පසුකාලීනව ආපසු ප‍්‍රංශයට ගිය අය සීලෑන් නම් භාවි ත කරන්නට ඇත.

          1562 පමණ ප‍්‍රංශයේ  කතෝලිකයින් සහ ප්‍රොතෙස්තන් නැතහොත් හියුගනෝ වරුන් අතර ඇතිවූ ආගමික යුද්ධයෙන් ලක්ෂ සඛ්‍යාත ජීවිත විනාශ විය. ප‍්‍රංශ හියුගනෝ වරුන් ජීවිත බේරා ගැනීම සඳහා ලොව පුරා වෙනත් රට වලට සංක‍්‍රමණය වූහ. වෙළඳ නැව්, යුද නැව් ආදියට බැඳී සේවය සඳහා එසේ පිටත් වූ බොහෝ දෙනෙක් වෙනත් රට වල නැවතුණෝය. ආසියාකරයට පැමිණි බොහෝ දෙනෙක් ඉන්දියාව, මුරිසි දිවයින, මැඩගස්කරය, රුයුනියොන් දිවයින ශී‍්‍ර ලංකාව ,වැනි රටවල පදිංචි වූවෝය.

ඈත අතීතයේ සිටම ශී‍්‍ර ලංකාවට විදේශිකයින්ගේ පැමිණීම් සිදු වූ බව ඉතිහාසය දෙස් දෙයි. ස්ට‍්‍රාබෝ  (ක‍්‍රි. පූර්ව 64-21) ටොලමි ( ක‍්‍රි. පූර්ව 170 -100) කාල පරිච්ඡේද වලදී තබා ඇති සටහන්  පාහියන්, මාර්කෝපෝලෝ, ඉබන් බතුතා, චීන අද්මිරාල් චින්ග් හෝ, ආදී  ලිඛිත සාධක ඇති අයගේ පැමිණිමත්, කි‍්‍ර.ව. 45 දී පමණ රෝමයට සිංහල රජුගේ නියෝජිතයින් යැවීමත්, මහාවංශයට අනුව, රුවන්වැලි සෑයේ කොත් පැළඳවීමේ උත්සවයට යුරෝපයේ සිට ආරාධිතයන් සහ, පර්සියාවේ සිට බෞද්ධපල්ල භෝගීන්ගේ පැමිණීමත්  ආදී කරුණු අනුව සිංහලේ රජ වරුන් සමඟ නොයෙකුත්, ජ්‍යාත්‍යන්තර සබඳතා තිබූ බව පැහැදිළි වේ.

රෝම, ගී‍්‍රක, ඊජිප්තු, යුදෙව්, ඈ ජාතීන් ගේ ලංකා ආගමනයන් නිබඳව සිදු විය. මොවුන් රැගෙන ආ රත්රන් ආදී වටිනා දෑ ගම්මිරිස් ආදී කුළු බඩු  වලට හුවමාරු කරගත් ආකාරය ගැන කි‍්‍ර.පූ. 2 ද්‍රවිඩ බසින් ලියා ඇති කවි වල සඳහන් වේ. 

                        15 වැනි සියවසේ සිට ලංකාව විදේශ බලවේග රැසකට මුහුණ දීමට සිදුවිය. යුරෝපයේ සිට 1505 දී පෘතුගීසීන්ද, 1602 දී ලන්දේසීන්ද, 1618 දී ඩෙන්මාක්වරුන්ද, 1672 දී ප‍්‍රංශ ජාතිකයන්ද, අවසන 17 වන සියවසේදී ඉංගී‍්‍රසින්ද පැමිණියෝය. පෘතුගීසි, ලන්දේසි සහ ඉංගී‍්‍රසීන්ට වඩා සිංහලූන් සමග යුධ නොවැදුනු ජාතියක් වූ පංශ ජාතිකයින්ට අප රජවරුන්ගේ වැඩි ලෙන්ගතු කමක් තිබූ බව පෙනේ. ලන්දේසීන් එළවා ගැනීමට ඔවුන්ගේ  ආධාර පැතූ අවස්ථාවල යැවූ සංදේශ වලින් එය මොනවට පැහැදිළි වේ. ප‍්‍රංශ රජතුමා සහ සිංහල රජතුමා අතර මිත‍්‍රත්වය පරම් පරාවෙන් පරම් පරාවට ඉර හඳ පවත්නා තාක් කල් පැවතිය යුතු බව එම සංදේශ වල සඳහන් වේ.

