IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රග්බි විනිසුරුවරු ඉවත් වීමෙන් පාසල් තරග නවතී

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයක් වූ කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී පෙරේදා (01) පැවැති තරගයේදී පේ‍්‍රක්‍ෂකයන් පිරිසක් විනිසුරුවන්ට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් රග්බි විනිසුරුවරු පාසල් රග්බි තරග විනිශ්චයෙන් ඉවත් වූහ. මේ නිසා ඊයේ (02) පැවැත්වීමට නියමිතව තිබූ තරග අත්හිටුවීමටද පාසල් රග්බි සංගමයට සිදුවිය.

සුප‍්‍රසිද්ධ බ‍්‍රැඞ්බි තරගය විනිශ්චය කිරීම සඳහා දිවයිනට පැමිණි දකුණු අප‍්‍රිකානු ජාතික විනිසුරු ජොනතන් කප්ලන් මහතාද කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර බෝගම්බර පිටියේදී ඊයේ (02) පැවැත්වීමට නියමිත තිබූ තරගය විනිශ්චය කිරීමට සූදානමින් සිටි නමුත් ඒ මහතාද තරගයෙන් ඉවත් වී කොළඹට පැමිණියේය.

ශාන්ත ජෝශප් විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර සෙනසුරාදා පැවැති තරගය අවසන් වීමෙන් පසුව ප‍්‍රධාන විනිසුරු චරිත් කෝදාගොඩ සහ පැති විනිසුරුවකු ලෙස කටයුතු කළ ප‍්‍රදීප් ඉන්දික යන මහත්වරුන්ට බීමතින් සිටි පේ‍්‍රක්‍ෂකයන් පිරිසක් පහරදී තිබේ. කෙසේ වෙතත් ඇතැම් පේ‍්‍රක්‍ෂයන්ගේම  මැදිහත් වීම නිසා විනිසුරුවන්ට සිදුවීමට ඉඩ තිබූ අනතුරු වැළැක්වුණු බව ද සිද්ධිය දුටුවෝ පවසති.

තරගයෙන් ධර්මරාජ විදුහල ලකුණු 22.20 තියුණු ජයක් ලැබීය.
පළමු අර්ධය නිමා වන විට ලකුණු 15.15 ක් ලෙස සම තත්ත්වයෙන් පැවැති තරගය අවසන් වීමට ආසන්නයේ තිබියදී ශාන්ත ජෝශප් විදුහලට ලැබුණු දඩුවම් පහරක් අසාර්ථක විය. එය සාර්ථක වූයේ නම් ශාන්ත ජෝශප් විදුහලට ලකුණු 23.22 ක ජයක් හිමිවීමට ඉඩ තිබිණ.

කෙසේ වෙතත් මහනුවරින් පැමිණියේ යැයි කියන ඇතැම් පේ‍්‍රක්‍ෂකයන් තරගය ආරම්භයේ සිටම විනිසුරුට දොස් පැවරූ බවත් තරගය නියමිත කාලයට වැඩියෙන් පැවැත්වූයේ යැයි දොස් නගමින් තරගය අවසන් වීමෙන් පසු ක‍්‍රීඩාංගණයට පැන විනිසුරුවන්ට පහර දුන් බවත් ද සිද්ධිය වූ ස්ථානයේ සිටි අය පවසති. එහිදී පේ‍්‍රක්‍ෂකයන් ප‍්‍රකෝප කිරීමට අනුබල දුන්නේ යැයි පුහුණුකරුවකුට සහ කණ්ඩායම් බාර ආචාර්යවයකුට චෝදනා එල්ල වේ.
මෙම තරගයේ සත්කාරක පාසල ලෙස ශාන්ත ජෝශප් විදුහල කටයුතු කළ අතර මෙවැනි තරගයකට ප‍්‍රමාණවත් ආරක්‍ෂාව සැපයා නොතිබුණු බවට ද චෝදනා එල්ල වේ.

ආරක්‍ෂව පිළිබඳව කළ විමසුමකදී ශාන්ත ජෝශප් විදුහලේ ප‍්‍රකාශයකු පැවසුවේ තමන් උපරිම ආරක්‍ෂව යොදවා තිබූ බවත් තරගය ජය ලැබූ පාර්ශවයේ පේ‍්‍රක්‍ෂකයන් විනිසුරුට පහර දේවි යැයි තමන් නොසිතූ බවත්ය.
”පේ‍්‍රක්‍ෂකයන් 500 පමණ එකවර ක‍්‍රීඩාංගණයට කඩා පනී කියලා අපි හිතුවෙ නෑ”

”මේ පිරිස අපේ පියතුමන්ලාට පවා බාධා කළ නිසා පියතුමන්ලා වෙනත් ස්ථානයකට යෑවීමට සිදුවුණා. ඒ වගේම ප‍්‍රවේශපත් නොගෙන බලහත්කාරයෙන් ක‍්‍රීඩාංගණයට පැමිණ තිබුණා” යැයි ශාන්ත ජෝශප් විදුහලේ ප‍්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.

මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී මහනුවර ධර්මරාජ විදුහලේ විදුහල්පති එම්. එම්. කීර්තිරත්න මහතා පැවසුවේ මෙය ආරක්‍ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක් බවත් විනිසුරුවන්ට ආරක්‍ෂාව ලබාදීම සත්කාරක පාසලේ වගකීමක් බවත්ය.

”මහනුවරට පිට පළාත් පාසල් පැමිණි සෑම තරගයකදීම මම පෞද්ගලිකව ආරක්‍ෂාව පිළිබඳ සොයා බලා උපරීමෙන් කටයුතු කළ බව ඒ පාසල් දන්නවා. මගේ පාසලේ ක‍්‍රීඩකයකු හෝ නිලධාරියකු මේ කිසිම දෙයකට සම්බන්ධ නෑ. වෙනත් පිරිසක් කළේ යැයි කියන පහරදීමකට මට වගකීමක් ගන්න බෑ” යැයිද විදුහල්පති කීර්තිරත්න මහතා වැඩි දුරටත් පැවසීය.       

‘ලංකාදීප’යට අදහස් දැක්වූ පාසල් රග්බි සංගමයේ උසස් නිලධාරියකු පැවසුවේ මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් බවත් තරග කල්දැමීමෙන් නිසි වේලාවට තරගාවලිය අවසන් කිරීමේ අවස්ථාව අහිමි වන බවත්ය.
”විනිසුරුවරුන්ගේ සංගමය පාසල් තරගවලින් ඉවත් වෙන්න තීරණය කර තිබෙනවා. මෙම සිද්ධිය පිළිබඳව වාර්තාවක් මේ දක්වා අපිට ලැබී නෑ. වාර්තාව ලැබුණු වහාම පරීක්‍ෂණ කටයුතු ආරම්භ කරනවා’‘ යැයිද පාසල් රග්බි සංගමයේ නිලධාරියා වැඩි දුරටත් පැවසීය.



අදහස් (0)

රග්බි විනිසුරුවරු ඉවත් වීමෙන් පාසල් තරග නවතී

ප්‍රභාත් Tuesday, 04 June 2013 08:02 PM

විනිසුරු වරු අයින් නොවී ඉදිද මේ වෙන වැඩ දැක දැක (දී)

:       0       0

වරුණ Sunday, 02 June 2013 04:04 PM

මම අවුරුදු 20 පමණ සිට රග්බි තරග නරඹනවා. බොහොමයක් රග්බි ලෝලියෝ මේ ගැන හොදට දන්නවා. මේ විනිසුරුවරුන් නිසා තමා බොහෝ විට ප්‍රශ්න ඇතිවෙන්නේ.මම රග්බි ගැන හොද අවබෝදයක් තියන අයෙක්. (නි)

:       0       0

රමේෂ් Sunday, 02 June 2013 04:24 PM

රටකට නීතියක් නැති උනාම ඔහොම තමයි..(දී)

:       0       0

ජයම්පති Sunday, 02 June 2013 05:45 PM

තරගයක ජය පරාජය විඳ දරාගන්න බැරි ටික දෙනෙක් නිසා හැම දෙනෙකුටම අපහසුතාවයට පත්වෙලා. මේ අයට දඩුවමක් දිය යුතුයි නේද?(නදී)

:       0       0

ප්‍රසන්න Sunday, 02 June 2013 06:42 PM

සාමාන්‍ය ජනතාවට ආදර්ශයක් විය යුතු අය වැරදි ආදර්ශ දෙනකොට ඔයවගේ දේවල් සිද්ද වෙනවා. කකුළුවා අදට ගිහිල්ලා පැටවුන්ට කෙලින් යන්න කියනවා වගේ.(නදී)

:       0       0

බණ්ඩාර Monday, 03 June 2013 03:43 PM

ඒ විනිසුරු වරු ගත්ත තීරණය හරි (දී)

:       0       0

සම්පත් Sunday, 02 June 2013 10:37 PM

රටකට නීතියක් තියෙන්නේ මෙවන් ප්‍රශ්න විසදන්න තමයි (දී)

:       0       0

රහල් Sunday, 02 June 2013 11:21 PM

ආදර්ශයක් විය යුතු විනිසුරුවරු වැරදි ආදර්ශ දෙනකොට ඔයවගේ දේවල් සිද්ධ වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site