පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2012) පස්වැනි සතියේ තරග අවසන් වන විට කොළඹ රාජකීය විදුහල ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත්ව සිටියි. ආරම්භයේ සිටම පෙරමුණේ සිටි බම්බලපිටිය ශාන්ත පීතර විදුහල දෙවැනි ස්ථානයට පත්විය. රාජකීය විදුහල පස්වැනි සතියේ තරගයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව උත්සාහක දිනුම් හයක් සම්පූර්ණ කරමින් අතිරේක ප‍්‍රසාද ලකුණු 0.5 හිමිකර ගත්තේය. ශාන්ත පීතර විදුහල එම සතියේදී ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට එරෙහිව උත්සාහක දිනුම් පහක් සම්පූර්ණ කිරීමට සමත්වීමෙන් අතිරේක ප‍්‍රසාද ලකුණු 0.5 හිමිකර ගැනීමට නොහැකි විය. රාජකීය විදුහල ප‍්‍රසාද ලකුණු 27.5 ක් ද, ශාන්ත පීතර විදුහල ප‍්‍රසාද ලකුණු 27 ක් ද, හිමිකර ගනිමින් අපරාජිතව සිටියි. තෙවැනි ස්ථානයේ සිටින මහනුවර ත‍්‍රිත්ව විදුහල අපරාජිතව ප‍්‍රසාද ලකුණු 23 ක් ලබා තිබේ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජකීය විදුහල පළමු වරට පෙරමුණට එයි