    ප‍්‍රංශ ජාතිකයින් අප රජවරුන්ට කෙතරම් විශ්වාසවන්ත වීද යත් වෙල්ලස්ස සීමාවේ සිට මුහුද දක්වාද, පනාව සීමාවේ සිට තමන්කඩුව සීමාව දක්වාද, කන්තලාව සීමාවේ සිට ති‍්‍රකුණාමලය දක්වාද,කොට්ටියාර් සීමාවේ සිට කට්ටුකුලම්පත්තු සීමාව දක්වාද, සුරලිපත්තු සිට මුහුද දක්වාද, තම්බලගම සිට යාල්පනම් සීමාව දක්වාද, මඩකලපු දිස්ති‍්‍රක්කය, තම්පලගම දිස්ති‍්‍රක්කය, මේ සියළු දේ අඩංගුව ති‍්‍රකුණාමල වරාය, කොට්ටියාර් බොක්ක, සහ මුළු නැගෙනහිර පළාතම, ඔප්පුවකින් ( 1672) ලියා පවරා දෙන ලදී.

එය අවස්ථා දෙකකදීම සිදුවී තිබේ. අන්තිම සිංහල රජු වන නරේද්‍රසිංහ රජුගේ කාලය වන විට යුරෝපීය ජාතිකයෝ, රැසක් රාජ්‍ය තාන්ති‍්‍රක කටයුතු වල නිරතව සිටියෝය. එමෙන්ම යුරෝපීය සම්භවයන් ඇති දහස් ගණනක් ලංකාවේ විසිරී ජීවත්වූවෝය.

සිංහල රජවරුන්  ඕලන්දයින්ගෙන් පීඩා විදින අවධියේ  ඔවුන් සමග සේවයේ නියුතුව සිටි, ප‍්‍රංශ ජාතික හියුගනෝවරයෙක් වූ පොන්සුවාස් කැරන්

සිංහල රජු මුණගැසීම ප‍්‍රංශ ජාතිකයින් ගේ සංක‍්‍රමණයට විශේෂ හේතුවක් විය. ප‍්‍රංශයේ 14 වෙනි ලූවී රජුගේ මුදල් ඇමති මෙන්ම රටේ ප‍්‍රගතියට විශාල සේවයක් කල ජීන් බැප්ටිස් කොල්බෙයාර්ට ( 1661-1683) සිංහල රාජ්‍යය පත්වී ඇති අරාජික තත්වයත්, ලංකාවේ ඇති වෙළඳ වටිනාකමත්, පැහැදිළි කිරීම කැරන් මගින් සිදු විය.

මේ අනුව 1972.03.22 දා, අද්මිරාල් ජේකබ් බ්ලැන්කේ ඩි ලාහේ ගේ නායකත්වය යටතේ ප‍්‍රංශ නාවික බල ඇනියක්  ලා රොෂෙල් නම් වරායෙන් පිටත් වී,  ඕලන්දයින්ගේ නොයෙකුත් කෙණෙහිලිකම් මැද ති‍්‍රකුණාමලය වරායට පැමිණියේය. කැරන් ද ඉන්දියාවේ සිට මේ බල ඇනියට එකතු විය.

ඩි ලාහේ විසින් පෙර ගමන් සොල්දාදුවන් 18 දෙනෙක් සමග දෙ ෆොන්තේන්, දෙ  ඕගරේ, හර්මෙස් සහ පෘතුගීසි පරිවර්තකයෙකු, රජු බැහැදැකීමට යැවුවේය. මේ සැම දෙන රජතුමා, ගෞරවයෙන් පිළිගෙන,සංග‍්‍රහ කොට,  තෑගි බෝග පිරිනමන ලදී. මේ පිළිබඳව කෙතරම් පැහැදුනේද යත් ෆොන්තේන්, රජු සමග නැවතීමට තීරණය කළේය. රජු ප‍්‍රංශ නාවික හමුදාව පිළිගැනීමට සෙනෙවිවරුන් දෙදෙනෙකු යටතේ හත් දහසක සේනාවක් ති‍්‍රකුණාමලයට යැවුවේ  ඕලන්දයින්ගෙන් රට නිදහස් කර ගැනීමේ පරම අදහසිනි. නමුත් ඩිලා හේ , එම අවස්ථාවේ ක්ෂණික තීරණයක් ගෙන ලන්දේශීන් හා යුධ නොකිරීමට නිසා, ප‍්‍රංශ ජාතිකයින්ට ශී‍්‍ර ලංකාවේ ස්ථාවරත්වය අහිමි වී ගියේය.

