IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රගර් ක්‍රීඩක සිරුර අද ගොඩ ගනී

ඝාතනය කළ බව කියන රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුර ගොඩ ගැනීම අද උදේ දෙහිවල ජුම්මා පල්ලි භූමියේදී ඇරඹිනි.

උසාවි නියමයක් අනුව අධිකාරණ වෛද්‍ය නිලධරයෝද, පොලිසියද, දෙහිවල ග්‍රාමසේවකවරයාද එහි  පැමිණ සිටියහ.

නෑදෑයන්ගේ අකමැත්ත නිසා එම අවස්ථාව ආවරණය  කිරීමට  මාධ්‍යවේදීන්ට  හෝ ඡායාරූප ශිල්පීන්ට  අවසර නැතැයි දෙහිවල පොලීසිය පවසයි.

ඔවුන් වෙනම ස්ථානයද රඳවනු ලැබ සිටිති.

සිරුරු කොටස් ගොඩ ගැනීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරී  මාධ්‍යට යම් ප්‍රකාශයක් කිරීමට යයි.

රිය අනතුරකින් මිය ගිය බව හැඟවෙන පරිදි තාජුඩීන් දස වද දී මරන්නට ඇතැයිද, මේ සම්බන්ධයෙන්  මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබලයෙකුගේ ප්‍රත්‍රයෙකු පිළිබඳ සැකයක්  පවතින්නේ යැයිද රහස් පොලීස් ආරංචි කියයි.

තම පවුලට අපහාස කිරීම සඳහා රජය මෙම සිද්ධිය යොදා ගනිතියි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මෙන්ම හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂද  කියා ඇත.

දැඩි පොලිස් ආරක්ෂාව මැද සිරුර ගැනීමට නියමිතය.

DSC05794 DSC05797 DSC05801

 



අදහස් (0)

රගර් ක්‍රීඩක සිරුර අද ගොඩ ගනී

ඉසුරන්දි Monday, 10 August 2015 04:18 AM

බලමුකෝ මොකද වෙන්නේ කියලා මේකටවත්. දුෂණ භීෂණ වපුරපු උදවියට තවම ප්‍රසිද්ධියේ දඩුවමක් දුන්නේ නැති නිසයි මම එහෙම අහන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site