IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රේගුව ඉතිහාසයේ ඉහළතම ආදායම ලබයි

(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු පසුගිය 2023 වසරේ රුපියල් බිලියන 970 ක් හෙවත් රුපියල් කෝටි 97,000 ක ආදායමක් උපයමින් ඉතිහාසයේ වර්ෂයකදී ලැබූ ඉහළතම ආදායම වාර්තා කළ බව ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලි අරුක්ගොඩ මහතා පැවසීය.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2018 වසරේ ලැබූ රුපියල් බිලියන 923 ක් හෙවත් රුපියල් කෝටි 92,300 මීට පෙර ඉහළතම වාර්ෂික ආදායම ලෙස පැවතුණු බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
රේගුව පසුගිය වසරේ (2022) රුපියල් බිලියන 708 ක් හෙවත් රුපියල් කෝටි 70,800 ආදායම් ඉපයූ බව කී ඒ මහතා එම ආදායමට සාපේක්‍ෂව මෙම වසරේ ආදායමේ වර්ධනය සියයට 138 ක් බව ද සඳහන් කළේය.
මෝටර් රථ ආනයනය අත්හිටුවා ඇති පසුබිම සහ බොහෝ ආනයන සීමාකර තිබූ වාතාවරණයක් තුළ මෙවැනි ආදායමක් ලැබීම කැපී පෙණෙන බව ද ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලි අරුක්ගොඩ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (7)

රේගුව ඉතිහාසයේ ඉහළතම ආදායම ලබයි

Lakmal Monday, 01 January 2024 04:28 PM

පිටරටින් බදු නොගෙවා ගේන ජංගම දුරකථන ලංකාවේ ජාලවල ලියාපදිංචි වීම තහනම් කරන්න. තව ආදායම වැඩිවෙයි. ඇමැතියෙකුත් අහුවුණා දුරකථන තොගයක් අරන් ඇවිත්...!

:       1       18

JayaMonday, 01 January 2024 06:22 PM

ඕවා නවත්තන්න නම් නොගෙන ඉන්න ඕනෑ...!

:       1       3

ravin Monday, 01 January 2024 05:02 PM

බොහෝම හොඳයි... ඒත් ශුද්ධ බර හා තාර බර අතර තියෙන වෙනස නොහොත් භාණ්ඩවල මිලගණන් වැඩිවීම...? ඩොලරයේ අගය වැඩිවීම... ප්‍රවාහන ගාස්තු වැඩිවීම වගේ දේවල් වලට සාපේක්ෂිතව ලැබූ ආදායම...? සංදර්ශනයක් වගේ නේද?

:       3       14

Nishan Monday, 01 January 2024 05:18 PM

වාප්පු ලිපිකරුවන් රේගුව ඇතුළට යන එක නවත්තපුවාම පගා දීලා බදු මගහැරීම නවතිනවා. ඒක කළාම ආදායම 50%ක් වත් වැඩිවේවි. අනික පිටකොටුවේ මුදලාලිලා හොරට ගේන බඩු වටලන්න ඕනෑ. නීතියට බිස්නස් කරන අයට එයාලගේ රේගු හොරවැඩ එක්ක හැප්පෙන්න බෑ. ඒවාට රේගු නිලධාරිනුත් සම්බන්ධයි.

:       0       22

Dinesh Monday, 01 January 2024 06:11 PM

විනිමය අනුපාතයත් කියන්න 2018 සහ 2023...

:       1       13

Jaye Monday, 01 January 2024 06:19 PM

පගාව ගැනීම අඩුකරන්න ඇති..!

:       0       13

sajith Monday, 01 January 2024 07:17 PM

පට්ට බොරුනේ.. අඩේ බිලියන 970 ආදායමක් ගත්තා කියන්නේ.. පට්ට බොරුනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 51 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 846 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site