                            ආහාර පාන හිඟකම, ලෙඩ රෝග ආදියෙන් පසු බැසුනු ප‍්‍රංශ නාවික හමුදාව, දෙවන වරට රජු හමු වීම සඳහා නැවත තානාපතිවරයෙකු යැවීය. ඔහු නැන්ක්ලෙයාර් ද ලැනරෝල්  නම් විය. සමහරෙක් ඔහු ලිපි රැගෙන යන්නෙකු ලෙස හුවා දැක්වීමට උත්සාහ කරන නමුත් එය ඉතා සාවද්‍යයය. රටකින්, රටකට රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධයක් සඳහා යවන්නේ තානාපති වරයෙකු බව නොකිව මනාය.

ඒ අවධියේ  රජුගේ අවසරය සහ සම්බන්ධය ඇතිව ලියවී ඇති වාර්ථාවේ, ඔහු තානාපති ලෙස යැවූ බව සඳහන්වේ. කිසියම් හේතුවක් නිසා ලැනරෝල් තානාපති රජුගේ උදහසට ලක්වීමෙන්  රොබට් නොක්ස් මෙන් හිරබාරයට පත්විය. කෙසේ වෙතත් මේ අවධිය වන විට දහසකට අධික යුරෝපීයයන් පිරිසක් කන්ද උඩරට වාසය කලෝය. මේ කාලයේ ප‍්‍රංශයේ සිට පැමිණි ජීන් බ්ලූම්, ඩුප්ලෙසි, ආදීන් ඔහුගේ සමකාලීනයන් වූයේය. ඔහු කෙතරම් රජුට හිතවත්ව සිටියේද යත්, මාළිගයේ ස්වර්ණ කාංචුක කුටියේ ලේකම් පදවියට පත්විය.

රජ පවුලේ  ලඟම හිතවතෙකු වූ රාජගුරු පණ්ඩිත මුදියන්සේගේ දුව විවාහ කර ගැනීමට රජාඥාවකින් ඔහුට අවසර දුන්නේය. ඉඩකඩම් නින්දගම් සමග බොහෝ දෑ ඔහුට දුන් බව රජු නිකුත් කල ලැනරෝල් තුඩපතේ සඳහන්ව තිබේ. රජ අනුහසින් සිංහල වූ පළමුවන ප‍්‍රංශකාරයා ඔහු විය හැකිය. කෙසේ වෙතත් මේ කාල පරිච්ඡේදයේ සිටම ශී‍්‍ර ලාංකිකත්වයට පත්ව රටටම වැඩදායක වූ ඇගයිය යුතු ප‍්‍රංශ ජාතිකයින් බොහෝ දෙනෙකි. බ්‍රෝහියර්, ලැනරෝල්, ටුසේන්, දස්කොන්, බර්තෙලෝ, ඩුප්ලෙසි, ද බ්ලූම්, ඇලෙක්සැන්ඩර්, පෝලියර්, මේ අතර වේ. ආර්. එස්. වී. පෝලියර් රාජ්‍ය මන් ත‍්‍රණ සභාවේ මන්තී‍්‍ර ( 1940 – 48) , එරික්. එස්. බ්‍රෝහියර් (ර.ම.ස. මන්තී‍්‍ර 1948 ට පෙර), ජේ. ආර්. තුසේන්ට් (රාජ්‍ය පරිපාලන නිලධාරී), ආර්. එල්. බ්‍රෝහියර් (රාජකීය ආසියාතික සංගමයේ සභාපති, ලාංකික ජනවහර, ලංකා භූමි සිතියම් වල ඉතිහාසය ආදී නොයෙකු ත් දේ ගැන පරීක්ෂණ කල විද්වතෙකි).  ඩෙලොරීන් බ්‍රෝහියර් (අදද  ජීවත්වන උගත් පුවත් කලා වේදිනියකි). ආර්. එස්. වී. පෝලියර් (අමාත්‍යාංශ කීපයක ස්ථාවර ලේකම්, සෙනේට් සභික,  බණ්ඩාරනායක රජයේ පත්කල මන්තී‍්‍ර). ප‍්‍රංශ ජාතික දස්කොන් අධිකාරම සහ ඔවුන්ගෙන් පැවතෙන්නෝ ද  මේ අතර වේ.

