‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2013’ සත් සාමාජික රග්බි තරගාවලියේ ක‍්‍රීඩක වෙන්දේසියේදී උතුරු මැද ටයිෆූන්ස් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන ශ්‍රී ලංකා යොවුන් රග්බි කණ්ඩායමේ නායක සඳුන් හේරත් ලක්‍ෂ 21 කට මිලදී ගෙන තිබේ. මෙම ක‍්‍රීඩක වෙන්දේසියේදී ක‍්‍රීඩකයකු තක්සේරු කරන ලද ඉහළම මුදල මෙයයි.
මෙම ක‍්‍රීඩක වෙන්දේසිය කොළඹ පිහිටි ලක්‍ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබදතා පුහුණු ආයතනයේදී පසුගියදා පැවැත්විණි.
කී‍්‍රඩක වෙන්දේසියේ දෙවැනි ඉහළතම ඉල්ලූමට හිමිකම් කී නුවන් හෙට්ටිආරච්චි රුපියල් 1,950,000 කට අළෙවි විය. වයඹ බ්ලැක්ස් පිල මොහොමඞ් ෆෙරීෆ් විසින්ද, උතුරු මැද ටයිෆූන්ස් පිල රොෂාන් වීරරත්න විසින්ද, දෙමින් වෙන්කර ගන්නා ලදහ.
මෙම කී‍්‍රඩක වෙන්දේසියේදී කණ්ඩායම් 10 කට ක‍්‍රීඩකයන් 15 දෙනා බැගින් ක‍්‍රීඩකයන් 150 දෙනකු වෙන්කරගන්නා ලදි. එහිදී ක‍්‍රීඩකයන් 22 දෙනකුට රුපියල් මිලියනයක හෝ ඊට වැඩි වටිනාකමක් හිමිවිය.
මීට පෙර පැවැති නායකයන් වෙන්දේසියේදී ශ්‍රී ලංකා රග්බි පිලේ නායක යෝෂිත රාජපක්‍ෂ රුපියල් මිලියන 11 කට හෙවත් රුපියල් ලක්‍ෂ 110 කට බස්නාහිර වෝරියර්ස් පිල විසින් මිලදී ගන්නා ලදි.
විදේශිය ක‍්‍රීඩකයන් 40 ක් පමණ සහභාගි වන මෙවර තරගාවලියේ පළමු අදියර ලබන ජූලි මස 27 සහ 28 ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැළසුම්කර තිබේ. එහි දෙවැනි අදියර අගෝස්තු මස 4 සහ 5 දෙදින නවීකරණ කළ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
243
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
177
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
984
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රග්බි කී‍්‍රඩක සඳුන් හේරත්ට ලක්‍ෂ 21 ක්