කොළඹ රාජකීය විද්‍යාලයයේ ආදී සිසුන් වන අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනකු පිළිගැනීමේ උත්සවයක් අද (12) උදෑසන පැවැත්විණ.
විද්‍යාල භූමියේ ඇති රණවිරු ස්මාරකයට අගමැති ඇතුළු ඇමැතිවරු පුෂ්පෝපහාර දැක්වුහ.
සජිත් ප්‍රේමදාස , රවි කරුණානායක,රවුෆ් හකීම් , ගයන්ත කරුණාතිලක , ඩී එම් ස්වාමිනාදන් , ලක්ෂ්මන් කිරිඇල්ල , ආචාර්ය හර්ෂද සිල්වා, එම් ඒ සුමන්දිරන් යන මැති ඇමැති ආදි රාජකීයෝ විදුහල්පති උපාලි ගුණසේකර ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබුහ.
මෙරට තෙවරක් අගමැති වු රනිල් වික්‍රමසිංහ මහතාට විද්‍යාලීය ශිෂ්‍ය භට කණ්ඩායම විසින් විශේෂ උත්මාචාර පෙළපාළියක් ද පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජකීයෝ උපහාර ලබති
සෑම් Thursday, 12 February 2015 06:57 AM
ජේ ආර් බලයට පත්වූ විට තිබුන පිළිගැනීමේ උත්සවයේදී අපිට දවස් තුනක්ම නිවාඩු ලැබුනා. උත්සවය පැවත්වුවේ අඟහරුවාදා දිනකයි. අධ්‍යාපන ඇමති තුමාගේ කතාවේදී එතුමා බදාදා නිවාඩු දුන්නා. ජේ ආර් ගේ කතාවේදී එතුමා ඉතුරු දවස් දෙකත් නිවාඩු දුන්නා. මේ නිවාඩු ලැබුන කතාව මගේ අම්මා විශ්වාස කලේ නැහැ, නමුත් හොඳ වෙලාවට පසුදින පත්තර වල සම්පුර්ණ ප්‍රවෘත්තියම තිබුන නිසා පිළිගන්න සිදු වුනා. (නදී)
දුමින්ද Thursday, 12 February 2015 07:09 AM
රාජකීයනි, උගනිව් -නැත පිටවෙනු. වැඩ කරනු-නැත ගෙදර යනු (නදී)
ලසිත් Thursday, 12 February 2015 07:10 AM
මම සාමාන්‍යයෙන් දේශපාලනය ගැන අදහස් ලියන්නේ ඉතා අඩුවෙන්. ඒත් පසුගිය දවසක ඉරිදා පුවත් පතක රනිල් මහතා ගේ පාසල් කාලය ගැන ලියවුන ලිපියක් කියෙව්වා. ඒක කිසිම දේශපාලන ලිපියක් තොරව කියවන්න පුළුවන් ලිපියක්. (නදී)
ශාන් Thursday, 12 February 2015 07:10 AM
පොඩි එවුන් ටිකත් අපේ රනිල් මාමට හිනා වෙනවා (නදී)
ඉන්දික Friday, 13 February 2015 06:28 AM
කෝ අපේ දුමින්ද මලයා ? වෙනදා වරදින්නේ නැතිව ඉස්කෝලේ ඕනේ එකකට එනවනේ. (නදී)
දුමින්ද Thursday, 12 February 2015 07:17 AM
විදායක ජනපති ක්‍රමය ගෙනල්ලා, ලාංකීය ඉරණම වෙනස් කලෙත් නැවත එය වෙනස් කරන්නෙත් රාජකීයන්ම වීම පුදුමයක් නේද ? (නදී)
ඉන්දික Friday, 13 February 2015 06:30 AM
මම කිව්වේ දුමින්ද (නදී)
උදාර Thursday, 12 February 2015 07:28 AM
පුන් සඳේ සරි දිනු - රන් පුතුන් බිහිකෙරු (නදී)
හාන් Thursday, 12 February 2015 07:29 AM
අද රනිල්ට හිනා වෙන අයගේ උගත්කම පේනවා. (පොඩි ළමයි නෙමෙයි). එයාල මහින්ද අයියත් එක්කම ඉන්න එක හොදයි. (නදී)
ඉඳුනිල් රාජපක්ෂ Thursday, 12 February 2015 07:29 AM
ඕක මොකක්ද සෑම් මහත්තයා. ජේ ආර් බලයට පත්වෙලා දවස් 3 ක් නෙමෙයි පොලිසියට සතියක්ම නිවාඩු දුන්න එකේ. (නදී)
රංජන් Thursday, 12 February 2015 07:42 AM
දරුවනි දිනක ඔබටද ලෝකයේ නම තියන්න පුළුවන් හොදට ඉගෙන ගත්තොත්.(හේ)
රංග ඩයස් Thursday, 12 February 2015 07:53 AM
අලුත් ආණ්ඩුවෙ සෑහෙන්න රාජකීය අයනේ ඉන්නේ. මට මතකයි රනිල් පළවෙනි පාර අගමැති වෙලා අපේ ඉස්කෝලෙට ආපු හැටි. ඒ කාලෙ නම් අපේ ශිෂ්‍ය භටයො තියාගෙන හිටියේ පරණ ඩමි රයිෆල්, දැන් ටී-56, සෑහෙන්න දියුණුයි. (නදී)
චම්පික Thursday, 12 February 2015 08:10 AM
සමහරු කැමති ඇති කවුරු හරි මෙතන පොඩි එවුන් ටික වඩා ගෙන බුරුසු රැවුලත් ගාවලා තොත්තුවකුත් දීලා වැඩ පටන් ගත්ත නම්. (නදී)
අරුණ Thursday, 12 February 2015 08:23 AM
අපේ පන්තිය, අපේ කම සුරැකීම, අපේ යුතුකමයි (නදී)
ජනක ලන්ඩන් Thursday, 12 February 2015 08:49 AM
රාජකීය විදුහල කවදත් පෙරමුණේ- පුන්සඳේ සිරි දිනු රන් පුතුන් බිහි කෙරු රාජකීය විදුහල සිරි නංවනු! (හේ)
මංජුල Thursday, 12 February 2015 09:06 AM
උණුසුම් සුභ පැතුම්.(හේ)
පින් Thursday, 12 February 2015 09:10 AM
කව්රු කොහෙන් ඉගෙන ගෙන තිබුනත් කමක් නෑ රටට හොද වැඩ කරන්න. (ර)
පද්මේන් Thursday, 12 February 2015 09:10 AM
අද පාර නොවසා මහජනයාට අවහිරයක් නොවන ලෙස කටයුතුකිරීම ගැන රාජකීයයෙක් ලෙස අගය කරනවා. (ර)
සෑම් Thursday, 12 February 2015 09:16 AM
පුන් සදේ සිරි දිනු, රන් පුතුන් බිහිකෙරු, රාජකීය විදුහල් සිරි නංවමු. (ර)