ප‍්‍ර‍්‍රංශ රුධිරය මිශ‍්‍ර වූ ලැනරෝල් පරම්පරාවේ, ඥාතීන් ,කඩුවෙල,හේවාගම් කෝරලයේ නොයෙකුත් ගම්වල, ගාල්ල,  කළුතර, බෙන්තර, ඉඳුරුව ආදී ශී‍්‍ර ලංකාවේ සෑම තැනම විසිරී සිටිති.

පෘතුගීසීන්ගේ පැමිණීමේ සිට බෞද්ධයින්  ක‍්‍රිස්තියානියට හැරවීමේ විශේෂ කි‍්‍රයා දාමයක් සිදුවිය. හත්වෙනි බුවනෙකබා රජු 1521-1551 ඇතුළු ප‍්‍රභූන් රාශියක් කි‍්‍රස්තියානි ආගම වැළඳගත්හ. මහනුවර රාජධානියේ රජවරුන්, ක‍්‍රිස්තියානියට හරවා ගැනීමට ප‍්‍රන්සිස්කානු පූජකවරුන් අනුශාසනා කරන විට එයට විරුද්ධව කටයුතු කරන ලද්දේ ලැනරෝල් තානාපති තුමා විසිනි. එකල රාජ සභාවේ පවා ආගම් විවාද තිබුනි. කොංකනි පුජකවරයෙකුවු ගොන්සාල්වේස්, නරේන්ද්‍රසිංහ රජ තුමා කි‍්‍රස්තියානියට පත්කිරීමේ, ආසන්න තම අවස්ථාවේ සිටිනවිට ලැනරෝල් තානාපති තුමා ඇතුළු ප‍්‍රංශ හියුගනෝවරුන් සංඝ්‍යා වහන්සේලා සමග එක්ව බෞද්ධයින් වෙනුවෙන් කරුණු සපයමින් එම වාද විවාද  පරාජය කිරීමට කටයුතු කල බව කිව යුතුව තිබේ. ඔහු නොසිටියේ නම් මුළු කන්ද උඩ රට රාජ්‍යයම කි‍්‍රස්තියානි වීමට ඉඩ තිබුනි. යුරෝපයේ තිබූ ආගම් විවාද ලංකාවට ගෙන ආ ඔහු එම විවාද පරාජය කිරීමට කටයුතු කලේය. ලැනරෝල් වරුන් අතින් බුදු දහමේ සුරක්ශිත භාවයට ත් අප රටේ දියුණුවටත්,  සිදුවූයේ  අනුපමේය සේවයකි. මේ අනුව ශී‍්‍ර ලංකාවේ දියුණුවට අද දක්වා ප‍්‍රංශ රුධිරය ඇති මේ අප ඥාතීන්ගෙන් සිදුවූ සේවය අගය කල යුතුම වේ.

වර්තමානයේ ප‍්‍රංශයේ දිවිගෙවන ශ‍්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි. මේ වනවිට මිශ‍්‍ර විවාහ දහස් ගණනක් සිදුවී ඇත. ඉදින් ප‍්‍රංශ ජාතිකයින් යුරෝපයේ, අපේ ළඟම ඥාතීන්ම වී තිබේ.

wdYS%; fmd;a

Relation ou Journal D’un voyage fait aux Indes Orienales

m%xY weiska ÿgq YS% ,xldj ^ f,dakd foajrdcd&

De la nerolles of France in Sri Lanka ( James T Ratnam)

Deutsches Schiffahrtsarchiv 1996

A p Perera

Paris

 

 



අදහස් (0)

රජකාලයේ සිට ප්‍රංශ දේ ලංකාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 580 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site