IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රේගුවේ තිදෙනෙක් අල්ලස් දැලේ : කෝටි දොළහමාරක් අරන්

ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් සපයන ආයතනයක හිමිකරුවකුගෙන් රුපියල් කෝටි 12.5 ක පගාවක් ගැනීමට තැත් කළැයි රේගු නිලධාරීන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම කියයි.

රේගු අධිකාරී සුධීර පරාක්‍රම ජිනදාස, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජගත් ගුණතිලක සහ සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී.පෙරේරා ඔවුහුය.

ආනයනය කළ භාණ්ඩ තොගයකට ගෙවිය යුතු රුපියල් කෝටි 150 ක රේගු ගාස්තු නිදහස් කිරීම සඳහා රුපියල් කෝටි 12.5 ක අල්ලසක් ඉල්ලා ඇතැයි කොමිසම කියයි.

 

 



අදහස් (0)

රේගුවේ තිදෙනෙක් අල්ලස් දැලේ : කෝටි දොළහමාරක් අරන්

නාමල් Friday, 16 October 2015 07:05 AM

කෝ මේ අල්ලස් දුෂණ කොමිසම ළඟ උද්ඝෝෂණ කරන කට්ටිය? කෝ මේ අපේ විමල්? කොමිසම දුෂිතයි කියල නේද කියුවේ? (බ)

:       0       0

රුවන් Friday, 16 October 2015 07:53 AM

දෙවියනේ! රේගුව මෙහෙමද? (නි)

:       0       0

කමල් Thursday, 15 October 2015 09:13 PM

මෙවන් නිලධාරීන් නිසා අවංක නිලධාරීන්ගේ නමත් කැතවෙනවා (නි)

:       0       0

ප්‍රදීප් Friday, 16 October 2015 08:08 AM

මෙයාලා මෙච්චර හම්බකරනවද? (නි)

:       0       0

කරු Friday, 16 October 2015 08:08 AM

රේගු නිලධාරීන් අයථා අන්දමින් උපයන විශාල මුදල් ප්‍රමාණ ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා නිසි පියවර ගැනීමට රජය ක්‍රියාකරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. බොහෝ ආනයන සහ අපනයනකරුවන් මෙවන් රේගු නිලධාරීන් නිසා ඉමහත් අපහසුතාවට පත්වන බව අත්දැකීමෙන් දනිමු. (නි)

:       0       0

ලංකා Friday, 16 October 2015 08:28 AM

රේගුවේ වැඩ හොඳයි නේද? (නි)

:       0       0

විජිත Friday, 16 October 2015 01:09 AM

හොඳ අය වගේම මෙහෙම අයත් ඕනෑම ආයතනයක ඉන්නවා (නි)

:       0       0

නිශ්ශංක Friday, 16 October 2015 01:38 AM

වරදක් තමයි මොවුන් කරගත්. වරද කළ ආනයනකරු නිදහස්ද? (නි)

:       0       0

සුසන්ත Friday, 16 October 2015 03:18 AM

හැමදාම පගාව ගැන කතාකරපු ගමන් බනි‍න්නේ පොලිසියට. ඒ වුණාට ලංකාවේ වැඩියෙන්ම අල්ලස් ගන්නේ පොලිසිය නෙමෙයි. ඒ ගැන තවම මහජනතාවට අවබෝධයක් නැහැ. ඒවා පොඩි ගණන් නෙමෙයි (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 16 October 2015 03:51 AM

ලංගමයට අවශ්‍ය අමතර කොටස් එකඑල්ලේ මිලට ගැනීමට ලංගම බලධාරීන්ට බැරි ඇයි? ලෝකයේ තිබෙන හොඳම වාසිදායක රැකියාව කරන මහත්වරු පොට වරද්දාගෙන වගෙයි. කෙසෙල් ක‍ඳේ හොට පැටළෙන බව දන්නේ නැද්ද? (නි)

:       0       0

නුවන් Friday, 16 October 2015 04:00 AM

මෙයාලා කොහොම හම්බකරනවා ඇද්ද? (නි)

:       0       0

අමිත Friday, 16 October 2015 04:05 AM

මේ මිනිසුන්ට ඇති ධන ලෝභය නිසා තමයි මේ හැමදේම. වරද ඔප්පු වුණොත් උපරිම දඬුවම් දියයුතුය. (නි)

:       0       0

ඇල්පිටිය Friday, 16 October 2015 04:11 AM

අම්මෝ මෙහෙමත් වංචා? (නි)

:       0       0

සිරිනිමල් කරුණාරත්න. Thursday, 15 October 2015 04:29 PM

ඔන්න කනෝ පිනුම් (අ)

:       0       0

එරන් Friday, 16 October 2015 05:51 AM

මේවා මොනාද, රේගුවේ වැඩක් කරගන්න ගිය කෙනේක්ගෙන් අහන්නකො, පියන් හම්බකෙරන ගාන ඇහුවොත් බයවෙයි. (ර)

:       0       0

සනත් Thursday, 15 October 2015 05:41 PM

කස්ටම් ඔෆිසර්ල ප්‍රකෝටිපතියෝ වෙලා ඉන්නේ මෙන්න මේවගේ ක්ෂණිකව කෝටිගණන් පගා ගහල කියල දැන්තමයි තේරෙන්නේ (බ)

:       0       0

ආර් කරුණානායක Friday, 16 October 2015 06:29 AM

මේක සැළසුම්සහගතව කළ දෙයක් වගෙයි පෙනෙන්නේ. සනත් මහතා නොදන්නා දේවල් කතා නොකර හිටියොත් හොඳයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site