ශ්රී ලංකා රග්බි සංගමයේ නව සභාපතිවරයා ලෙස අසංග සෙනවිරත්න මහතා නිතරගයෙන් පත්ව සිටියි. ඒ මහතා දැනට එම සංගමයේ උපසභාපතිවරයා ලෙස කටයුතු කරයි. රග්බි සංගමයේ නිලවරණය (2011-12) ලබන ජනවාරි 7 වැනිදා පස්වරු 5ට බත්තරමුල්ල වෝටර්ස් එජ් ශාලාවේ දී පැවැත්වීමට නියමිතය. වත්මන් භාණ්ඩාගාරික කිරාන් අතපත්තු මහතාත් මෙවර එම ධුරයට නිතරගයෙන් පත්ව සිටින අතර සෙසු තනතුරු සඳහා නාමයෝජනා රැසක් ඉදිරිපත්ව තිබෙන බැවින් එම තනතුරු පිරවීම සඳහා ඡුන්ද විමසුමකට යාමට සිදු වනු ඇතැයි ද වාර්තා වේ. සංගමයේ උප සභාපති ධුරය සඳහා දැනට එම ධුරය දරන ලසිත ගුණරත්න මහතා හා මොහාන් සමරකෝන් මහතා තරග වදිති. ප‍්‍රධාන ලේකම් ධුරය සඳහා දැනට යෝජනා දෙකක් ඉදිරිපත්ව තිබෙන අතර ඒ සඳහා තරග වදින්නේ වත්මන් ලේකම් ෂේන් දුහුල්ලෑව හා රිස්වි ඉල්ලියාස් යන මහත්වරුන්ය. සංගමයේ කාරක සභාව සඳහා සභිකයන් නව දෙනකු තෝරා ගැනෙන අතර ඒ සඳහා ද නාමයෝජනා 11ක් ඉදිරිපත්ව තිබේ. සියලූ පළාත් රග්බි සංගම් යෝජනා ස්ථිරත්වයෙන් අසංග සෙනවිරත්න මහතා හා කිරාන් අතපත්තු මහතා සභාපති ධුරය හා භාණ්ඩාගාරික ධුරය සඳහා යෝජනාවී තිබෙන අතර අතපත්තු මහතා වසර කීපයක් තිස්සේ රග්බි සංගමයේ සාමාජික ධුරය දරන අතර පැවැති රග්බි අතුරු කමිටුවේ ලේකම් ධුරය ද දැරීය. බස්නාහිර පළාත් රග්බි සංගමය නියෝජනය කරන නව සභාපතිවරයා ”සී.ආර්. සහ එෆ්.සී. කී‍්‍රඩා සමාජය නියෝජනය කරමින් රග්බි ක‍්‍රීඩකයකු ලෙස කටයුතු කළේය. සෙනවිරත්න මහතා ලබන ජනවාරි 3 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ උප සභාපති ධුරයකට ද නාමයෝජනා බාර දී තිබේ.
විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම
කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ ලංගම බසයක් කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේහයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් අට දෙනකු මියගොස් තවත් 37දෙනකු තුවාල ලබා ඇතැයි පො
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.
ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ ’’වන්දනම්’’ ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිත
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රග්බි සංගමයේ සභාපති ධූරයට අසංග නිතරගයෙන්